සීගිරි අභය භූමියේ වැව් රක්ෂිතයක හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකුට අක්කර හතක් වෙන් කර දී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු විරෝධය දක්වති.
මෙම ඉඩම ලබා දී ඇත්තේ අභය භූමියක් බවට 1990 ජනවාරි 20 වැනි දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්, වනසත්ව රැක්ෂලතා ආරක්ෂක ආඥාපනතින් නම් කළ කායම්විල වැව් රක්ෂිතයෙනි.
සීගිරි පර්වතය පෙණෙනතෙක් මානයේ ඇති මේ අභය භූමියේ අලි ඇතුන් ඇතුළු වනසතුන් ජීවත්වෙති.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් පැමිණ විරෝධතා කරුවනට පවසා ඇත්තේ මේ ගැන, තම පියාවන ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා වන ජනක බණ්ඩාර තෙන්නකොන් සමග සාකච්ඡා කර ඉරිදා වන විට විසැඳුමක් දෙන බවයි. සීගිරිය බාර වන ජිවි නිලධරීන් පවසන්නේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික විනාශයක්
ජාතික උරුමයක හෝටල් දාන්න
අවසර දුන්නද
අයියෝ ලංකාව
ක්‍රිකට් කියන්නෙ කාලය කා දමන ක්‍රීඩාවක් .ලෝකයේ කිසිම දියුනු රටක් මේ ක්‍රීඩාව කරන්නෙ නෑ...(නු)
රට කරවන්න නම් වටිනා දේ විකිණිය යුතුයි..!(නු)
අපරාදෙ ඔය හෝටලේ සීගිරි ගල උඩම හැදුවනම් තමයි හොද?(නු)
සිංදුවකත් තිබුණා " සීගිරි ගල විකුණමු ගල් කොරියකට " කියලා. (ස)
අපේ රටේ ඉතිහාසය වනසන අයටනම් හොඳක් වෙන්න එපා...(ස)
මේ වගේ දෙයක් ගොවියකුට කරන්න පුළුවන්ද ? තව ටික දවසකින් කියයි සීගිරි ගල බදින්න පිට රට සමාගමකට බදු දුන්න කියලා.. ගල් කොරියක් දාන්න..!(නු)
ඒ ක්‍රිකට් ක්‍රීඩකයා ආණ්ඩුවට ආවඩපු එක්කෙනෙක්ද? (නි) (නි)
මට සැකයි මෙයා අර පසුගිය රියලිටි වැඩසටහන් වලට සහභාගි වුණ කෙනෙක්ද කියලා? (නි)
මේ වාගේ මිනිස්සු ඉන්න රටක මේවාගේ ලිපි කොච්චර දම්මත් වැඩක් නෑ (අ)
ඒවා කොහෙද
අමන දනන් ගැරහූවත් සතර අතේ මේවා නොකෙරුවොත් අපි හාමතේ පුතේ... (නි)
ඕකේ හෝටල් ගහන්න ආවොත් අපි බලාගන්නම්.....(ස)
කෝ මේවට වග කිවයුතු පුද්ගලයින්..!(නු)
මහත්වරුණේ ළග බලන්න එපා දුර බලන්න.. වතුරත් නැති එකේ.. රස්සාවලුත් අඩු එකේ අඩුම ගානේ හෝටල් ටිකවත් හැදුවනම් ගමේ කට්ටියට රස්සාවල් ලැබෙයි.. කැලේ අය වගේ ක්‍රිකට් එහෙම සෙල්ලම් කරලා ඉන්නයි තියෙන්නේ.. (නු)
" දෙයියනේ මොනවද මේ අහන්න ලැබෙන්නේ...... මේ යන විදියට තව පරපුරකට තියා අපිටවත් මේ උරුම නැති වේවි..(ස)
මටත් එකවරම මතක් උනේ නන්දාමාලිනී මහත්මියගේ සිංදුව. සීගිරිය නොබලපු කට්ටියත් ඉන්න රටේ ගල් කොරියක් නොදැම්මොත් තමයි පුදුම වෙන්න ඕනෙ.(ස)
මේ කරන අපරාද නිසා තමයි ලංකාවට හරියන්නේ නැත්තේ.. එන්න එන්නම වැටෙනවා..!(නු)
ක්‍රිකට් ක්‍රීඩකයෝ හෝටල් ගහන්නේ නැතුව බෝල් ගැහුවනම් ඉවරයිනේ...(ස)
මේවට අනුබල දෙන අයට ජාතියක් ජම්මයක් නැති අය කියලයි හිතෙන්නේ.. අපේ ලේ රත්වෙන එක විතරයි මේ දේවල් බලා ඉදලා වෙන්නෙ..!(නු)
මේක වරදක් නැහැ ඒ ප්‍රදේශයේ මිනිසුන්ට යහපතක් වෙනවා නම්.. සීගිරියට තව හෝටල් අවශ්‍යයි.. මේ වගේ මින්නේරිය පොලොන්නරුව අනුරාධපුරය වැව් ආසන්නයේ ඉඩම් ආයෝජකයින්ට ලබා දෙන්න..!(නු)
ඔය හෝටලය ලඟම ක්‍රීඩා පිටියකටත් බිම් කොටසක් වෙන් කර ගන්න.එතකොට හරි ..(ස)
මටත් අක්කර 2ක් විතර ගන්න පුලුවන්ද? (නි)
සංචාරක කර්මාන්තයට හොදක්ද
වැඩේ නරකමත් නැහැ
ඔය කට්ටිය කණ්ඩලම හෝටලය හදනකෙටත් නැති ලෙඩ දැම්මා.. මොකද උනේ අද ඒ අයම ඒකට ගිහිං කනවා බොනවා..කණ්ඩලම මොකද සීගිරිය මොකද රටක් දියුණු වෙනවාට අකුල් හෙලන්න එපා.. මේ විසි එක්වන ශතවර්ශය..!(නු)
කවුද ඒ ක්‍රීඩකයා....(ස)
අපේ මූතූන් මිත්තන් එදා රැක ගෙන ආ ඓතිහාසික වටිනාකමින් යූත් පවූරානික වස්තූන් සහ භූමි විනාශය කරනකමි බළධාරීන් නිදිද...? මිළ කල නොහැකි මෙවැනි භූමිවල හෝටල් ඉදිකිරීම හරිද..? එවැනි ඉදිකිරීමි වලට වෙනත් ස්ථාන නැද්ද...? වගකිය යූතු මැති ඇමති වරු කෝ...? (ස)
මට පේනෙන විදියට දේශපානනයට බර අය මේ ශතවර්ශය තුලම අපේ මුළු සංස්කෘතික ත්‍රිකෝණයම රෝල් කරලා දමයි වගේ..!(නු)
කාටද පුළුවං උනේ කණ්ඩලම හෝටලය සෑදීම නවත්තන්න? නමුත් අද කණ්ඩලම ඉතාම හොදින් ක්‍රියාත්මක වෙනවා.!(නු)
රටේ සම්පත් මෙහෙම විනාශ වෙන්න දෙන්න බැහැ.. (නු)
රට කරවන්නනම් මසුරන් නැතුව බැරි - වටිනා කියන දේ විකිණිය යුතුය රටේ(ස)
රටවල්වල සූද්දෝ මෙවැනි වටිනා කියන දේවල් රැක ගෙන ආරක්සා කරන විට අපේ රටේ ඉන්න අය ඒවා විනාශ කරනවා.....අපේ රටට ගිය කලක්...(ස)
අපේ පාලකයො මොකද කරන්නේ? කොහොමද රටට අයිති දේවල් හිතුන හිතුන අයට දෙන්නේ? කිසිම විනිවිද භාවයක් නෑ..
කෝ අර පුරාවිද්‍යා චක්‍රවර්තිලා? ඇයි නිශ්ෂබ්ද? කෝ ඉස්සර සීගිරිය විකුනනවෝ කියා කැගහපු අය? මේවා ජේ ආර් කරනකොට විතරද නරක?
අයි.පී.එල් ගිය කෙනෙක්ද ? (ස)
මුදලට යට වෙනවා (අ)
මට හිතෙන්නේ එයා වල්ගා තරුවක්. ඒවා පායන්නේ ටික කාලයයි. (නි)
අනේ අවාසනාවන් අපෙ මව්බිම..!(නු)
හොද හයියක් තියෙන කෙනෙක් මොනවා උනත්.!(නු)
මොකද්ද මේ වෙන්නේ
ඔතනම පිට්ටනියක් හදලා අලින්ට ක්‍රිකට් ගහන්න පුරැදු කළානම් හරි එතකොටෙ වැඩ දෙකම වෙනවා.!(නු)
සීගිරිය මුදුනෙම හෝටලය ගැහැවනම් හොදයි නේද?(නු)
ඉස්සර නම් කිව්වෙ මම මේ රටේ භාරකාරය විතරයි කියලා.. දැං බාර ඔප්පු කරනවා වගේ..!(නු)
කෝ මේ විමල්..!(නු)
නන්දා මාලනියගේ.. රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ. අගනා කියන දේ විකිණිය යුතුය රටේ ...
ගිය ආත්මයේ පිං කරපු අය වෙන්න ඇති.. අනේ තව තවත් ලැබන්න ඕන.. අපි රැපියල් 2500න් ජීවත් වෙන්නම්..!(නු)
ක්‍රීඩකයා කවුද?(නු)
වනජීවී නිලධාරීන් මොනවාද දන්නේ..!(නු)
මොකුත් කියන්න එපා..!(නු)
සොබාව සෞන්දර්යේ අසිරිය විදිය හැකි අයුරින් එයට හානි නොවන අයුරින් කණ්ඩලම හෝටලය, අමායා ලේක් වගේ එකක් හැදුවට කමක් නැහැ.. මම නම් කැමතියි..!(නු)
සීගිරිය අපේ විතරක් නේවෙයි.. ලෝක සංස්කෘතික උරැමයක්.. මේවා වනසන්නේ එවන් වටිනා සම්පතක්.. යුනෙස්කෝ අවධානය වෙත යොමු කළ හැකිදැයි සිතේ..!(නු)
අාදි වාසීන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වුවත් මෙවන් ලෝක සංස්කෘතික උරුමයක් රැක ගැනීමට එය පණ මදි.(නු)
සිගිරි කැළේ ක්‍රිකට් ගැහුවේ නුඹයි පුතේ. (නි)