IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සංචාරකයා මළේ කැපුම් තුවාලවලින්

තංගල්ල මැඩිල්ලේදි  බ්‍රිතාන්‍ය වැසියකු ඝාතයන කැර ඇත්තේ වෙඩි තැබීමෙන් නොව තියුණු අවියකින් කැපීමෙන් වු තුවාල වලින් යැයි මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි දොස්තර එච් .කේ. කේ විජේවීර කියයි හිසේ ද වෙඩි පහරක් ඇතත් එය ටී 56 උණ්ඩයකින් සිදුවිය නොහැකි බව ද වෛද්‍යවරයාගේ වාර්තාවේ දැක්වේ සිද්ධිය වු ස්ථානයේ  ටි 56 උණ්ඩ වැටි තිබුණ ද විදේශිකයාට වෙඩි තැබීමට වෙනත් අවියක් පාවිච්චි කරන්නට ඇතැයි සැකයක් ද පවති. ඝාතකයන් හදුනාගෙන ඇති බවත් ඔවුන් පැමිණි වාහනයක් සහ එහි හිමිකරු විතාරන්දෙනියේ දී අත් අඩංගුවට  ගත් බවත් පොලිසිය කියයි මේ ඝාතනයෙන් පසු එහි සිටි සංචාරකයෝ ඉවත්ව ගියහ



අදහස් (0)

සංචාරකයා මළේ කැපුම් තුවාලවලින්

ද සිල්වා Sunday, 25 December 2011 08:46 PM

මේ අය රටේ නම කැත කරනවා. සංචාරකයන්ට පාහර දීමට විරුද්ධව දැඩි දඩුවම් දිය යුතුයි

:       0       0

සුදත් Sunday, 25 December 2011 09:04 PM

මීට වගකිව යුතු අයට උපරිම දඬුවම් ලබා දිය යුතුයි.

:       0       0

කපිල Sunday, 25 December 2011 09:17 PM

මේ අපරාධය කරපු අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙන්න ඕන. අපරාධය යට ගහන්න දෙන්න එපා.

:       0       0

ජයලත් Sunday, 25 December 2011 09:48 PM

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න උනන්දු වුණාට වැඩක් වෙයිද මේ වගේ දේවල් වෙද්දි?

:       0       0

ජයලත් Sunday, 25 December 2011 09:50 PM

සංචාරක ව්‍යපාරය දියුණු කරන්න උනන්දු වුණාට වැඩක් වෙයිද මේ වගේ චේවල් වෙද්දි?

:       0       0

රන්ජිත් Sunday, 25 December 2011 10:07 PM

අපේ රටේ කීර්තිනාමයට මේ කැළල කරපු අයවලුන් මොන තරම් දේශපාලන බලපුලුවන්කාරයෝ උනත් දැඩි දඩුවම් දෙන්න ඕන. කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ

:       0       0

නිසාර් - කුවේට් Sunday, 25 December 2011 11:01 PM

අපේ රටට ආසාවෙන් එන සංචාරකයන්ට මේක ම්ලේච්ඡ ප්‍රහාරයක්.

:       0       0

ප්‍රියන්ත Monday, 26 December 2011 01:57 AM

සංචාරකයන් එන එකත් නවත්වයි

:       0       0

කුමාර සිරිවර්ධන Monday, 26 December 2011 02:16 AM

සංචාරකයො රටට එයිද හේවගේ වැඩ නිසා. මෙහෙම කොහොමද ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන්නේ?

:       0       0

ජී එච් ශ්‍රීමාල් - ඩුබායි Monday, 26 December 2011 02:15 AM

ආගන්තුක සත්කාරය කියන්නේ මේකටද?

:       0       0

සදුන් කුමාර Monday, 26 December 2011 04:03 AM

මේ වැඩවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට එයිද? මෙහෙම ගියොත් රට දියුණු කරන්න හම්බ වෙන්නේ නෑ.

:       0       0

හීං බන්ඩා Monday, 26 December 2011 07:50 AM

ටී 56 කොහෙන්ද?

:       0       0

ajera Monday, 26 December 2011 08:08 AM

මෙහෙම දේශපාලනඥයො නිසා සංචාරක කර්මාන්තය ඉවරයි.

:       0       0

ajera Monday, 26 December 2011 08:06 AM

මෙ දේශපාලනඥයො නිසා සංචාරක කර්මාන්තේ ඉවරයි.

:       0       0

රංග ශානි Monday, 26 December 2011 08:59 AM

මොනවද මේ කරන වැඩ? ලංකාවට සංචාරකයො එන එක නැතිව යනවා.

:       0       0

කීර්ති Monday, 26 December 2011 09:04 AM

ජනපතිතුමණි, මෙවැනි අය කරන වැඩ නිසා ඔබතුමාටත් හොද නෑ.

:       0       0

දිලන්ත Monday, 26 December 2011 09:34 AM

මෙය මහ අපරාධයක්, මහ කැත වැඩක්. පොලීසිය නිදාගනද ඉන්නේ? පිටරැටියන් මේ විදියට මරා දැමීම මොන තරම් පහත් වැඩක්ද? කඩිනමින් නිසි පියවර ගන්නැයි ජනාධිපතිතුමාට අපි කියනවා.

:       0       0

රංග Monday, 26 December 2011 10:24 AM

සංචාරක ව්‍යාපාරය ඉවරයි?

:       0       0

ශාන්ත Monday, 26 December 2011 10:34 AM

ඔවුහු මිනිස්සුද සත්තුද? නිසි පාලනයක් නැති බවයි පේන්නේ?

:       0       0

සූරියආරච්චි Monday, 26 December 2011 10:53 AM

ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් කාම උමතුවකින් සහ පීඩනයකින් පෙළෙන බව දිනපතා දක්නට ලැබෙන ප්‍රවෘත්ති වලින් පැහැදිලි වේ. අන්තර්ජාලය රූපවාහිනය ආදිය ඔස්සේ කාමුකත්වය ඇතිකරන ලබන දෑ නිතර නිතර දැකබලා ගත හැකිවීමෙන් ඇවිස්සී යන කාමය තෘප්ත කර ගැන්මට උත්සාහ දැරීමේ දී නොයෙක් රාමූන්ට කොටු වීමෙන් එය කාමපීඩනයක් බවට පත් ව ඇත. එම පීඩනය මෙසේ පුපුරා යෑම අද්භූත දෙයක් නොවේ. එය සිදු වන අයුරු දිනපතා අසන්නට ලැබෙන කාන්තා හිංසන ළමා අපචාර ආදියෙන් මොනවට පැහැදිලි වන කරුණකි. පසුගිය දිනෙක විදේශීක කාන්තාවකට අතවර කරන්නට තැත් කිරීමත්, දැන් මෙම සිදුවීමේ මූලයත් බැලූ විට විදේශීය කාන්තාවන් පවා මෙම කාමපීඩනයේ ගොදුරු බවට පත්වීම ඇරඹී ඇති බව පැහැදිලි ය. මේ තත්වයට වහ වහා පිළියම් කරන්නට වගකිවයුත්තන් කටයුතු නො කරන්නේ නම් නියත වශයෙන් ම ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩ ගත නො හැකි මට්ටමට ම විනාශ වී යනු ඇත. එසේ ම ශ්‍රී ලංකාව පිළිබද සංචාරකයන් තුළ ගොඩ නැගී ඇති යහපත් ප්‍රතිරූපය මුලුමණින් ම බිද වැටෙනු ඇත. මෙය සමස්ථ ලාංකීය ජනතාව ගේ අභාග්‍යයකි.

:       0       0

thu Monday, 26 December 2011 11:18 AM

මේ වගේ අය නිසා අපේ රටේ නම කැතවෙනවා.

:       0       0

තිලකරත්න Saturday, 31 December 2011 10:27 AM

මේවගේ දේවල් වෙන්න තවත් ඉඩ දෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site