සීගිරි සිංහ පාදයේ අකුරු කුරුටු ගා විකෘති කිරීමේ සිද්ධිය සහ සීගිරිය භාර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංස්කෘතික ඇමැතිවරයාගේ ඉල්ලයි.
ලෝක උරුමයක් වන සීගිරිය රැක ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි නිලධාරීන් උනන්දු වන්නේ කෙසේදැයි මේ සිද්ධියෙන් පෙනෙන බවත්, තමා මේ ගැන දැනගත්තේ ලංකාදීපයෙන් බවත්, එය හෙළිකිරීම ගැන ලංකාදීපයට ස්තුතිවන්ත වන බවත් ඇමැති කියයි.
සීගිරි චිත්‍රවල තාර ගෑමේ සිද්ධිය සමයේ සංස්කෘතික ඇමැති වූයේ තම පියා (පී බී තෙන්නකෝන් මහතා) බවත්, එය ඇසූ සැණින් තම පියා හඩා වැටුණු බවත්, මේ සිද්ධියෙන් තමා ද දැඩි කම්පාවට පත් වූ බවත් තෙන්නකෝන් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටුවක් පත් කරන්න (දී)
ඒක හොද වැඩක්
වැරදි කරුවන්ට රාජකාරිය පැහැර හැරීමේ වරදට දැඩි දඩුවම් දියි යුතුයි (ස)
ඒකටත් බනිවිද දන්නේ නැහැ (දී)
හරියට හරි ඒකම තමයි වෙන්න ඕන ඇමැති තුමනි (අ)
කවර කටඩ අඉබොවන්ඩා සීගිරි කළමනාකරු සිගිටියේ වටිනාකම දන්නේ නැත්නම් පාසල් දරුවන්ගැන මොන කතාද (අ)
උපරිම දඩුවම් දෙන්න මේ මෝඩ රැළට (ස)
කතාවලින් වැඩක නැහැ ඇමැති තුමා. වැරදි කරපු ළමයින්ට නිලධාරීන්ටත් දඩුවම් කරන්න (අ)
සම්පූර්ණ වැරැද්ද කළමනාකරු අතේ වහාම ඔහුට දඩුවම් කල යුතුයි (ස)
කලමණාකරු මාධ්‍යවේදීනට බැන්න විදිහට, පරික්ෂන කරන්න යන්න වෙන්නේ හමුදාවක් අරගෙන. (ස)
කුරුට්ට විතරද පේන්නේ ?? (ස)
ඇමතිතුමනි, ඔවුන්ට දැඩි දඩුවම් දෙන්න.(නදී)
මේවා රැක ගන්න කවුරුත් නැද්ද (දී)
සොයා බලා ඒ සම්භන්දව පියවරක් ගන්න (දී)
ඇමැති තුමිනි වැරදි දරුවන් අතේ නොවෙයි පළමුව ගුරුවරුන්ගේ, දෙවනුව සීගිරිබ බලධාරීන්ගේ (අ)
ජනපති තුමනි එනපොට හොඳ නැත (අ)
රාජකාරිය හරියට නොකිරීමත් වරදක්..අනිත් වැරදි කරුවන් ගෙදර යැව්වා වගේ මෙයාලවත් ගෙදර යවනවද ? (ස)
ඇමතිතුමණි, සීගිරියේ නිසි ලෙස සේවය ඉටු නොකර වැඩ පැහැරහරින නිලධාරීන් වහාම ඉවත් කරන්න (ස)
ඒකටත් බනිවිද දන්නේ නැහැ (දී)
මමනම් දැක්ක විදිහට මේ වැඩේ කරන්න සුලුපටු වෙලාවකින් බැහැ. පොල්ගෙඩි අකුරු වලින්නෙ ලියලා තිබුණෙ. අඩුම ගානෙ වරුවක්වත් යයි ඔය වැඩේට. බලාගෙන ගියාම අපේ අනෙක් පුරාවිද්‍යාත්මක වස්තු ගැන කවර කථාද? (නි)