(එච්. එච්. ධර්මපාල)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක භික්ෂූන් වහන්සේලා 83 නමක් විෂයෙහි සුදානම් කර තිබූ සාංඝික දානයක් සඳහා නියමිත වේලාවට ආහාර ගෙනැවිත් නොදීමේ සිද්ධියක් සම්බණ්ධයෙන් කොහුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
නිවැසියන් විසින් සිය මවගේ 83 වැනි උපන් දිනය නිමිති කරගෙන මෙම දානමය පිංකම සුදානම් කර තිබේ.
දානය පිළියෙල කිරීමට භාර දුන් සැපයුම්කරුට නියම්ත වේලාවට ඇනවූම භාරදීමට නොහැකි වීම හේතුවෙන් මෙම පැමිණිල්ල කර තිබේ. පසුව ආහාර සැපයුම්කරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නිවැසියන් ඒ අවස්ථාවේ උත්සහ කළත් එය ව්‍යර්ථ වී තිබේ .
දහවල් දාන වේලාව පසුවන බැවින් කෙසේ හෝ නිවැසියන් කඩිනමින් දානය පිළියෙල කර භික්ෂූන් වහන්සේලා 83 නම විෂයෙහි දානය පුජා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීමක් නැති මිනිසුන් ව්‍යාපාරික ලෝකයේ හැමතැනම. මෙවැනි අවස්ථාවක දානය බාරගත් දායකයන් කොතරම් අසරණ තත්වයකට පත්වෙනවද?
වෙච්ච දේට හොඳ වැඩේ. සංඝයාවහන්සේලාට දානය දෙන්නේ ගෙදරදී ඉතා පිරිසිදුව, දැහැමින් උපයාගත් මුදලින් පවිත්‍ර චේතනා පෙරදැරිව, කැපවීමෙන් යුක්තව පිළියෙළ කරන ලදුවය. අලුත් සංකර ක්රමයේ වැඩ පිළිවෙල නිසා දැන් සිදු කරන්නේ කේටරිං සර්විස් එකකට කොන්තරාත්තුව දුන්නා, සල්ලි බැන්දා, දානෙන් කෑමෙන් පසු අකුලගත්තා, පටවා ගත්තා ගියා. ජයටම වැඩේ කෙරුනා කියලා පම්පෝරි ගැහුවා. හරි පහසුයි. එතකොට දානමය උත්සවයට පැකේජය අනුව අවශ්‍ය මේස පුටු ඇතිරිලි දැම්මා, උදේ පටන් දෙනෝ දාහකට බත්, මාළු පිණි තම්බන තැන මොකෙන් හරි කමක් නැහැ භාජන ටිකකට දමාගත්තා, පටවාගෙන ආවා. ඒ ටික වෙනකම් හැමෝම වාගේ පුටු උඩට වෙලා කකුල් වන වන බලා සිටියා. අපේ සැදැහැවත් උවැසි උවැසියන් ඒ අය පිළියෙළ කළ දානය මෙන් බෙදුවා, පිරිකර පුදලා, පැන් වඩලා පින් අනුමෝදම් කරවා ගත්තා. ඊට පසු පිරිමි ඇතැමෙක් ටිකක් සප්පායම් වෙලා එනකොට බුෆේ ඇරලා. ඔන්න ඔහොමයි ක්‍රමය. ඒ නිසා මේ වෙච්ච දේත් හොඳයි. පත්තරේ දාපු එකත් හොඳයි.
දානය කියන්නේ පුණ්‍ය කටයුත්තක් වුවත් බහුතරයක් එයට සහභාගී වෙන්නේ විනෝදයටයි. රාත්‍රිය නිදි මරාගෙන තේ, කෝපි බොමින් ඥාතීන්, මිතුරන් සමග විනෝදයෙන් දානය පිළියෙළ කිරීමේ පුරුද්ද අපි අතරින් ගිලිහීයාම කණගාටුවක්...
එහෙනම් දානේ දීපු අයට ක්ෂණික පිනක් ලැබෙන්න ඇති. මොකද දානයක් දෙනකොට පිනක් ලැබෙන්නේ සියලුදෙනා එකතුවෙලා දැහැමි සිතින් දානේ පිළියෙල කරලා දුන්නොත් පමණයි. පින කියන්නේ එම කාර්ය කරන කාලය තුළ, සිත් තුළ ඇතිවන භක්තිය නිසා ඇතිවන සතුටටයි. මෙම දෙය හේතුවෙන් මොලයේ අක්‍රිය සමහර තැන් යළි ක්‍රියාත්මක වෙලා ශරීරයට සුවදායක ප්‍රතිකර්ම නිර්මාණය කරන්න මොලයට පුළුවන්...
වෙනත් බෞද්ධයෝ මෙන් නොව ලංකා බෞද්ධයා පින් කියා බොහෝ පව් වැඩත් කරයි.
දැන් මිනිස්සු දෙන්නේ දාන නෙමෙයි පාටි... නැතිනම් ඔය කොහෙන්වත් ඇණවුම් කරන්න ඕනෑද? දානෙ කියන එක ඉස්සර මිනිස්සු දුන්නේ හැමෝගේම සහභාගි වෙලා එතකොට තමයි එකේ ආනිශංස තියෙන්නේ.., ඔය හදන මිනිස්සු කොයි විදියට ඕක හදනවද දන්නේ නැහැනේ.., අනික බුද්ධ පුත්‍රයන් උදෙසා දානයක් දෙනකොට ඒක පිරිසිදුව දිය යුතුයි. ලොකුකමට, කම්මැලිකමට කරන්න ගියාට හොඳ වැඩේ. අනික දැන් ඉන්න හාමුදුරුවොත් කැමති පාටි වලට නිසා ඒ අයටත් හොඳ පාඩම....
සාංඝික දානයක් පුජා කරන විට සකස් කරමින් දෙන දානය උතුම්... එනම් තම නිවසේම දානය පිළියල කිරීම වැදගත්. ඒ වගේම පින්. කොහොම නමුත් සාංඝික දානය නිවැසියන් පුජා කර ඇති අතර සැපයුම කරුවන් කර තිබෙන්නේ මහත් පාප කර්මයකි.
දානයටත් ‘ෂෝට් කට්’ දාන ව්‍යාජ පින්වතුන්ට හොඳ පාඩම්...!!!
දානය යනු අත්හැරීමටයි. මොවුන්ගේ උත්සාහය එය පිළිවෙලට පිරිසිදුව කිරීමටය. දානයක් දීමට බලාපොරොත්තුවන දවසේ සිට ඔවුන්ට ලැබෙන්නේ පින්ය. මෙවන් විශාල වැඩකදී වැඩ බෙදාගන්නට කැමතිනම් ප්‍රශ්නයක් නැත. පවුලක මෙවන් අවස්ථාවල මිලමුදල් යහමින් තිබෙන අය නිවසේ, පන්සලේ වැඩකටයුතුත්, මුදල් අගහිඟ අය කුස්සියේ වැඩත් කලයුතුයි. වැඩකටයුතු පටන්ගත් දවසේ සිට සැලේ සිටින අයට පුඩින් අයිස්ක්‍රීම්ය. කුස්සියේ සිටින අයට කිරි තිබුණත් පැණි නැත. දානෙට ඕන ගොක්කොළය කපන්නට ගස් නගින්නෙත් පවුලේ ඉන්න අගහිඟකම් ඇති පුතාය. ඔහු නමිනුත් කලුපුතා නැතිනම් කළු අයියාය. අනිත් හැමෝම සුදුය. මෙවන් ප්‍රශ්න ඇතිනොවන්න ඔවුන් කළදේ නිවැරදිය. ඇණවුම බාරගත්තු කෙනාටත් අපි මෛත්‍රි කරමු.
කුජීතයි නේද ඒ වැඩේ?
ඕවට කියන්නේ දාන නොවෙයි, පාටි. කොහෙන් හරි කේටරින් සර්විස් එකකට භාර දෙනවා. සල්ලිත් හොඳට තියෙනවනේ. හාමුදුරුවන්ට දෙන දානේ ගෙදර මහන්සි වෙලා හදල දෙනවා නම් තමයි හොඳ. මිනිස්සුන්ට දෙන දානේ නම් ඉතින් කේටරින් එකට දුන්නට කමක් නැහැ. කොහොමත් ඉතින් 90% දානේ ඉවරවෙලා බොන එකනේ කරන්නේ. දානයක් දෙන්න කලින් ධර්මය දන්නා හිමි නමක් හමු වෙලා එක ගැන උපදෙස් අරන් දානේ දෙන්න පුලුවන්න නම් තමයි වඩා හොඳ.
මේක නිව්ස් එකක් බවට පත්විය යුතු සිදුවීමක්ද?