තවත් එම්.අයි 171 හෙළිකොප්ටර් 14ක් සපයන ලෙස ශ්‍රී ලංකාව මේ මාසය මැද දී ඇනැවුම් කළ බව රුසියාවේ රොසෝබොරොන්එක්ස්පෝර්ට් සමාගම නිවේදනය කරයි. ඇමෙරිකා ඩොලර් තිස් කෝටියක් දස අවුරුදු ණයක් යටතේ මේ හෙළිකොප්ටර මිලට ගනියි. සංචාරක කටයුතු වෙනුවෙන් මේ හෙළිකොප්ටර් මිලට ගන්න බව ගුවන් හමුදා ප්‍රකාශක බළගණ නායක ඇන්ඩ්රූ විජේසූරිය රොයිටර් සමග කියා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙළිටුවර්ස් නමින් සංචාරක සේවයක් පවත්වයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අයට මොනවා කරත් වැරදියි...... (ස)
ඕව ගත්ත සල්ලි වලට නය ගෙවන්නේ අපි (දී)
@ රොෂාන් කොඩිකාර... අනේ මන්දා ඉතින් මේ වගේ කතා...කෆීර් එකකින් කොහොමද රොශාන් යාපනේ බලන්න යන්නේ... කෆීර් එකක යන්න පුලුවන් නියමුවාට විතරයි...එහෙනම් ගුවන් යාන පුහුනු පාසලක් ආරම්භ කරලා සංචාරකයොන්ට මුලින් කෆීර් පදින්න උගන්වලා ඊ ලගට කෆීර් එකක් දීල කියන්න ඕන යාපනේ බලල එන්න කියලා.තව යාපනේ ගුවන් පතයකුත් හදන්න වෙයි... අනේ මන්දා හිනා වෙලා මැරෙන්න වෙයිද කියල....
අපේ රටට අත්‍යාවශ්‍ය දේවල් තව කොපමණ නම් තියෙනවාද?(නු)
යුද්දෙට නැත්නම් සංචාරක ව්‍යාපාරයට...... මේක හොද වැඩක්. (නි)
මොනවා කරන්නද (දී)
මට නම් මේවා ගැන එච්චර තේරුමක් නැහැ.හැබැයි අපේ සුජිත් ආචාර්යතුමාට නම් තේරෙනවා ඇති. (නි)
සතුටුයි. අපේ රටනේ දියුණු වෙන්නේ (දී)
ලංකාවට එන සංචාරකයෝ හෙලිකොප්ටර් තියා කාර් එකකවත් යන්නවත් කැමති නැහැ.. මීටර් ටැක්සිවල තමයි යන්නෙ.. ඔවුන් ලංකාවට එන්නෙ වියදම් අඩු නිසයි..(නු)
ණය පෙඑරට රට දෙකට (නු)
මේවට උපදෙස් දෙන අයට බ්‍රේන් වොෂ් එකක් දා ගන්න වෙයි...... (ස)
UAE කොල්ලන්ගෙ කතාවට 100% එකගයි. අපිට කවදා ලංකාවට යන්න වෙයිද දන්නෙ නෑ. මෙහෙම වෑඩ කරනකොට ආශ්චර්යය තමයි ඉතින් මේ. තව ඉස්සරහට උපදින්න ඉන්න පරම්පරා ගානකටත් එක්කම ණය වෙනවා. මේව තමයි අපරාධ...........ඒ ළමයි ශාප කරයි මේවට... (නි)
රට දියුණු වෙනවද අගාදයට යනවද කියල හිත ගන්න බැහැ (දී)
ලෝකෙම ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ඇයි මේ අපේ රටේ විතරක් අමුතු පාරවල්, නෑව් දාන්න බෑරි වරායවල්, සුඛෝපභෝගී රංග ශාලා, මිනිස්සු යන්නෙ නෑති කෝච්චි, විදුලිය නිශ්පාදනය නොකරන විදුලි බලාගාර, රග්බි පාපන්දු , විදේශ නළු නිලියො,කාර් රේස් දෑන් ආයෙත් හෙලිකොප්ටර්.... මේ එකක්වත් රටේ සල්ලි වලින්ද? අපේ රටේ මිනිස්සුන්ට මේව දෑන්ම තේරෙන එකක් නෑ. මේකද රටක සංවර්ධනය? තව ණය වෙන්න.එතකොට තව හොදයි. රට ඉවරයි. ඔහොම ගියොත් රට පෙරටම යයි. (නි)
මෙයාලට හිටපු තෑන් අමතක වෙලා අපිට ඉන්න හිටින්න තෑනුත් නෑති කරල ඉවරයි වගේ. (නි)
මහත්වරුනේ, හැමදේම අසුභ විදියට බලන්න එපා. වියදමක් නොකර ආදායමක් ගන්නේ කොහොමද? ලැබෙන ආදායමෙන් ඕක ගෙවලා දාවි. (නි)
අපි රට ඉදන් සල්ලි එවන්නම්කො, ඔයාල තව ණය වෙන්නකො. අයියෝ අපේ සල්ලි !!! (නි)
මෝඩ වැඩ (දී)
හරිම මෝඩයි. (නි)
එහෙමවත් කරලා ගොඩ ආවොත් නම් හොදයි. (නි)
රටේ ජීවන වියදම අහස උසට. කවුද කියන්නේ රටේ සල්ලි නැහැ කියලා? ඔය තියෙන්නේ ඕනේ තරම්........ (නි)
මතුගම ඩිපෝ එකට දීපු බස් වලින් අඩු වෙච්ච බස් දෙක අපට දෙන්න බැරිද? හෙලිකොප්ටර් ඕනේ නැහැ. (නි)
හැම දෙයම නරක විදියට බලන්න එපා. පොඩ්ඩක් සුභවාදීව බලන්න.. එතකොට තමයි රටක් දියුණු වෙන්නෙ..(නු)
සන්තෝසයි. ලංකාවේ දියුණුවට ඕව හොද වැඩ (දී)
අපිට යන්න බැරි වෙයි. අස්ප ගණන් ඉල්ලයි (දී)
මේ වගේ දේවල් කරන එක හොදයි. ඒ ප්‍රතිලාබ මහජනතාවටත් බෙදී යනවා තමයි හොද පෞද්ගලික ව්‍යාපාරයක් වගේ නොවී...... (නි)
සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අඩුවෙලා තියෙන එකම දෙය තමයි හෙලිකොප්ටර්.... (නි)
සල්ලි ඇති අය උඩින් යයි.නැති අපි හැමදාමත් බිමම තමයි. (නි)
අලුත් රුසියානු එම්.අයි 17 යානානත සිග ඇමරිකානු ඩොලර් 10.1යි.. ඉතිරි මිලියන 3තට මොකද උනේ..?(නු)
ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරුණා කියලා මම නම් කවදාවත්ම අහලා නැහැ. (නි)
ඔය වගේ වැඩ කරන්න එපා. මොකද ඕකෙන් වෙන්නේ තවත් බදු මිල ඉහල යන එක. සුද්දන්ට උඩින් යන්න අපි බද ගින්නේ ඉන්න ඕනෙද (දී)
ඩොලර් කෝටි 30ක්.... ගණුදෙණුව ඉතාම පැහැදිලියි. එළකිරි වගේ. (නි)
ශ්රී ලංකාවේ ආරක්ෂාවටත් හොදයි. ඒ වගේම සංචාරකයින්ගේ ආරක්ෂාවටත් හොදයි. තමන්ගේ මව්බිමට අවංකව සේවය කරලා මැරිලා යන එකත් සැපයි, නිකන් කාලය ගත කර කර බහු බුත කර කර ඉන්නවට වඩා. (නි)
මට අංක ගණිතය වැඩිය බැහැ. නමුත් මගේ ගණනය කිරීම අනුව 14 ම මිල ඇ ඩො මිලියන 300. ඒ කියන්නේ රුපියල් මිලියන 40,500. ඒ අනුව එකක් රුපියල් මිලියන 2900 විතර. අවුරුදු 10 ක් තුල සේවක වැටුප්, ඉන්දන වියදම්, අලුත්වැඩියා නොසලකා හැර, හැම දාම වැඩකර පොලී නැතුව ගත් මුදල පමණක් ගෙව්වොත් දිනකට රුපියල් 792,000 ගෙවන්න ඕනේ. ලංකාවේ ජනතාව සහ සංචාරකයින් තුල මේ සඳහා ඇති දැඩි උනන්දුව නිසා දිනපතා ඔය මුදල හොයන එක සුළු දෙයක්. අනිත් එක අවුරුදු 10 අවසානේ ගත්ත ගානට වැඩ වැඩියෙන් විකුනන්නත් පුළුවන් වේවි. කදිම ආයෝජනයක් . අපි මේ වගේ දේවල් කලින් නොකළේ මොකද ? මේ වගේ ව්‍යාපාර කීපයක් කලොත් ලංකාවේ ආර්ථිකය ඉක්මනින් දියුණු කරන්න පුළුවන් .(වි)
තිස්ස මඩවල, එම් අයි 171 කියන්නේ මොනවද? අපි නම් අහල තියෙන්නේ 17 කියල. රුසියාවේවත් 171 කියල හෙලිකොප්ටෙර් එකක් නොමැත. තිබේ නම් කරුණාකර දැනුම්දෙන්න LOL :) (නි)
රටේ ජනතාව ඇත්තටම කවුරුන් කියලාද හිතාගෙන ඉන්නෙ..??(නු)
ෂා... අළුත් හෙලිකොප්ටර්... දුප්පත් අපිට කියන්න වචන නැහැ. (නි)
මෙතන මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. (නි)
මේකෙන් පේන දේ තමයි ගුවන් හමුදාවට දැන් තියෙන දේ සංචාරකයන් ගෙනියන එකයි. යුද්ධයක් දැන් නැහැ නේ. ඉතින් මේ වගේම ආමි එකටත් හොඳයි බස් සේවයක් නැත්නම් බඩු ප්‍රවාහන සේවයක් පටන් ගන්න එක. නාවික හමුදාව දැනටමත් සංචාරකයන් ගෙනියනවානේ තල්මසුන් බලන්න.සංචාරක බිස්නස් කරන එකම හමුදාව ඉන්නේ, මම හිතන්නේ ලංකාවේ. (නි)
අඩුමගානේ අලුත් ඒවා හරි ගත්තනම් කමක් නෑ කියන්න පුළුවන්. ණය වෙලා ගන්න හදන්නේ අවුරුදු 25කටත් වඩා පැරණි එම් 17 ද්? (ත)
'සී ප්ලේන් සමග හෙලි ටුවර්ස්' මෙච්චරයි දැන් අඩු අපිට. (නි)
අයියෝ ඇයි අපිට මෙහෙම කරන්නේ? (නි)
නරකද ඕවා ගන්න එක පොඩ්ඩක් කල් දාලා බඩු මිළ ටිකක් අඩු කරන්න පියවර ගත්තා නම්..?? (නි)
නයට ගත්තත් පාඩුනේ ලබන්නේ . (දී)
@අවුසී, එම් අයි 171 කියන්නෙ MI17 ම අළුත් මොඩල් හෙලිකොප්ටර් වලට ... (නි)
සහන්, නියමුවන් දෙන්නකුට යන්න පුලුවන් කෆීර් තියෙනවා. මම කිවුවේ එහෙම යානාවක එක නියමුවෙක් ගිහින් අනෙක් නියමුවා වෙනුවට සංචාරකයකු අරන් යන්න කියලයි. (නි)
මේ එකක් ඩොලර් මිලියන 13කට පොඩ්ඩක් අඩුයි .ඒ කියන්නෙ 13X14 = 182(මිලියන) ඒ කියන්නෙ ඩොලර් කෝටි 18ක්. හැබැයි ඉතින් හැමදේටම ණය වෙන එක හොඳ දෙයක් නම් නෙමෙයි. (නි)
එයාලා හෙළිටුවර්ස් යයි. අපි...............???? (නි)
නියම අදහසක්. (නි)
මෙම ඇණවුම පිළිබද සොයා බැලිය යුතුයි. (නි)
14ක් එකපාර ගනිද්දි හොද සැළසුමක් තියෙනවාද? (නි)
නරකද කෆීර් ටිකකුත් ගත්තොත්? (නි)
9,750,000 x 14 =136500000 මේකෙ ඉතිරි මුදල් ටිකට මොකද උනේ...? ඉතිරි මුලින් අපට හෙලිකොප්ටර 15ක්ම ගන්න තිබුණා..(නු)
මොකක්ද කිවුවේ???? (නි)
එදා වේල කන්න නැති මිනිස්සු ඉන්න රටට මොන හෙලිකොප්ටර්ද? (නි)
අන්තිමට ලංකාවේ මිනිස්සුන්ට මේ ණය ගෙවන්න මොනවා විකුණන්න වෙයිද දන්නේ නැහැ. (නි)
මීට පෙර ගුවන් හමුදාව සඳහන් කළේ යුද්ධයට භාවිතා කල යානා සංචාරක කර්මාන්තයට යොදා ගන්නේ නඩත්තු වියදම් සොයා ගැනීමට පමණක් බවයි . පෞද්ගලික අංශය සංචාරක කර්මාන්තය සඳහා යොමු කිරීම රජය කළ යුත්තක්. නමුත් සිදු වන්නේ වෙන දෙයක්. (නි)
රොෂාන් කොඩිකාර,...ඔව් සහාය නියමුවා වෙනුවට එහෙනම් සංචාරකයෙක්ව අරන් යමු....ඔබගේ ටිකිරි මොලේ නම් නියමයි....(ස)
හෙලිකොප්ටර් විතරයි අපිට අඩුවකට තිබුනේ.......... රට පෙරට - ගමු ණයට !!!!!!!!!!!!! (ස)
අනේ මන්දා, මිනිස්සුන්ට දැන් 'පාන්' කියා ගන්නවත් බැහැ. ඒ වුණාට අපි ලෝකෙටම ණය වෙනවා. මේවා කාට කියලා කියන්නද? (නි)
මේ වගේ හෙලිකොප්ටර් ගේන්නේ ඇයි? මොකද රටේ සිවිල් යුද්ධයක්වත් තියෙනවද? නෑනේ. (නි)
පුදුම සහගතයි. (නි)
ඊළග මැතිවරණ වේදිකාවෙදි මේ පිළිබද වැඩි විස්තර දැන ගැනීමට හැකි වෙයි...!!(නු)
ශයිට වඩා හොද නැද්ද බී.ටී.අයි. බැක්ටීරියා ගෙන්නලා අපේ මිනිස්සු ටික බේරා ගත්තා නම්? (නි)
මෙහෙම දේවල් කරන්න ජනතව පව් නැද්ද?(නු)
ඇත්තෝ කති නැත්තෝ ලෙව කති ....(ස)
අන්න මරු. ජීවන වියදමට පිලියමක්. (දී)
පොඩි පොඩි හෙලිකොප්ටර් ගන්නවාට වැඩිය මේවා ගන්න එක හොදයි.අඩුගාණේ පස්සේ කාලෙක හමුදාවේ අයට හරි ප්‍රයෝජනයට ගන්න පුලුවන්නේ. (නි)
2012 ලෝක විනාශය සිදු නොවේ......ලංකාවේ විනාශය සිදු වේ....
'ටොම් 2012-07-23 18:46:51 එයාලා හෙළිටුවර්ස් යයි. අපි...............????' අපිට හෙළු ටුවර්ස්. (නි)
ඉතින් පිලිපීනේ අයට මොකද අපේ සල්ලිනේ...... (ස)
අපිට හරියට බස් එකකවත් යන්න බැහැ. බස් ගාස්තු අහට උසට. ඒ මදිවට හෙලිකොප්ටර් අරන්. මොනවා කරන්නද? ආශ්වර්යය කරානේ යන්නේ... (නි)
සංචාරකයින්ට ගුවනේ සිට වෙඩි තියන්න උගන්වන්නද? (නි)
ඇමෙරිකන් ඩොලර් කෝටි 30ක්.........????? (නි)
අපේ රට තව තව ණය වේවිද ??? (ස)
අපි පිටරට වල දුක් විදලා විදලා සල්ලි ටික ලංකාවට එවනවා.මේ අය ඒවා ඔක්කොම එක සැරේම වෙන රටකට දෙනවා. අනේ අපි මේවා කාට කියන්නද? (නි)
මිනිස්සු බඩගින්නේ කන්න නැතුව ඉන්දැද්දි හෙලිකොප්ටර් ගන්නවා. ඒකත් නරක නෑ. (නි)
නියමයි.....නියමයි.... (ස)
දැන් උවමනා මහජනතාව උඩින් යවන්නද ???? අඩු එච්චරයි.... (ස)
මෙය පුද්ගලික අංශයට භාර දුන්නා නම් හොදයි. මොකද මේ ආයෝජනය ණයක් වශයෙන් ගත්තොත් අපට ලොකු බරක්. (නි)
ඇයි සුපිරි කාර් මදි වෙලාද සවාරි ගහන්න? (නි)
රුසියන් රජයෙන් අපිට ලබා දුන් මුදල් සංචාරක කර්මාන්තයට යෙදවුවහොත් නරකද? (නි)
නරකද කෆීර්, මිග් F7 ටිකකුත් සංචාරක සේවයට ගත්තොත්? (නි)
ඇයි සංචාරකයින් මේවායින් යන්නේ මුදා නොගත් පාරාදීසයකටද? (නි)
රට පෙරට - ගමු ණයට (නි)
පුංචි අපි වැඩට යන්න බයිසිකල් කට්ටක්, ත්‍රීවිල් එකක් ගත්තොත් ඒවා අපරාධ සල්ලි... (නි)
සංචාරක ව්‍යාපාරයට ප්‍රහාරක යානා මොකටද? (නි)
අපේ රටේ ජනතාවට ඕන හොද දුම්රිය සේවයක් සහ මගී බස් සේවයක්.. ණය වෙලා හරි මගී දුම්රිය ගේන්න.. අපේ මනාපය ඔබට...(නු)
අනේ මන්දා? මිහින් ලංකා වගේම වෙයිද දන්නෙ නැහ. දැං ශ්‍රි ලංකන් එකත් හොදටම ලාබ ලබනවානෙ අපේ කට්ටිය ගමන් ගිහිල්ලම.. ඔහොම යං.. රට පෙරට හැබැයි ඝෘණාත්මක පැත්තට..(නු)
ඔය වගේ වැඩ වලින් වෙන්නේ අපි දවසට කන වෙල් ගණන අඩු වෙන එක (දී)
මේක දුරදක්නා වැඩක්. මම මේක ඉහළින්ම අගය කරනවා. (නි)
අපි වැඩට යන්න උදේ සවස බස් වල, කෝච්චි වල විදින දුක දන්නවා නම් මේ කට්ටිය......??? අපිට මේවා අවශ්‍ය නැහැ. කරුණාකරලා පොදු ප්‍රවාහන සේවා ටික දියුණු කරන්න. (නි)
සංචාරක ව්‍යාපාරයට ගන්නේ ආරක්ෂක අංශයෙන්ද ??? (ස)
අපිට කන්නවත් නැතුව දුක් විදිනවා. මෙහේ හෙලිකොප්ටර් ගේනවා. (නි)
මේවා දැන් ඇමතිවරුන්ගේ පාවිච්චියට දෙයිද දන්නේ නැහැ. (නි)
නැව ගිලුනත් බෑන් චූන්.... !!! (ස)
හෙලිකොප්ටර් 14 න්ම කොමිස් ඇති නේද ???? (ස)
හරියම කළොත් නම් ඉතිං ඉතාම සාර්ථක හොද වැඩක්. (නි)
හොඳ කුට්ටි................ (ස)
ලෝකෙට ණය වෙලා අපි ජොලි දාමු. (ත)
මේ හෙලිකොප්ටර 14 පළමුව ඇණවුම් කලේ US නාවික හමුදාව ඇෆ්ගන් හමුදාව සදහා.. නමුත් එම ඇණවුම අත්හිටවූවා.. මක්නිසාද යත් ලංකාව අවස්ථාව උදාකරගත්තා එවා මිලදී ගැනීම..(නු)
ධනවාදී වෙන්න. අපි අපේ සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුයි.නමුත් සියළු ගණු දෙණු ඉතා පැහැදිලි විය යුතුයි. (නි)
හරි පුදුමයි....සංචාරක ව්‍යාපාරයට ප්‍රහාරක හෙලිකොප්ටර්.... (ස)
ගමනක් යන්න හෙලිකොප්ටරයක් එනකල් මිනිස්සු හෝල්ට් ගාණේ කොච්චර රස්තියාදු වෙනවද කියලා මේ ප්‍රතිචාර දාන අයට තේරෙන්නේ නෑනේ. (නි)
මේ ඇද්ද දන්නේ නැහැ. (නි)
යුද්දේ කරනවා කියලත් ඉතිං කළේ මොකක්ද? (නි)
තව තවත් බද ගින්නේ ඉන්න පුළුවන් අපිට (දී)
දැන් තිබෙන පුද්ගලික බස් අත්හිටුවා අපිට හොද දුම්රිය සහ බස් සේවයක් ලබා දෙන්න. (නි)
තව කෆිර් ටිකකුත් ගත්තනම් හරි.. අතකොට යාපනේට ගහපු හැටි පෙන්නන්න සංචාරයක් එක්ක යන්න පුළුවං..(නු)
හෙලිකොප්ටර් 28 ගේන්න පුළුවන් වෙයි..... (ස)
මීට වැඩිය හොද නැද්ද අපේ මහාමාර්ග ටිකයි දුම්රිය ටිකයි පිළිවෙළකට හැදුවා නම්? (නි)