සීගිරිය අභය භූමියේ කැලේ කපා හෝටල් සෑදීමේ ජාවාරමක් හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව ගැමියෝ කියති. දියකැපිල්ලේ අක්කර 15ක් 20ක් පමණ වනය කපා දමා ඇති බව ගොවීන් ලෙස වෙස්වලාගෙන එහි ගිය විට දක්නට ලැබිණි.
1990 දී අක්කර 12,500ක් සීගිරි අභය භූමිය ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කැර ඇත. වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.පී.ජී.පතිරණ මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ විනාශය බැලිමට ගිය බවයි. ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුම්වත් කරණ බව ද හෙතෙම කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන සමාජ ක්‍රමය යටතේ කිසිදිනක මෙම විනාශයන් නතර වන්නේ නැත. රාජ්‍ය සම්පත් හොර රහසේ පවරාදීම ඊයේත් සිදුවිය, අදත් සිදු වේ. එය හෙටත් සිදුවනු ඇත. (නි)
ලංකාදීප පත්‍රය කරන මෙහෙය අගය කරන්න අවශ්‍යයි (නි)
මෙහෙමට ගියොත් ලංකාව නුදුරු අනාගතයේදී සහරා කාන්තාරය අභිබවා යාවි (නි)
මේ වගේ සිධියක් වහාම ජනාධිපති තුමාට මොන ක්‍රමයෙන් හෝ කිව යුතයි . පරණ ලොක්ක හිටියානම් අහයි ඇයි මටත් හොරෙන් මේක පටන් ගත්තේ , කෝ මගේ ගාණ කියලා . (ස)
සංවර්ධනයේ වේගය වැඩිවෙලා වගෙයි. (ස)
මෙහෙමත් මිනිස්සු! (නි)
මෙච්චර දෙයක් සිදුවෙනතුරු අදාළ නිලධාරීන් නිදාගෙනද සිටියේ? (නි)