IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සචිත‍්‍ර සේනානායකට එක්දින තරග වරම්?

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරගාවලියේ සිවුවැනි තරගය සඳහා නවක කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක සහ ළහිරු තිරිමාන්න කී‍්‍රඩා කිරීමට සූදානම් බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි. කිම්බර්ලි නගරයේ සිට කිලෝමීටර 4 ක් පමණ ඈතින්, ඉතාමත් නිහඬ පරිසරයක පිහිටි ඩයමන්ඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) පැවැත්වෙන මෙම තරගය දිවා/රාතී‍්‍ර තරගයකි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලිය පරාජය වී සිටින හෙයින් දැන් ඇත්තේ අඩුතරමේ එක තරගයක් හෝ ජයගෙන සිය ගෞරවය රැකගැනීමේ අභියෝගය පමණි. දකුණතින් පිටදග පන්දු යවන කී‍්‍රඩකයකු වන සචිත‍්‍ර සේනානායක කණ්ඩායමේ සිටි ද`ග පන්දු යවන්නා වූ අජන්ත මෙන්ඩිස් තුවාල ලැබීම නිසා කැඳවන ලද කී‍්‍රඩකයායි. සේනනායක මේ දක්වා ශී‍්‍ර ලංකා පිලක් නියෝජනය කර නැත. පිටකොන්දේ ආබාධයකට ලක්වී සිටින මහේල ජයවර්ධන අද තරගයේදී කී‍්‍රඩා නොකරන බැවින් මහේලගේ ස්ථානය ළහිරු තිරිමාන්නට හිමිවනු ඇතැයිද දැනගන්නට තිබේ. වමත් මැදපෙළ පිතිකරුවකු වන තිරිමාන්න එක්දින තරග 3 කට සහභාගි වී තිබේ. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න පිතිකරු ලයිස්තුවේ කිනම් ස්ථානයක පන්දුවට පහර දේවිද යන්න තමන්ට කිව නොහැකි බව මහේල ජයවර්ධන ඊයේ පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. පිතිහරඹය මෙන්ම පන්දු යැවීමත් දුර්වල වන අතරේ, පන්දු රැකීමත් දුර්වල අඩියකට පත්වීම නිසා ශී‍්‍ර කී‍්‍රඩකයෝ මහත් කණස්සල්ලෙන් පසුවෙති. එක්දින කණ්ඩායමේ කී‍්‍රඩකයන් දකුණු අපි‍්‍රකාවට පැමිණීමේදී පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් රුවන් කල්පගේ මහතාත් දකුණු අපි‍්‍රකාවට පැමිණියද මේ දක්වා පන්දු රැුකීමේ වෙනසක් වී නැත. ප‍්‍රතිවාදී කණ්ඩායමේ සිටින ෆෆ් ඩියු ප්ලෙසි නිසා පළමු තරග තුනටම වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් නැවැත්වීමට ශී‍්‍ර ලංකා පන්දු රකින්නන්ට සිදුවී තිබේ. ”මෑත අතීතයේදී පන්දු රැකීමෙන් අපි හොඳ තැනක සිටියා. එය අපේ පාලනයේ තිබුණ දෙයක්. ඒත් පසුගිය තරග වලදී අපේ පන්දු රැකීම දුර්වල වුණා කියන එක මටත් පිළිගන්න වෙනවා” ”ඒත් මේ ප‍්‍රශ්නය විසඳන්න නම් තවත් ප‍්‍රශ්න රැසක් විසඳන්න  ඕනෑ. ඒක සම්පූර්ණ ඒකකයම (කණ්ඩායම) සම්බන්ධ දෙයක්” යයි මහේල ජයවර්ධන ඊයේ කිම්බර්ලි නුවරදී පැවසීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වර්තමාන අසාර්ථකත්වය සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට මැළිවන හිටපු නායකයා තමා ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන් සිය හැකියාවේ තරමට කී‍්‍රඩා නොකරන බව පිිළිගැනීමට ඉදිරිපත් වෙයි. ”හොඳින් දස්කම් දක්වන්නේ නැති වෙලාවල අපි හොඳින් කී‍්‍රඩා කරන්නේ නෑ කියල පිළිගන්න අපට සිද්ධ වෙනවා” ”අපේ නම් එක්ක තරග වාර්තා රැසක් තියෙනවා තමයි. ඒත් පිටිය මැදට ගිහින් හොඳින් කී‍්‍රඩා කරන්නේ නැතිනම් ඒ වාර්තා කිසිදෙයකින් වැඩක් වෙන්නේ නෑ” යයිද මහේල පැවසීය. කෙසේ වෙතත් නවක කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක කෙරේ මහේල දැඩි විශ්වාසයකින් පසුවෙයි. ”ඔහු අපට සිටින හොඳ සම්පතක්, මා නිතරම ඔහු ගැන උනන්දුවෙන් සිටියා. මගේ කී‍්‍රඩා සමාජයට කී‍්‍රඩා කරන නිසා නොවෙයි, ඔහු කී‍්‍රඩා කරන ආකල්ප නිසා” ”ඒ’ කණ්ඩායම එක්ක උනත් ඔහු විදේශයන්හිදී හොඳින් කී‍්‍රඩා කරලා තිබෙනවා. ඔහුට දැන් හොඳ අවස්ථාවක් ලැබී තිබෙන නිසා, අපට ඔහුගේ දස්කම් බලාගන්න පුළුවන්” යයිද මහේල වැඩිදුරටත් පැවසීය. එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව අද තරගයේදී පිටියට පිවිසෙන දකුණු අපි‍්‍රකානු පිලේද වෙනස්කම් දෙකක් සිදුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ටෙස්ට් තරගාවලියේදී මෙන්ම පළමු එක්දින තරග තුනේදීත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට දැඩි හිසරදයක් වූ වේග පන්දු යවන්නන් වන ඬේල් ස්ටෙයින් සහ මෝනි මෝකල් දෙදෙනා වෙනුවට අද තරගය සඳහා වේන් පානෙල් සහ වර්නන් පිලැන්ඩර් කැඳවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. කෙසේ වෙතත් ඊයේ පැවැති පුවත් පත් සාකච්ඡාවේදී දකුණු අපි‍්‍රකානු පුහුණුකරු, ගැරී කර්ස්ටන් මහතා කියා සිටියේ තරගාවලියේ ඉතිරි තරග දෙකත් ජයගැනීම තමන්ගේ අපේක්‍ෂාව බවයි. දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඊයේ මෙන්ම පෙරේදාත් පුහුණුවීම් නොකළ අතර කර්ස්ටන් මහතා කීවේ දැඩිසේ පුහුණුවීම් කිරීමෙන් පසුවත් තමන් ඉතාමත් වැදගත් තරග පවා පරාජය වී ඇති බැවින් මෙම තරග දෙකට පෙර විවේකය වැදගත් යයි තමන් සිතන බවයි. ශී‍්‍ර ලංකා සංචිතය: තිලකරත්න ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කෝසල කුලසේකර, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, රංගන හේරත්, ළහිරු තිරිමාන්න, සචිත‍්‍ර සේනානායක සහ ධම්මික ප‍්‍රසාද් දකුණු අපි‍්‍රකානු එක්දින සංචිතය: ඒ.බී. ඩිවිලියර්ස් (නායක), ගේ‍්‍රඒම් ස්මිත්, ඇල්විරෝ පීටර්සන්, ජොහාන් බෝතා, ජීන් පෝල් ඩූමිනි, ෆෆ් ඩියු-ප්ලෙසිස්, ජැක් කලිස්, කොලින් ඉන්ග‍්‍රම්, ඇල්බි මෝකල්, වර්නන් පිලැන්ඩර්, මෝනි මෝකල්, වේන් පානෙල්, රොබින් පීටර්සන්, ඬේල් ස්ටෙයින් සහ ලොන්වාබූ සොත්සෝබි



අදහස් (0)

සචිත‍්‍ර සේනානායකට එක්දින තරග වරම්?

කදිරා Friday, 20 January 2012 02:33 PM

හොඳ තීරණයක්...

:       0       0

saman Friday, 20 January 2012 04:05 PM

කෝ සුරාජ් රන්දිව්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site