දියගම ”මහින්ද රාජපක්‍ෂ” ක‍්‍රීඩාංගනයේ දී මෙම 27 වැනිදා පැවැත්වෙන සිඟිති රග්බි තරගාවලියට පාසල් සිසු සිසුවියන් 3000ක් සහභාගි වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.
මෙම ළමා රග්බි සැණකෙළියට සිසු සිසුවියන් 3000ක් සහභාගිවීම ගිනස් වාර්තාවක් ලෙස සැලකෙන බවත්, ළමා රග්බි තරග මාලාවක් සඳහා මෙතරම් විශාල පිරිසක් එකවර සහභාගි වන පළමු අවස්ථාව මෙය බවත් රග්බි සංගමයේ භාණ්ඩාගාරික හා වැඩසටහන් සම්බන්ධිකරණ නිලධාරි කිරාන් අතපත්තු මහතා ”ලංකාදීප”යට පැවසීය.
වයස 9න් පහළ, 10න් පහළ, 11න් පහළ හා 12න් පහළ සිසු සිසුවියන් එදින රග්බි සැණකෙළියට සහභාගිවන අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙවර රග්බි සැණකෙළිය පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය.
ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ලැබී තිබේ. මෙම රග්බි සැණකෙළියේ දී සත් සාමාජික තරග පැවැත්වෙන බව රග්බි සංගමය පවසයි.
බස්නාහිර පළාත හැරුණු විට මධ්‍යම, දකුණ, වයඹ හා සබරගමුව යන පළාත්වලින් මෙවර රග්බි සැණකෙළියට කණ්ඩායම් සහභාගි වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිගේ වැඩ ආකර්ශනීයයි. (නි)
හොද දෙයක්. රග්බි අනාගතයට සුභ ළකුණක්. (නි)
නැව ගිලුණත් බෑන් චූන්... (නි)
රග්බි ෆයිනල්නම් යන්න එපා .මතකනේ ක්‍රිකට් වලට වෙච්ච දේ (ස)
මෙය අනාගතයට හොද ආයෝජනයක් වගෙයි (නි)