මින්නේරිය වැවේ පෝෂණ ගංගාවක් වන කිරිඔයෙන් එගොඩ වී අලි බලන්නට ගිය වනජිවී නිලධරයන් දෙදෙනකු ඇතුළු සංචාරකයන් 25 දෙනකු හදිසියේ ඇද හැලුණු මහා වැස්සටත්, අලින්ටත් කොටු වී ඇතැයි වනජිවි නිළධරයෝ කියති. ඇඳිරි වැටීමත් සමග ඇති වූ වැස්සෙන් කිරිඔයේ ජලමට්ටම ඉහළ යෑම නිසා ඔවුන් ගමන් ගත් ජීප් රථ මෙගොඩට ගැනීමට නොහැකි වී ඇතැයි ද අලින් ද ඒ අසල ගැවෙසෙන බව කියයි. මොවුන් අතර විදේශිකයෝ 16 දෙනෙක් සිටිති. ඔවුන් හෙළිකොප්ටර් මගින් මෙගොඩට රැගෙන ඒමට නොහැකිවී ඇත. ඊට හේතුව අයහපත් කාලගුණය බවත් නිළධරයෝ කියති. මාස කිහිපයක් තිස්සේ පැවැති නියඟය නිසා මින්නේරි වැව දිය කඩිත්තක් වී තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සෙ වතුර ගඟට ඇවිත් පුරවයි නම් සිඳුණු වැවත් අලි බැලීම කෙසේ වෙතත් වැස්සෙන් වුන දේ යහපත්... (නි)
සිදුවූ ප්‍රමාද දෝෂය ගැන බලවත් කණගාටුව! (නි)
වහින්න ඕන වැව් උතුරන්න (ස)
හැමදා නියං එකදා වැහි වළාවේ.... (නි)
දෙපැත්ත කැපෙන වචන වලින් අපේ වීර හමුදාවට අගෞරව වෙනවා (ස)
හැමදා නියං එකදා වැහි වළාවේ කියන්නේ ඕකට තමයි. (නි)
අනේ මමත් හිටියනම් ඒ ජීප් එකේ.... හෙලිකොප්ටර් එකේ රවුමක් දාන්නත් තිබ්බා නිකම්ම. (නි)
දකුණට සිග්නල් දාලා වමට හැරිලා දිවුවා නම් බේරෙන්න තිබුණා. (නි)
ප්‍රමාදය පසුතැවිල්ලට මුල කියන්න ඉඩ නොතියා, මින්නේරියේ හමුදා කදවුරට වැඩේ බාරදෙන්න. එයාලට ඕකත් මහා කජ්ජක්ද? එයාලා අලිටිකත් බේරලා කට්ටියත් ගානට බේරාගනීවි. (නි)
අලි ටික බේරා ගන්න විදියක් කල්පනා කරන්න මේ අයගෙන්. (නි)
අවුලක් නැහැ.මරු ෆන් එකක් අරගෙන් කට්ටිය එයි හෙට උදේට. (නි)
නිවක හමුදාව හරි යවලා සංචාරකයින් බේරාගත්තාට ස්තූතියි. (නි)
අනේ ඔය අලීන්ට කොටු වුණ සංචාරකයින්ට වඩා අපිට වැස්ස වටිනවා . ඒ අය යාවි අපිනේ දුක් විදින්න ඕනි, තව වහින්න (ස)
මෙවැනි දේකට මුහුණ දුන් කෙනෙකුට තමයි එහි ඇති භයංකාරත්වය තේරුම්ගන්නට පුලුවන් වෙන්නේ. (නි)
වාසනාවේ වැහැවළාව රජරටට. අහන්නත් සතුටුයි. (නි)
මාර වැඩේ... (නි)
හොදයි හොදයි. (නි)
මොකෝ මේ? කුඩයක් ගෙනියන්න අමතක වෙලාද? (නි)