සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ඉදිරියේදී කඩිනමින් එම ක්‍රියාවලිය පුරවිද්‍යාවට හානි නොවන පරිදි ආරම්භ කිරීමට අවධානය යොමු වී තිබෙන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සීගිරියේදී පැවසිය. සීගිරිය අවට ගමන් පහසුව සඳහා ශබ්ද සහ වායු දූෂණයෙන් තොර විදුලි මෝටර් රථ යොදාගැනීමටද අපේක්ෂා කෙරේ.
ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම් නිසි අයුරින් සංරක්ෂණය නොකිරීම හේතුවෙන් විනාශවෙමින් පැවතුන අතර අධ්‍යාපන ඇමැතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් මිලට ගැනීමේ ක්‍රමවේදයකටද යොමුවී ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගිරියට දෙවියන්ගේ පිහිටයි! මේකත් තවත් ගේමක් (නි)
සීගිරියට විදුලි සෝපාන යෙදවීම සුදුසු නැත. සංචාරකයෝ එන්නේ ස්වභාවිකත්වය අත් විඳින්න (නි)
මේක වයසක අයට ලොකු පහසුවක් වේවි (නි)
පිස්සුනේ .එහෙනම් සිරිපාදෙටත් ලිෆ්ට් දාන්න. (බ)
අපොයි ඇමතිතුමෝ අර වංශවත් අරගෙන ගියානම් තමා හොඳ. මැන්ස් හොඳට කියලා දෙයි සිගිරිය ගැන. (බ)
තවත් ජාතික ප්‍රශ්නයකට යහපාලනයෙන් විසඳුම්. (නි)
මේගොල්ලන්ට කරන්න දේවල් අැත්තෙම නැහැ. ගම්මාන වලට යන්න පාරවල් නැහැ. මිනිස්සු දහදුක් විඳිනවා බොන්න වතුර නැතුව. (නි)
සීගිරියත් කන්න වගේ හදන්නේ (නි)
යෝජනාව හොඳ වුණත් ඕවා ඕනෑ නැහැ. ඕක ඔහොම නඟින්න තියෙන්න ඕනෑ (නි)
අායෙත් ඇදගෙන නාන්නද හදන්නේ? (නි)
අර සීගිරියට යන්න වෙලාවක් තිබුණේ නැහැ කියපු පංචායුධ කුමාරයට මේක හොඳ ආරංචියක් වේවි (නි)
සීගිරියට විදුලි සෝපාන යෙදවීම හොඳ නමුත් එය නිසි ක්‍රමවේදයකට අනුව කළයුතුයි (නි)
සීගිරියට විදුලි සෝපාන යෙදවීම කා්ලෝචිත වශයෙන් අගය කළයුතු අදහසක් වෙනවා. නමුත් ඒවා සීගිරියේ කලාත්මක අගයට හානි නොවන ඒවගේම සංචාරකයන් සූරාකන කර්මාන්තයක් නොවිය යුතුය. බිත්ති කවි ලියන ඒ වගේම සිගිරි පර්වතයේ "පච්ච කොටන" අයටත් මෙමඟින් පහරක් වදින විදියට හොඳ සැළසුමක් මඟින් මෙම විදුලි සෝපාන ක්‍රමය ඉදිකරන්න !!! (නි)
අර කලින් වගේ රංගන පෙන්නන්න බැරිද ඔතන (නි)
අශිකා නෝනෝ. රාවනා බොරුවක් නම් කොහොමද එතුමාගේ අනුගාමික හාමුදුරු කෙනෙකුත් අපිලට ඉන්නේ? උන්වහන්සේ බොරු කියන්නේ නැහැනේ! රාවනාගෙන් පැවතෙන්නන්, සේකරතාරිස්ලා එහෙම තවමත් මේ රටේ ඉන්නවනේ! වාරියපොළ තමයි රාවණාගේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල තිබුනේ. ලඟදි ඒ පැත්තේ වින්කලේක තිබිලා දඬු මොනරේ සුක්කානමයි මලකඩ කාපු ඇක්සල් එකකුයි හම්බවුනාලු.(අ)
ඕවා කාශ්‍යප රජතුමාගේ කාලෙත් තිබුනා. විදුලි සෝපාන හොයාගත්තේ අපේ රාවණා රජතුමා. උන්නැහේ ත්රිකූටයට නැග්ගේ ඒ එකකින්ලුනේ! (නි)
රොකි, තාම කවුරුත් දන්නේ නැහැ සීගිරිය කළ ආකාරය. රාවණා කියන්නේ ඉන්දියන් මිත්‍යා කතාවක් මිස සත්‍ය වශයෙන්ම සිද්ධවුණ දෙයක් නෙමෙයි කියායි මම සිතන්නේ. එහෙම අහසින් යන ගුවන් යානා තිබුණා. මේවා මිත්‍යා ප්‍රභන්ධ. මේවා පස්සේ යන්නේ ගොඩක්ම ඉන්දියන් අයයි. අපිට ඉන්න හොඳම විද්‍යාඥයා තමයි බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ සත්‍යය දන්නා අය දන්නවා. (නි)
මේක නම් නොකළයුතු දෙයක්... (නි)
මේකේ හොද පැත්තක් වගේම නරකකුත් තියනව "ගුගල් බැලුන් " වගේනම් නොවෙන්න වැඩ බලගතොත් හොදයි.අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් මිලට ගැනීමේ පහසුකමනම් ගැලපෙනවා ..(අ)
මේ නිසා සිදුවියහැකි හානි ගැන යුනෙස්කෝ වගේ සංවිධාන එක්ක හොයනවද. මම දන්නා තරමින් ලෝකයේ වෙනත් මේ වගේ ස්ථානවල නවීන පහසුකම් මේ විදිහට නම් කරන්නේ නැහැ. (නි)
මේක නම් ඉතා වටිනා වැඩක්. රටට බරක් බව පෙනෙන සමහර උදවියත් එක්ක ගත්තහම අකිල විරාජ් ඇමතිවරයා වැඩ කරන කෙනෙක් බව දිගින් දිගටම පෙනෙනවා. සීගිරියේ ප්‍රවේශ පත්‍ර විකිණීමේ ක්‍රමයත් මහා වදයක්. ඇමතිවරයා ඇවිත් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වනකන් මේවා නිවැරදි කරන්න කෙනෙක් නැති එක අපේ කරුමයද? (නි)
දඹුල්ලේ සිතුවම් විනාශයට යන්නේ හරිහැටි සංරක්ෂණය නොකළ හින්දා නෙමෙයි. යුනෙස්කෝව මඟින් සංරක්ෂණය කළපසු හරිහැටි ගුහාවල ඇතුළත පරිසරය කළමනාකරණය නොකළ නිසයි. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම වෙන වැඩේ වගේ තමයි. (නි)
ඉතිරිවෙලා තිබුණේ මෙච්චරයි. එ්කටත් විදින්නයි හදන්නේ. සිතුවම් වලට අත තියන්න හොඳ නැහැ කියලා දන්නේ නැද්ද (නි)
අනේ කරුණාකරලා මේවා විනාශ කරන්න එපා (නි)
මේ ඇමතිතුමා පුරා විද්‍යා ප්‍රශ්න විසඳන්න යන්නේ. දැන් එතකොට අධ්‍යාපන ක්ෂේත්රයේ කිසිම ප්‍රශ්නයක් නැද්ද? මුලින් තමන්ගේ අදාළ විෂය හරියට කරලා ඉන්න ඕනෑ නේද? (නි)