පෙබරවාරි 14 වැනිදාට යෙදුණු පෙම්වතුන්ගේ දිනය දා සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ මඩකලපුවේ සින්නතම්බි උදේනි (27) ජනපති සමාව ලැබ අද (30) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබීය.
කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ ‘තෑන්ක් උදයා‘ ලෙස කුරුටු ගෑ එම තරුණියට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා දෙවසරක සිර දඩුවම් නියම කළේය.
ජනපති සමාව යටතේ ඇය නිදහස් කරන්නැයි ඇගේ මව ද ඉල්ලීමක් කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයට සමාව දීම හෝ නොදීමෙහි හරි වැරැද්ද කුමක් වුවත් නීතිය නොදැනීම වරදක් සඳහා දඬුවම් නොලැබීමට නිදහසට කරුණක් නොවේ. දෙමළ වීම ද වරදකට දඬුවම් නොලබා නිදහස් වීමට හේතුවක් වියයුතු ද නොවේ. (බ)
දැන් ඉතින් උදය හොයාගෙන ගිහින් හිරගෙදර කොහොමද කියල කතා කරගන්න!! (බ)
මේ මෙනවිය කුරුටුගෑවේ එහි වටිනාකම නොදන්නා නිසා, ඉතින් අපිත් යාපනය පැත්තේ ගිහින් මේවගේ වැඩක් කළොත් අපිටත් නිදහස ලැබෙයිද? මොකෝ අපිත් එහෙ තියන දේවල් දන්නේ නෑනේ.(බ)
නංගී ගිහින් කියලා ගමේ අයත් බය නැතුව ඇවිල්ල ආයේ පවුරේ කුරුටුගායිද දන්නෑ (බ)
ඉස්සර සීගිරියේ තිබුනේ "කුරුටු ගී". මේ කාලයේ එහෙ තියෙන්නේ "කොණ්ඩ කටු ගී". මේවාට කළ යුත්තේ ජනාධිපති සමාව දීම නොවේ. මෙවැනි ස්ථාන ආරක්ෂා කරගැනීමට පියවර ගැනීමයි. (බ)
සත්‍යපාල, ඔයා ජාතිවාදයෙන් සහ වර්ගවාදයෙන් පෙළෙන නායකයෝ කියන්නේ මොන වගේ නායකයන්ටද? (නි)
මේක ඉතින් අපි වගේ අවශේෂ ජාති ගෝත්‍රයක කෙනෙකුට සම්බන්ධ නඩු තීන්දුවක් නොවෙන නිසා මෙයාට විශේෂයක් කරන්න හිතන්න ඇති. (නි)
ඒකනේ ලාල් ප්‍රනාන්දු, නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙද්දී රටක ජාතික උරුමයක් කෙළෙසීම සුවිශේෂ ජනවර්ගයක කෙනෙක් කළවිට විශේෂයෙන් සොයා බලා ජනාධිපති සමාව දීම වරදක්ය කියලා හිතන මෙහෙම අරුම පුදුම රටක් ලොවෙත් නැතුව ඇති. (නි)
සමහර කට්ටිය මෙතන අදහස් දාන්නේ හරියට කලින් ආණ්ඩුව තිබුණු කාලේ දෙමළ වූ පළියටම කාටහරි දඬුවම් කළා වගේනේ. (නි)
ප්‍රංශයේ නන්දලාල්ගේ කතාව ඇත්ත. වරදක් කළොත් දඬුවම් ලැබිය යුතු යැයිද නීතිය ඉදිරියේ සැවොම සමාන යැයිද සැළකෙන රටේ දැන හෝ නොදැන මැය කර ඇත්තේ යළි නිවැරදි නොකළ හැකි වරදකි. හානි වී ඇත්තේ අපේ ජාතික උරුමයකි. අඩුම තරමින් මෙවැන්නක් යළි සිදුනොවනු පිණිස ගතයුතු පියවර කරේදැයි සළකා බලනු වෙනුවට මෙතනට ජාතිවාදයක් ඇද ගැනීමත් ගිය ආණ්ඩුවට වගපල කීමට මෙය අවස්ථාවක් කරගැනීමත් කෙතරම් ඥානාන්විතවේදැයි අප සැම මඳක් සිතුවොත් නරකද? (නි)
සංස්කෘතික වටිනාකමක් ඇති මේ ලෝක උරුමය (සිගිරිය)ආරක්ෂා කර ගැනුම ජනතාවගේ අවබෝධයට ලක්විය යුතුය. (නි)
මේ එක්තරා අත්හදා බැලීමක් පමණක් වේද? (නි)
තව වසර දාහකින් පමණ තෑන්ක් උදය සීගිරි කුරුටු ගී වලට එකතු කරයිද ? (බ)
අද කාලේ දේශපාලකයොයි ඔවුන්ගේ හෙන්චයියොයි කරන වැඩ සහ ඔවුන් නිදැල්ලේ සිටිනවා දැක්කහම, මේ අහිංසක ළමයට පළවැනි දවසේමයි සමාව දෙන්න තිබ්බේ (බ)
යහ පාලනේ .....!!!! (බ)
ඔබ දමිල තරුණියක්,ඔබේ දෙමාපියන් ඥාතීන් සහ හිතමිතුරන් පසුගිය ජනාධිපතිවරණයේදී සමහර විටදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්න ඇති. එහි ප්‍රතිපලයක් වශයෙන් අද මෙලෙස නිදහස ලැබීමට ඔබ වාසනාවන්ත වෙන්න ඇති,නැත්නම් ජාතිවාදයෙන්හා වර්ගවාදෙන් පෙළුණු නායකයන් යටතේ ඔබ වැනි අයට සමාවක් ලැබීම සිහිනයක් පමණක් වන්නට ඉඩ ඇත. (බ)
මේ තරුණිය නොදැන කළ වරදක් ගැන කවුරුත් කතා කරනු පෙනුණත් ඇය නොදැන කුමක්දැයි පැහැදිලි නැත. ඇය නොදැන සිටියේ නීතියද නැතහොත් සීගිරි කැටපත් පවුරේ වැදගත්කම ද? කවරක් වුවත් ඇයට සීගිරිය ගැනත් කැටපත් පවුර ගැනත් ගෞරවයක් නොතිබුණු බව නම් පැහැදිලිය. මෙරට දෙමළ දරු දැරියන්ට තම රටේ ඉතිහාසයටත් ජාතික උරුමයන්ටත් ගරු කිරීමට උගන්වා නොතිබීමේ වරදට දඬුවම් ලද යුත්තෝ කවරහුද? ඔවුන්ට ඒ උගැන්වීමේ වගකීම භාර ගත යුත්තෝ කවරහුද? අප කතා කළ යුත්තේ ඒ ගැනය. (බ)
නීතිය අන්ධ නමුත් හදවතක් තිබිය යුතුද (බ)
නීතියට ගරුනොකරීම නිසා සමස්ත ශ්‍රී ලංකාවේම සදාචාරය පිරිහිලා. එම අහිංසක දමිළ තරුණියට නිදහස දුන්නාට විරුද්ධ නොවෙමි. (නි)
මෛත්‍රී පොරොන්දුවුණා අධිකරණ නියෝගවලට ඇඟිලි නොගැසීමට. ඔහු මහින්දව එවැනි චෝදනාවලට චූදිතයකු කළා (බ)
නිතියට වඩා දැනුවත් කිරිම් වැදගත් අපේ පුරාණ උරුමය රැක ගැනිම වැදගත් අනාගත පරපුර උදෙසා (ම)
සත්‍යපාල ඔබගේ අදහස් වලින් පෙනෙනුයේ ඔබ නියෝජනය කරන කොට්ඨාශයේ දේශපාලන මුග්ධ බවයි. කුමන දේශපාලනයක් කළත් මානව හිතවාදී වන්න. (බ)
ඔය කියන පරිදි පළමුවෙනි දවසෙම නිදහස් කලොත්,, ආයමත් මේ වැරදි කරාවි, (හේ)
මෙයා විතරක් නෙවෙයි ගිය ආණ්ඩුව කාලෙත් දුටු තැන අල්ලන්න ඕන ජාතියේ ලොකු ලෙඩ කොටියෙකුට ආණ්ඩුව මහා කරුණාවෙන් කොළඹ ඇවිත් නැවතිලා බෙහෙත් ගන්න අවසර දුන්නා මතක නැද්ද? සුප්‍රබුද්ධ වෙන්න හිතාගෙන මෙහෙම අමන වැඩ දෙගොල්ලොම කරද්දී අපි තමයි හැම පැත්තෙන්ම තැළෙන අසරණයෝ. (බ)
අපේ රටේ පුදුම නිතී (බ)
ලංකාවේ තියෙන්නේ ඡාතීන් අතර ප්‍රශ්ණයක් නොව ගසා කන්නා සහ බලවතා නීතිය හා සදාචාරයට ගරු නොකරමින් අනෙකුන් මර්දනය කිරීමයි.(ම)
ජාතිවාදියෝ වෙඩි තියාවිද මන්ද? (අ)
ස්තූතියි උදය (බ)
ඇයට ලැබුණු මෙම වාසනාවන්ත නිදහසෙන් ඇය සමාජයට පරිසරයට සේවයක් කිරීමට ඉටාගත යුතුයි ..රටේ ශ්‍රී විභූතිය ආරක්ෂා කර ගැන්මට තම ශක්ති ප්‍රමාණයෙන් කුඩා දරුවන් ව හෝ පෙළඹවිය යුතුයි ..(බ)
මේ වගේ අහිංසකයෝ තවත් ඇතුලේ ගොඩක් ඇති . මහා හොරු ,දූෂිතයෝ ,වංචාකාරයෝ නිදැල්ලේ එළියේ රජ සැප විදිනවා ! නීතිය කියන එක තවම හැමෝටම පොදු වෙලා නැහැ .(හේ)
දැන් කට්ටිය එයිද දන්නේ නෑ, දන්නේ නැතුව කළේ... පලවෙනි වතාව කියාගෙන...(හේ)
මටත් හිතෙනවා දන්න සිංහලෙන් පෙම්වතාගේ නම ලියල සිරගත වෙන්න... .ඒත් මට කවදාවත් සමාවක් නැති බවත් දන්නවා .(හේ)
නමුත් මෙතන වෙලා තියෙන්නේ මනුස්සකමේ අගය ලොවට පෙන්වීමක්. කෙසේ නමුත් ඇය මාස 3 විතර සිරදඩුවම් වින්දා.කළ වරදේ බරපතලකම තේරුම් ගැනීමට හොඳ කාලයක්. (නි)
නිදහස් කළේ අපරාධකාරයෙක් නෙමෙයි. ඔය වගේ කතා කියන්න එපා වන්නි (නි)
සීගිරිය යනු කුමක්ද කියා බොහෝ දෙනෙකුට අමතක් වී ඇති බව නම් හොඳින් පෙනෙනවා. සීගිරිය නැරඹීමට යනවා නම් එහි යන්නේ මොකටද කියා පොඩි හෝ අදහසක් තිබිය යුතුයි. (නි)