සංඝමිත්තා අරහත් මෙහෙණිය සැමරීමේ වාර්ෂික පුණ්‍යෝත්වසය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ ජාත්‍යාන්තර බෞද්ධ සංවිධානයේ දී පැවැත්විණි. ප්‍රංශයේ බෞද්ධ විහාරාථාන කීපයක්ම ඊට සහභාගී විය. ප්‍රංශයේ බෞද්ධ පුරාවිද්‍ය කෞතුකාගාරයේ උසස් නිලධාරිනියක් විශේෂ දේශනයක් කළාය. විවිධ ජාතිකයෝ සංඝමිත්තා මෙහෙණියගේ ඡායාරූපය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වූහ. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි පිරිස පන්සිල්හි පිහිට වූ අතර සංඝමිත්තා අරහත් මෙහෙණිය අනුස්මරණය කරමින් ශ්‍රී ලංකාවේ සිට වැඩම කැරැවූණ ශ්‍රී මහා බෝධි අංකුර දෙකක් ප්‍රංශයේ ලාඕස් ජාතික ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයට සහ ටිබෙට් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයකට පූජා කැරිණි. සියළු දෙනාටම ආශිර්වාද පිණිස පැවැත්වූ පරිත්‍රාණ දේශනාවකින් මෙම අනුස්මරණ උත්සවය නිමාවට පත්වීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd