සංඝමිත්තා අරහත් මෙහෙණිය සැමරීමේ වාර්ෂික පුණ්‍යෝත්වසය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ ජාත්‍යාන්තර බෞද්ධ සංවිධානයේ දී පැවැත්විණි. ප්‍රංශයේ බෞද්ධ විහාරාථාන කීපයක්ම ඊට සහභාගී විය. ප්‍රංශයේ බෞද්ධ පුරාවිද්‍ය කෞතුකාගාරයේ උසස් නිලධාරිනියක් විශේෂ දේශනයක් කළාය. විවිධ ජාතිකයෝ සංඝමිත්තා මෙහෙණියගේ ඡායාරූපය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වූහ. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි පිරිස පන්සිල්හි පිහිට වූ අතර සංඝමිත්තා අරහත් මෙහෙණිය අනුස්මරණය කරමින් ශ්‍රී ලංකාවේ සිට වැඩම කැරැවූණ ශ්‍රී මහා බෝධි අංකුර දෙකක් ප්‍රංශයේ ලාඕස් ජාතික ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයට සහ ටිබෙට් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයකට පූජා කැරිණි. සියළු දෙනාටම ආශිර්වාද පිණිස පැවැත්වූ පරිත්‍රාණ දේශනාවකින් මෙම අනුස්මරණ උත්සවය නිමාවට පත්වීය.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සඟමිත් සමරා පැරිසියේ පින්කම්