(යොහාන් භාසුර)
සීනි හිඟයක් නිර්මාණය කිරීමේ අරමුණින් වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි ටොන් 5000 කට ආසන්න තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය බාරයට ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවුසවේ ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සීනි ගබඩාව පරීක්ෂා කළ බවත් මෙවැනි ගබඩා පිළිබඳව තොරතුරු ඇත්නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
බස්නාහිර පළාත තුළ කිසියම් පුද්ගලයකු සතුව සීනි ගබඩාවක් තිබේ නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස ගබඩා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් මහා පුදුම ගැටලුවකි. පළමුව පාරිබෝගික අධිකාරියේ ඉන්න උසස් නිලධාරීන්ගේ සාමාන්‍ය දැනුම පරික්ෂා කිරීම වඩාත් වැදගත් වනු ඇත. මක්නිසාදයත් මෙම වාක්යට එම අධිකාරිය සතුව පිළිතුරු නොමැතිවීම හාස්‍ය උපදවන්නක් නොවේද ??"බස්නාහිර පළාත තුළ කිසියම් පුද්ගලයකු 'සතුව සීනි ගබඩාවක් තිබේ නම්' ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස ගබඩා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය." උධාහරනයකට අප සිනි ගනිමු. කිසිවෙකු රට තුලට සිනි ගෙන ඒමේදී නිත්‍යානුකුල අවසරයක් ගත යුතු අතර ගබඩා පහසුකම් පිළිබදවද සවිතරාත්මකව එහිදී හොදින්ම සදහන් කල යුතු නොවේද? ඒවිට ආයතනයේ ගබඩා පිලිබදව මෙම අධිකාරිය අලුතෙන් විමසිමක් යුතුද ? මෙම පුවතින් පැහැදිලි වෙන්නේ කිසිවේ සිනි තොග වශයෙන් රට තුලට ගෙනත් ( ගබඩා පහසුකම් නොමැතිව) ඒ සියලු තොග පාරේ තබාගෙන බෙදාහරිනවා යන්න නොවේද ?
මේ වගේ මගෝඩි වැඩ දේශපාලන හයියක් නැතුව කොහොමද කරන්නේ?
සීනි කිලෝ එකක් රුපියල් 100 වත් දෙන්න පාලන මිලක් නියම කරන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද ?මේ දවස් වල දුප්පතාට තේ කහට ටිකක් බීලා ඉන්න වෙලානේ
අර රාජ්‍ය ඇමති කියන විදියට සීනී පාලන මිල ගැසට් කරන්නේ මෙලෙස ගබඩා කර ඇති සීනි තොග අවසන්වූ පසුවද ?
කඩවල ගෑසුත් නෑ. පොහොරත් නෑ. සීනිත් නෑ. පරිප්පුත් නෑ. හාලුත් නෑ. කිරිපිටිත් නෑ. සිමෙන්ති නෑ. බේහෙත් නෑ. ඊයේ සිට බන්දුලත් නෑ. දැන් සතුටුද කියල විතරයි අපටත් අහන්න තියෙන්නේ.
එහෙනම් ඕක විනාශ කරලා දාමු.
පාර්ලිමේන්තුවෙ ඉන්න දෙසියගනකට සුරසැප. මහජනයාට මරබිය
වහාම මේ සීනි පාලන මිලට ජනතාවට සතොස මගින් ලබා දෙන්න