සුගතදාස පිටියේ දී පැවැත්වෙන ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරග සඳහා සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩක සචින් මධුරංග මීටර 78.52 කට හෙල්ල විසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.
මීට පෙරත් අවස්ථා කිහිපයක දී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවා තිබෙන ඔහු අවසන් වරට වසර 2012 දී මීටර් 77.50 ක දුරක් හෙල්ල විසිකරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි. යුද හමුදාව නියෝජනය කළ මධුරංග දැනට මලල ක‍්‍රීඩා සංගමය පවත්වා ගෙන යන මලල ක‍්‍රීඩා සුපිරි සංචිතයේ ක‍්‍රීඩකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මුල්පිටුවේ ඉන්නේ සචින්ද?(නදී)
මම හෙල්ල විසිකරනවා දැකල නැද්ද, වැඩක් බලාගන යනවා .(නදී)
මේ ඉන්නේ'' පීටර් කෙනමන්.''(නදී)
ලංකාදීප, ඒ සොයුරාගේ පින්තූරයක් දැම්මානම් තමයි වටින්නේ.(ස)