IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරකයෝ පිරිසක් අලින්ටත්, වැස්සටත් කොටු වෙති

මින්නේරිය වැවේ පෝෂණ ගංගාවක් වන කිරිඔයෙන් එගොඩ වී අලි බලන්නට ගිය වනජිවී නිලධරයන් දෙදෙනකු ඇතුළු සංචාරකයන් 25 දෙනකු හදිසියේ ඇද හැලුණු මහා වැස්සටත්, අලින්ටත් කොටු වී ඇතැයි වනජිවි නිළධරයෝ කියති. ඇඳිරි වැටීමත් සමග ඇති වූ වැස්සෙන් කිරිඔයේ ජලමට්ටම ඉහළ යෑම නිසා ඔවුන් ගමන් ගත් ජීප් රථ මෙගොඩට ගැනීමට නොහැකි වී ඇතැයි  ද අලින් ද ඒ අසල ගැවෙසෙන බව කියයි. මොවුන් අතර විදේශිකයෝ 16 දෙනෙක් සිටිති. ඔවුන් හෙළිකොප්ටර් මගින් මෙගොඩට රැගෙන ඒමට නොහැකිවී ඇත. ඊට හේතුව අයහපත් කාලගුණය බවත් නිළධරයෝ කියති.  මාස කිහිපයක් තිස්සේ පැවැති නියඟය නිසා මින්නේරි වැව දිය කඩිත්තක් වී තිබිණි.



අදහස් (0)

සංචාරකයෝ පිරිසක් අලින්ටත්, වැස්සටත් කොටු වෙති

චානක Thursday, 11 October 2012 06:58 AM

හැමදා නියං එකදා වැහි වළාවේ කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 11 October 2012 07:40 AM

දෙපැත්ත කැපෙන වචන වලින් අ‍පේ වීර හමුදාවට අගෞරව වෙනවා (ස)

:       0       0

වරුණ Thursday, 11 October 2012 07:57 AM

හැමදා නියං එකදා වැහි වළාවේ.... (නි)

:       0       0

සම්පත් Thursday, 11 October 2012 09:22 AM

වහින්න ඕන වැව් උතුරන්න (ස)

:       0       0

රසික Wednesday, 10 October 2012 09:13 PM

අලි ටික බේරා ගන්න විදියක් කල්පනා කරන්න මේ අයගෙන්. (නි)

:       0       0

පිටිගල Wednesday, 10 October 2012 10:31 PM

මොකෝ මේ? කුඩයක් ‍ගෙනියන්න අමතක වෙලාද? (නි)

:       0       0

නදී Friday, 12 October 2012 06:20 PM

සිදුවූ ප්‍රමාද දෝෂය ගැන බලවත් කණගාටුව! (නි)

:       0       0

ජයසූරිය Wednesday, 10 October 2012 10:54 PM

හොදයි හොදයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 October 2012 11:40 PM

මාර වැඩේ... (නි)

:       0       0

සේනානායක Wednesday, 10 October 2012 11:52 PM

වාසනාවේ වැහැවළාව රජරටට. අහන්නත් සතුටුයි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 11 October 2012 12:14 AM

මෙවැනි දේකට මුහුණ දුන් කෙනෙකුට තමයි එහි ඇති භයංකාරත්වය තේරුම්ගන්නට පුලුවන් වෙන්නේ. (නි)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 12:18 AM

අනේ ඔය අලීන්ට කොටු වුණ සංචාරකයින්ට වඩා අපිට වැස්ස වටිනවා . ඒ අය යාවි අපිනේ දුක් විදින්න ඕනි, තව වහින්න (ස)

:       0       0

ඇරිස් Thursday, 11 October 2012 12:39 AM

නිවක හමුදාව ‍හරි යවලා සංචාරකයින් බේරාගත්තාට ස්තූතියි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 11 October 2012 01:04 AM

අවුලක් නැහැ.මරු ෆන් එකක් අරගෙන් කට්ටිය එයි හෙට උදේට. (නි)

:       0       0

ජයී තිසර Thursday, 11 October 2012 02:22 AM

වැස්සෙ වතුර ගඟට ඇවිත් පුරවයි නම් සිඳුණු වැවත් අලි බැලීම කෙසේ වෙතත් වැස්සෙන් වුන දේ යහපත්... (නි)

:       0       0

සනත් Thursday, 11 October 2012 03:59 AM

ප්‍රමාදය පසුතැවිල්ලට මුල කියන්න ඉඩ නොතියා, මින්නේරියේ හමුදා කදවුරට වැඩේ බාරදෙන්න. එයාලට ඕකත් මහා කජ්ජක්ද? එයාලා අලිටිකත් බේරලා කට්ටියත් ගානට බේරාගනීවි. (නි)

:       0       0

මැක්ස් Thursday, 11 October 2012 04:27 AM

දකුණට සිග්නල් දාලා වමට හැරිලා දිවුවා නම් බේරෙන්න තිබුණා. (නි)

:       0       0

ජනක Thursday, 11 October 2012 04:26 AM

අනේ මමත් හිටියනම් ඒ ජීප් එකේ.... හෙලිකොප්ටර් එකේ රවුමක් දාන්නත් තිබ්බා නිකම්ම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site