පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහපාදය කුරුටු ගා ඇති බව සහ සිංහ පාදය අසළ ආරක්ෂාවට කිසිදු නිලධරයකු යොදවා නොතිබීම ගැන ලංකාදීප පුවත්පත්තේ සහ එසැණ වෙබ් අඩවියේ වාර්තා පළ වීම සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසිංහ මහතා දොස් නැගීය.
මාධ්‍යයට අනවශ්‍ය දෙයක් කරලා යැයි ඔහු කීවේය.
මෙය සුළු සිද්ධියක් බවත්, ලංකාදීප වාර්තාකරුවනට නැවත සීගිරියට ඒමට ඉඩ නොදෙන බවත් වීරසිංහ මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යා නිලධරයකු පැවසුවේ මෙය සුළුවෙන් තැකිය නොහැකි බවයි.
මීට පෙර මෙවැනි සිද්ධි වී ඇති බවත්, පාසල් සිසුන් මේවා නැරඹීට එද්දී එහි ඇති පුරා විද්‍යා වටිනාකම හා සිසුන් හැසිරිය යුතු අන්දම කියා දිය යුතු බත්, සිංහ පාදය ළඟ ආරක්ෂකයන් නොයෙදීම ගැන සොයා බැලිය යුතු බවත් එම නිලධරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගිරිය රැක ගන්න ඕන අපි
සුළුද? මහද? නොවේ ප්‍රශ්නය වැරැද්ද වැරැද්දමයි. ඔය හානිකරේ ජාතියේ අනාගතයට, බලන්න කොළඹ තාප්ප, නානාප්‍රකාර දේ ලියලා. මෙයාලත් හිතන්න ඇති සිගිරි ලදූන්නේ ඉන්නේ මොනවහරි ලියමු කියල කොළඹ වගේ. ඒවගේම පක්ෂ තීන්ත වලින් හැමතැනම එක එක සටන් පාඨ ලියලා තියෙන්නේ . වපුරන දේ තමයි ඔය කපන්නේ (ස)
කලමණාකරු යනු කළ යුතු දේ මනාවට කරන පුද්ගලයා. එහෙම නේද? ඔබ මුලු පුරාණ උරුමයේ කලමනාකරුනේ. එහෙනම් ඈයි මහත්තයෝ සීගිරියට නගින තැනවත් මුරකාරයෙක් නොදැම්මේ? දවසකට කී පාරක් ඔබතුමා නිරීක්ෂණ චාරිකා යනවද? වැදගත් ස්ථාන වල අඩුම ගානේ කැමරා පද්ධතියක් වත් සවිකරලා තිබෙනවා නම් එහි නිරීක්ශක නිලධාරියා නිදාගෙනද හිටියේ? සංස්කෘතික ඇමතිතුමනි, අපට ප්‍රශ්නය කොල්ලෝ කොලුකමට ලියපු එක නොවේ. අපේ උරුමයන් රෑකගන්න මහජන මුදලින් පඩිගන්නා අය ඒවා රැක නොගන්නා එකයි. මේ සටහන වගකිවයුතු අංශ වෙත යොමුවේවා. (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
මාධ්‍යවේදීන්ට පුප්පන්නේ මෝඩ මිනිස්සු (ස)
මහත්තයෝ මාධ්‍යට විතරක් මොකුත් කියන්න එපා (දී)
කාගෙන් හරි හම්බවුණ පත්වීමක් වෙන්න ඇති. දුක්වෙවී බලන් ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නැති එක තමයි දුක. රට කරන අය හරියට ඒ දේවල් කරනවනම් මෙහෙම වෙන්නෙ නෑ. (ස)
හොදට හොයලා බලන්න වෙනවා. (නි)
පුරාවිද්‍යා අමාත්‍යංශය මුලින්ම කරන්න ඕනෙ මේ කලමණාකාර තැන අයින් කිරීමයි.තමන්ගෙ වරදට මාධ්‍යට බැනලා වැඩක් නෑ. ලෝක උරුමයක් පාලනය කරන්න සුදුස්සෙක් දාන්න එපැයි. පාසැල් වලින් උනත් මේවා ගැන දැනුවත් කරන්න ඕනේ මෙහෙම තැන් වලට යනකොට.(අ)
ඔය වගේ අය නිසා තමයි පාරම්පරික උරුමයන් අද අපේ රටට නැතිවේගන යන්නේ (ස)
ඔය නිලධාරීන් ඔය දේවල්වල වටිනාකම දන්න අයෙක් ද? ළමයින්ට කලින් ඔය ගොල්ලන්ට මේ වටිනාකම ගැන කියා දිය යුතුයි (අ)
ඇත්ත පෙන්නුවාටද (දී)
නීතිමය ක්‍රියාමාර්ග ගන්න (දී)
මම හිතන්නේ මේ වගේ අවස්ථාවක කාංචන මහතාට අවස්ථාව තිබෙනවා තමුන්ට කල තර්ජනය ගැන පොලිසියට පැමිණිල්ලක් දමන්න.මොකද එතකොට නිතිය ඉදිරියේ ඔහු කියන්නේ මොනවද කියා රටම දැනගැනී.මම දැක්ක අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේම මේක පළකර තිබෙනවා,මාධ්‍ය ආයතනයක් ලෙස ඔබ වගකීම ඉටු කොට තිබෙනවා,වරක් සිගිරි රූප විනාශ කල මොහොතේ ඉතාලියෙන් අපු ලුසියානෝ මරන්සි මහතා ඒවා රැක ගත්තා. අපේ මුදලින් පඩි ගන්න රජයේ නිලධාරීන් මෙම බැන වෑදීම ගැන සදුදා පත්තරෙත් මුල් පිටුවේ දාන්න පුළුවන් නම් අඩු ගානේ ජනාධිපතිතුමා වත් මෙම අය ගැන පර්රික්ෂණයක් වත් පවත්වාවි, මොකද රටේ ඉන්න අනික් අයට ඕක සුළු දෙයක් වන්නට පුළුවන් නිසා.පොඩියට දැම්මොත් ගණන් ගන්නේ නෑ. සිංහ පාදයට කල විනාශය සුළුවෙන් තැකූ කෙනා ගැනත් ලියන්න. (ස)
විදේශිකයෙකුගෙන් රු.3900 අය කරනවා සීගිරිය නරඹන්න. ආරක්ෂක නිලධාරීන් කී දෙනෙක් යොදවන්න පුළුවන්ද සීගිරිය රැක ගන්න (ස)
ඔය වගේ තැන්වල ඉන්න සමහර නිලධාරින් නිසි පරිදි සේවය කරන්නේ නෑ. ලංකාදීප පුවත්පත්තේ එසැණ වෙබ් අඩවියේ නිලදරුවනි, ජතියකට ආදරයක් නැති මිනිස්සු දොස් නැගුවට අපි නිතරම ඔබලා සමගයි. (ස)
සිංහ නමක් තිබුනට සිංහ ගතියක් නෑ ඒ මහතාට (අ)
ලංකාදීපය මොන වරදක් කලාටද
පාසල් ළමයින්ට ඉතිහාස ඉගැන්වීමට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ කට්ටියට ඉතිහාසය නැවත ඉගැන්විය යුතුයි (ස)
මොහුගේ ඡායාරූපයක් ඉදිරිපත් කරන්න. (ස)
සිංහ නමක් තිබුනට තියෙන ගති සිරිත් නම් හොඳ නෑ (ස)
ඔය තියෙන්නේ වැඩේ, වරද පෙන්නලා දුන්නාම බනින්න එනවා (දී)
අනේ අනේ මෙහෙමත් නිලධාරීන්. මාධ්‍යවේදීන් හිටියට නියම වෙලාවට වැරැද්ද පෙන්වාම ඔහෝමද කතා කරන්නේ (අ)
මේ වගේ මිනිස්සු මේවාට ගැලපෙන්නේ නැහැ. (අ)
මහත්තයා මාලිංග ට උන දේ අමතකද (දී)
හරි වැඩක්නේ (දී)
මම ලංකාවේ හිටියානම පොලිසියට බැරි දේ මම කරනවා (අ)
වරද පෙන්වා දුන්නාම සලකන හැටි (දී)
මොකටද ඒ බනින්නේ වරද පෙන්වා දුන් නිසාද (දී)
මොකද්ද ලංකාදීපය කල වෙඅද වරද (දී)
මේවට පුරාවිද්‍යා මහත්තුරුන්ටම බැණලා වැඩක් නැහැ මහත්තයෝ. (නි)
හැමතැනම ලොකු තැන්වල ඉන්නේ සිංහල අය. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. (නි)
සීගිරියට එන සැම පාසැල් කණ්ඩායමකටම මග පෙන්වන්නෙක් ගැනීම අනිවාර්ය කරන්න ඕනෑ. එදා රජ කොරපු රජ කෙනෙක් හිටියා නම් මෙලහකට ලියපු අයව එලොව යවලා. අපේකමක් නොදන්න ඇත්තන්ගෙන් රටට ඇති සෙතේ කුමක්ද? (නි)
මෙහෙමත් මිනිස්සු ඇත්තට (දී)
ඒ එයාගේ අත පසු වීම ලෝකෙම දැනගනී කියලා
ඔය සිංහ පාදයෙ අසල ලොකු කුහරයක් තියෙන්නේ. අකුනක් වැදිලා නම් වෙන්න බැහැ. (නි)
මේවයේ වටිනාකම පාසල් සිසුන්ව දැනුවත් කරන්න ඕන..මේවට ගුරුවරු වගකියන්න ඕන (ස)
කාංචන කුමාර ආරියදාස හා තරිඳු ජයවර්ධන මහතානනි කිසි දෙයකට බිය නොවන්න. මේවා අපේ උරුමයන්. මේවා ආරක්ෂාකර ගැනීම සදහා මාධ්‍යය මැදිහත් වීම ඉතා වැදගත්. අපි ඔබ සමගයි. (ස)
බලධාරීන් සම්පූරණයෙන්ම වග කිව යුතුයි. මීට වඩා ක්‍රමවත්ව අපේ උරුමයන් ආරක්ෂා කරන ගන්න ඕන. බළධාරීන් නිදාගෙන ඉන්නේ අයි මේ (අ)
පාසල් ළමුන්ට කලින් කලමණකාරතුමාට දඩුවම් කළොත් හොඳයි වගේ,නැත්නම් ආයෙත් කියයි සුළු දෙයක් කියලා (ස)
මාධ්‍ය කියන්නේ රටත් ජනතාවත් ආරක්ෂා කරන ආයුධයක්. මාධ්‍යයෙන් හරි කමක් නැහැ වැරැද්දක් පෙන්නලා දුන්නහම ඒක පිළිගන්න ඕනෑ. (නි)
ඔන්න ඉතින් දිවි නසා ගන්න තමයි ඔය හදන්නේ (දී)
මෙයාට සුළු දෙයක් වුණාට අපිට මෙය මිල කල නොහැකි වස්තුවක් . කවුද මෙයාට මේ වගකීම දුන්නු කෙනා (ස)
ඒ බව පේනවා (ස)
මේ තැනට විදේශිකයෙක් පත් කලානම් මීට වඩා හොදට රැක බලා ගන්නව.ඔවුන්ට මේව ගැන අපේ අයට වඩා කැක්කුමක් තියෙනව. කවුරුවත්ම නැත්නම් රටේ ජනාධිපතිතුමාවත් මේ වගේ වැරදි වැඩ කරන්න පුද්ගලයන් ගැන තීරණයක් ගන්න. මොකද කවද හරි සිංහ පාදය ගලවගෙන ගියත් කියන්නෙ ඔය මිනිස්සු මේක ගනන් ගන්න දෙයක් නෙමේ සුළු සිද්ධියක්ය කියල. තමන් අතින් වගකීමක් පැහැර හරියම ඒ ගැන පෙන්වා දීම වගකිව යුතු මාධ්‍යයක යුතුකමක්. මේ මිනිස්සු ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනව වෙනුවට කරන්නෙ මාධ්‍යයට තර්ජනය කරන එකනේ වැඩේ. (ස)
ඇයි මේවා මීට කලින් දැකල නැද්ද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න. යන වචන ආදර්ශයට ගන්න. (ස)
වරද කරුවන්ට බනින්න (දී)