ජයශ්‍රීමහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන හා තන්තිරිමලය ඔස්සේ අනුරාධපුරයට වැඩම කරවීම සිහිකරන සඝමිත් පෙරහර අනුරාධපුර කඩපහන උපාසිකාරාමයේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා ගමන් කෙළේය. 46 වැනි වරට සංවිධානය කළමෙම පෙරහරට සිල්මාතාවෝ අටසිය දෙනෙක් පමණ සහාභාගී වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහකොළ කියන්නෙ ලෝකයේ කොතැනත් ජීවයේ පැවැත්මට උරදෙන ප්‍රධානම වස්තුවක්. ඒත් ගහක් මුල් කරගෙන දේශපාලන වශයෙන් ඒකීය රාජ්‍යය සංකල්පය ක්‍රියාත්මක කරපු එකම ජාතිය අපි. ශ්‍රීමහා බෝධිය අපට වටින්නෙ ආගමිකව විතරක් නොවෙයි. එදා අනුරාධපුරයෙ ශ්‍රීමහා බෝධිය මුල් කරගෙන ඒ ඒකීය රාජ්‍යය අපේ රටේ බිහිවුණා.. බෝධි අතර මහරජු ශ්‍රීමහා බෝධිය. ළගම පිරිස අෂ්ඨපල බෝධි. ඊළගට දෙතිස්පල බෝධි. ඊට පස්සෙ ප්‍රාදේශීයව පිළිගත් බෝධි. ඊළගට ගමේ පන්සලේ බෝධිය. මෙ විදියටම රටේ මහ රජු වුණේ අනුරාධපුරයෙ රජ වන රජු. ඔහුගෙ නායකත්වය යටතේ මට්ටමින් මට්ටමට ලක්බිම පුරා ඈත ගම දක්වා ඒකීය පාලනය පැතිරුණා. සටහන කෙටි කළ යුතු නිසා මෙහෙම කෙටියෙන් සටහන් කළේ. විස්තර අවශ්‍ය නම් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශය කර ඇති මගේ "ලක්බිම එකලු කළ නැණ පහන - කාවන්තිස්ස රජතුමා" පොත බලන්න.
පිනි පොද වැටෙනා සීත උඳුවප් මහේ මහබෝරජුන් සමඟින් ලක් දිවට වැඩි සාමයෙ මුනිවරිය වූ උතුම් සංඝමිත්තා මහරහත් තෙරණියට අප ගේ නමස්කාරය වේවා..!!!