( තිළිණි ද සිල්වා)
සංචාරකයින් සඳහා පවතින කොවිඩ් මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරන්නැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
මේ දිනවල සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහත්වරුන් සමග රුසියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්ව සිටින අතරවාරයේදී පෙරේදා (07) ඇය මෙම ලිපිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවා ඇත.
පූර්ණ එන්නත ලබා දුන් ගුවන් සේවකයින් සඳහා අනිවාර්ය පුද්ගලික ආරක්‍ෂක උපකරණ පිළිපැදිය යුතු බවට කළ උපදෙස ඉවත් කිරීම ,සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී ඇති මගීන් සඳහා ගුවන් යානයට ගොඩ වීමට පැය 72 කට පෙර පීසීආර් පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කිරීම ,යුරෝපා සංගම් රෙගුලාසි වලට අනුකූලව වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා වන පී.සී.ආර් පරීක්ෂණ ඉවත් කිරීම යන කාරණා ලිහිල් කරන්නැයි ලෙස ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි සිය ලිපිය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින්නීය.
තවද සංචාරක මගීන් සඳහා ගුවන් තොටුපලේදී සිදු කරන පරීක්‍ෂණ වේගවත් කිරීමට සඳහා අවසර ලබා දෙන ලෙසද ඇය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියන්ගේ නාමෙන් කියන්නේ අදාළ ප්‍රවීන දොස්තරලාගේ සියලු උපදෙස් ලබාගෙන පොඩි වරදක්වත් නොවෙන්න ඔය වැඩේ කරනවානම් කරන්න. හැමදාම රට වහලා තියල තියල ඇරිය ගමන් ඔන්න කවුරුහරි ලෙඩ සංචාරකයෝ ටිකක් කොහෙන් හරි මේ රටට රිංගවා ගන්නවා ඉතින් ආයෙත් රවුමේ මුලටම යනවා.
සුවසේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට උපදෙස් දීමට තරම් හැකියාවක් දොස්තර කෙනෙක් නොවුන සංචාරක මණ්ඩලයේ සභාපති වරියට ලැබුනේ කෙසේද කොරෝනා කමිටුවෙන් දොස්තරලා ඉවත්වුනේ මෙවැනි ක්‍රියාවන් නිසාද නොදන්නා නිසා අහන්නෙ දන්න කෙනෙක් පහදන්න
සංචරණයන් සඳහා වර්තමානයේ පනවා ඇති නීති රෙගුලාසි රටේ පවතින තත්වය මත වෙනස් නොකළ යුතු බව මගේ අදහසයි.
අර එන්නත්වලටත් බලපෑම් කරන දකුණු අප්‍රිකානු සැර ප්‍රබේදය ගෙන්නල දෙන්න බැරිද... අපි බලන් ඉන්නෙ එනකල්..
හදිසි නීති පනවපු අවස්ථාවේ සංචාරකයෝ කොහොමත් එන්න කැමති නැහැ. තව ටිකක් ඉවසල යුරෝපේ සංචාරකයෝ පැමිණෙන නොවැම්බර් මාසේ අග සිට පටන්ගමු. දැන් ඕක ඇරියොත් ඉන්දියාවේ සහ අප්‍රිකා රටවල සංචාරකයෝ මෙහෙට ඇවිත් අපට අලුත් ප්‍රභේද බෝ කරලා යාවි
ඉල්ලන් කන්නේ නැතිව රට ඇතුලේ විතරක් දේවල් තියාගන්න ටිකක් හරි යනකල් නැතිනම් වෙන්නේ අරිනවා. වහනවා අරිනවා. සංචාරක කර්මාන්තයෙන් පාඩුවක් වෙනවා උනාට රටක් විදියට ගත්තම වාසියක්