දියගම ”මහින්ද රාජපක්‍ෂ” ක‍්‍රීඩාංගනයේ දී මෙම 27 වැනිදා පැවැත්වෙන සිඟිති රග්බි තරගාවලියට පාසල් සිසු සිසුවියන් 3000ක් සහභාගි වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.
මෙම ළමා රග්බි සැණකෙළියට සිසු සිසුවියන් 3000ක් සහභාගිවීම ගිනස් වාර්තාවක් ලෙස සැලකෙන බවත්, ළමා රග්බි තරග මාලාවක් සඳහා මෙතරම් විශාල පිරිසක් එකවර සහභාගි වන පළමු අවස්ථාව මෙය බවත් රග්බි සංගමයේ භාණ්ඩාගාරික හා වැඩසටහන් සම්බන්ධිකරණ නිලධාරි කිරාන් අතපත්තු මහතා ”ලංකාදීප”යට පැවසීය.
වයස 9න් පහළ, 10න් පහළ, 11න් පහළ හා 12න් පහළ සිසු සිසුවියන් එදින රග්බි සැණකෙළියට සහභාගිවන අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙවර රග්බි සැණකෙළිය පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය.
ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ලැබී තිබේ. මෙම රග්බි සැණකෙළියේ දී සත් සාමාජික තරග පැවැත්වෙන බව රග්බි සංගමය පවසයි.
බස්නාහිර පළාත හැරුණු විට මධ්‍යම, දකුණ, වයඹ හා සබරගමුව යන පළාත්වලින් මෙවර රග්බි සැණකෙළියට කණ්ඩායම් සහභාගි වෙති.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිඟිති රග්බි සැණකෙළියට පාසල් සිසුහු 3000 ක්
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:53 PM
ජනපතිගේ වැඩ ආකර්ශනීයයි. (නි)
සනත් Friday, 19 October 2012 12:59 PM
හොද දෙයක්. රග්බි අනාගතයට සුභ ළකුණක්. (නි)
සිල්වා Friday, 19 October 2012 02:15 PM
නැව ගිලුණත් බෑන් චූන්... (නි)
අසෝක Saturday, 20 October 2012 10:23 AM
රග්බි ෆයිනල්නම් යන්න එපා .මතකනේ ක්‍රිකට් වලට වෙච්ච දේ (ස)
ප්‍රනාන්දු Friday, 19 October 2012 11:32 AM
මෙය අනාගතයට හොද ආයෝජනයක් වගෙයි (නි)