IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංගීතය මගේ ආත්මයයි

ජාත්‍යන්තර වශයෙන් තම කලා නිර්මාණයක් එළිදැක්වීම  ඕනෑම කලා ශිල්පියකුගේ ශිල්පිනියකගේ ලොකුම ලොකු බලාපොරොත්තුවකි. ඒත් මේ ලොකු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැත. නමුත් පෙරළිකාර තාරුණ්‍යයේ ජනපි‍්‍රයත්වය ලද ගායන ශිල්පිනි අශාන්ති ද අල්විස් හට ඒ දුලබ අවස්ථාව ලැබී තිබේ. තාරුණ්‍යයේ ගායන ශිල්පිණියක ලෙස ඇයට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ ආසියාවේ ප‍්‍රමුඛතම සංගීත නිර්මාණ බෙදාහැරීමේ සමාගමක් වන ඉන්දියාවේ යුනිවර්සල් මියුසික් ආයතනය සමග එක්ව ගීත ඇල්බමයක් මුදා හැරීමත්  සමගය. ඉංග‍්‍රිසි භාෂාවෙන් නිර්මාණය වූ මේ ගීත මේ වන විට ජාත්‍යන්තර සංගීත කරලියට එක් වී හමාරය. එහි එළිදැක්වීමේ උළෙල පසුගියදා සිදු කෙරිණ. ‘‘අශාන්ති රොක් ද වර්ල්ඞ්’’ (Ashanthi Rock the world ) නමින් ලෝකයට මුදා හැරී ඒ ගීත ඇල්බමයට අමතරව මේ තරුණ ගායන ශිල්පිණිය පසුගිය කාලය පුරා බටහිර සංගීත කරළියේ බොහෝ සම්මාන රැසක් දිනා ගනු ලැබුවාය.

 

ජාත්‍යන්තර සංගීත වේදිකාවට ගිය අශාන්ති.

අශාන්ති ඔබ කොහොමද මේ අවස්ථාව ලබා ගත්තෙ? මගේ පළමු ගීත ඇල්බමය කළේ සෝනි මියුසික් සමාගම. නමුත් මගේ ගීත විතරක් ඇතුළත් ප‍්‍රථම ගීත ඇල්බමය කළේ යුනිවර්සල් මියුසික් සමාගමයි. එය පිහිටා තිබෙන්නෙ ඉන්දියාවේ මුම්බායිවලයි. එදා ඒ ගීත එකතුව කළ දවසේ සිට ඔවුන් සමග ලොකු සබඳතාවයක් ඇතිකර ගෙන තිබුණා. මේ ඉංග‍්‍රීසි ගීත ඇල්බමය ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ලැබුණේ ඒ අනුවයි.   යුනිවර්සල් මියුසික් ආයතනය ලෝකයේ ජනපි‍්‍රය චරිත සඳහා මේ විදියට නිර්මාණ එළි දක්වන ආයතනයක්ද? ඉන්දියාවේ සිටින අංක එකේ ජනපි‍්‍රය චරිත වන සෝනු නිගම් ඇතුළු බොහෝ ශිල්පීන්ගේ සිට බටහිර අංක එකේ පොප් ගායිකා ලේඩි ගාගා, ජස්ටින් බීවර්, ජෙසී ජේ. ඇතුළු බොහෝ දෙනා වෙනුවෙන් නිර්මාණ එළිදැක්වූ ආයතනයක්.   මේ ගීත එකතුව නිර්මාණය කිරීමට ඔවුන් ඔබව විශේෂයෙන් තෝරා ගත්තෙ ඇයි? මගේ රිද්මය බටහිර ආරට වඩාත් හුරුයි. මේ නිසා මටත්  ඕනෑ වුණේ ලංකාවේ දෙයක් ලෝකයට මුදා හරින්නයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් අපටත් නිර්මාණ කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මොකද බටහිර බොහෝ දෙනා හිතන්නෙ අපට එහෙම කරන්න බැහැ කියලයි. නමුත් ලෝක සංගීත කරළියේ ලොකු දෙයක් අපටත් කළ හැකි බව අප පෙන්නුම් කළා.   මේ නිර්මාණ එකතුව එළි දැක්වූ විදිය සහ ගීත නිර්මාණය වූ විදිය ගැන කතා කළොත්? මෙහි අඩංගු ගීත බොහොමයක තනු සහ ගීත රචනා කළේ මම. බොහෝ  ගීත නිර්මාණය කළේ මගේ ශබ්දාගාරයේ සිටයි. ශබ්ද සංකලනය කළේ ෂෙනාල් මද්දුමගේ. රංග දසනායක ස්වර සංයෝජනය කළා. (රොක් ද වර්ල්ඞ්) කියන මෙහි ගීත 10 ක් ඇතුළත්ය.   මේ ගීතවල ආකෘතිය මොන වගේද? මේවා සියල්ලම වාණිජ ජනපි‍්‍රය අංශය කියලා කිව්වොත් නිවැරදියි. ඒවා ඇසෙන විට නර්තනය ගලා එන රිද්මයක් අඩංගුයි. තාරුණ්‍යය ඉලක්ක කර ගෙන කළ ගීත එකතුවක්. එක් ගීතයක් ශාස්තී‍්‍රය මට්ටමේ එකක්. රන්ධීර් සමග එක් යුග ගීතයක් ගැයුවා. තවත් ගීත දෙකක් සඳහා මැලේසියාවේ ප‍්‍රකට ශිල්පී රෙෂ්මෝනු සහ ඉන්දියාවේ බෙනී ගයාල් සමග ගැයුවා. ඊට අමතරව වෙනස්කම් තුනක් යටතේ ගීත ඇල්බම් එළි දැක්වූවා. තනිකරම ඉංග‍්‍රීසියෙන් ඉංග‍්‍රීසි සහ හින්දි සිංහල සහ දමිළ වශයෙන් එලෙස ඉදිරිපත් කළා.   මෙයින් පසු ඔබට බටහිර ප‍්‍රසංග වේදිකාවේ දොර ඇරේවිද? දැනටමත් ඉන්දියාවේ යුනිවර්සල් මියුසික් සමාගම එක්ක ප‍්‍රසංගයකට ආරාධනා ලැබී තිබෙනවා. ඇත්තටම බටහිර ප‍්‍රසංග වලටත් ආරාධනා ඒවි. අපට ලොකු දෙයක් කරන්න පුළුවන් බව මට විශ්වාසයි.   මෙම ගීත එකතුවේ ඔබ දකින සුවිශේෂි වෙනස කුමක්ද? අනෙක් ඇල්බම් සියල්ල දිහා බලනවිට මෙහි ඉදිරිපත් කිරීමේ ශෛලියේ සිට රිද්මය සියල්ල වෙනස්. මෙය ඇත්තටම ලොකු අත්දැකීමක්. ලොකු වෙනසක් කියලයි මට හිතෙන්නෙ. ජාත්‍යන්තර මාකට් එක ගැන හිතලාම කළ ගීත එකතුවක්.   ඉංග‍්‍රීසි ගීත ඇල්බමයක් ජාත්‍යන්තරයට මුදාහළ ප‍්‍රථම ශිල්පිනිය ඔබද? ලංකාවේ ශිල්පිනියක් ජාත්‍යන්තරයට ඉංග‍්‍රීසියෙන් ගීත එකතුවක් කළ ප‍්‍රථම අවස්ථාවයි.   කොහොමද පුද්ගලික ජීවිතේ තොරතුරු? මෙයින් පසුව සිංහල ගීත එකතුවට ලෑස්ති වන නිසා ශබ්දාගාරයේ තමයි වැඩිපුර කාලය ගෙවෙන්නෙ   වැඩිපුර ඔබ ගයන්නෙත් ආදරය තේමා කරගත් ගීතයි. පුද්ගලික ජීවිතයට සමීපව ආදරය ගැන විමසුවොත් දැනට පවතින ආදරයක් නැහැ. ඒ නිසා හරියටම ඒ ගැන කියන්න බැහැ. පෙම්වතෙක් නැහැ.   ඇයි නැත්තෙ? ආදරයක් තිබුණා. දැන් නැහැ.   ආදරය ඔබ දකින්නෙ මොන විදියටද? හරිම සුන්දර දෙයක්. අනිවාර්යයෙන්ම විඳින්න  ඕනෑ දෙයක්. නැත්නම් ජීවිතයට රසයක් අරුතක් නැහැ.   ජීවිතේ ගැන හිතෙන්නෙ කොහොමද? ඉලක්කයක් තිබිය යුතුයි. 2012 පටන් ගනිද්දි මේ ඉලක්කයට යනවා කියන අරමුණ තිබුණා. ජාත්‍යන්තර වශයෙන් සම්මානත් ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි. ඉංග‍්‍රීසි ගීත එකතුවක් ලෙස ජාත්‍යන්තරයට යන්න ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීම මගේ අරමුණයි.   මේ නිසා සෑහෙන්න මුදල් එහෙමත් ඇති නේද? කලාව කියන්නෙ මුදල් මතම හඹා යන දෙයක්. නෙවෙයි. සංගීතය කියන්නෙ මගේ මුළු ආත්මයයි. ජීවත් වෙන්න මුදල්  ඕනෑ. ඒත් මම ගීත නිර්මාණය කරන්නෙ මුදල් පරමාර්ථ කරගෙන නෙවෙයි. ලෝකයට නිර්මාණයක් කරලා රට නියෝජනය කිරීම තරම් පිනක් තවත් නැහැ.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

සංගීතය මගේ ආත්මයයි

දිවෙස් Saturday, 15 September 2012 01:06 PM

සංගීත දිවිය සුභ වේවා (දී)

:       0       0

හරින් Saturday, 15 September 2012 01:06 PM

ඔබ ලංකාවට සම්පතක් (දී)

:       0       0

චරිස් Saturday, 08 September 2012 09:10 PM

අපිට සිංදු කියන කෙනෙක් ගැන පුවතක් පළකරන්න..!!(නු)

:       0       0

හේමන්ත Wednesday, 05 September 2012 08:20 PM

කෝ ඉතිං, අශාන්තිගේ සිංදුවක් අහන්න අපිට ලින්ක් එකක්වත් දාලා නැහැනේ. (නි)

:       0       0

බාලසූරිය Saturday, 29 September 2012 09:20 AM

අපිටද පිස්සු? (නි)

:       0       0

අකිල Monday, 10 September 2012 01:49 PM

මට නම් ඒ සිංදු වල මෙලෝ රහක් නැහැ. (නි)

:       0       0

ඉසුරු Tuesday, 25 September 2012 02:13 PM

සංගීතය ඔබේ ජීවිතය වගේ කියනවනනම් ඉන් අදහස් වන්නේ ඔබට ජීවිතයක් නැත යන්නයි. සංගීතය ශ්‍රේෂ්ට කලාවකි.එයට නිගා නොකරන්න. පළමුව සංගීතය හදාරන්න. එවිට ඔබට එය හොදින් වැටහේවි. සුබ අනාගතයක්. (නු)

:       0       0

ලක්සූරි Friday, 07 September 2012 11:56 AM

සිංදු හොඳ නෑ කියන්නේ සිංදු අහන අය නෙමෙයි..(ස)

:       0       0

ඩිල්ශානි Sunday, 09 September 2012 04:37 PM

ඒ වුනාට රොක් ද වර්ල්ඩ් කියන එක යු ටියුබ් එකේවත් නැහැනේ.(නදී)

:       0       0

ප්‍රවීන් Friday, 07 September 2012 11:57 AM

සින්දුනම් අහන්න ටිකක් අමාරුයි. ඒත් ඔබ රටට ආඩම්බරයක් (දී)

:       0       0

ඉදුනිල් Tuesday, 25 September 2012 10:15 AM

මෙයා කියන්නේ සිංදු නෙමෙයි කතා ....(ස)

:       0       0

සේනක Monday, 10 September 2012 02:11 PM

මේ ගොල්ලන්ගෙ සිංන්දු අහන්නෙ මෙයාල වගේම පිස්සො තමයි....(ස)

:       0       0

රෝසා Tuesday, 25 September 2012 02:30 PM

ඔයගේ හඩටත්, ඔයාගේ ගීත වලටත් මම ගොඩක් ආදරෙයි..(ස)

:       0       0

රෝසා Tuesday, 25 September 2012 02:32 PM

මම කැමතියි ඔබගේ ගීත අහන්න. කලාව කියන්නෙ හැමෝටම කරන්න බැරි උපතින්ම ලැබෙන ලස්සන වටිනා දායාදයක්.(ස)

:       0       0

ඉවාන් Wednesday, 05 September 2012 10:38 PM

හොඳයි..(ස)

:       0       0

රවින් ද සිල්වා Monday, 10 September 2012 08:59 PM

ඔබේ ගීත ඉතාමත්ම ලස්සනයි..!! ඔබට ජය...!!(නු)

:       0       0

ජගත් බාලසූරිය Friday, 07 September 2012 08:37 PM

මෙයා සිංදු කියන විදිය නියමයි..!! (නු)

:       0       0

අචිනි Monday, 24 September 2012 10:11 AM

ශබ්ධ රසයක් මිස අර්ත රසයක් නෑ මෙයාගේ සිංදුවල ,අපේ කෙනෙක් නිසා සුභ පතනවා. (ස)

:       0       0

සුනීතා Wednesday, 05 September 2012 10:53 PM

ඔබ ශ්‍රේෂ්ඨයි. දීප්තිමත් අනාගතයක් පතමි. (නි)

:       0       0

මධූ Friday, 07 September 2012 01:19 PM

පිස්සු (ස)

:       0       0

සුජාන් Thursday, 06 September 2012 12:21 AM

අපෝ මෙයා ගොඩක් හිතට අරන් ඉන්නේ අපිනම් ගණන් ගන්නේනැතෝ (ස)

:       0       0

වෙනුර Wednesday, 12 September 2012 12:45 AM

සංගීතයේ විවිධාකාර ස්වරූප තියෙනවා. ඒවා ගැන දැනුමත් ඇති අයට ඒවා තේරෙනවා. ඔයාගේ සිංදු ලස්සනයි. (නි)

:       0       0

චමී Friday, 28 September 2012 08:06 AM

ගුටිකන මූණක් තියෙන්නේ .මේ ගායිකාවක්ද ? (ස)

:       0       0

කුමුදු Thursday, 06 September 2012 11:27 AM

අපේ මේ සිංදු මෙලෝ රහක් නෑ... මේ වගේ සිංදු කියන්න පුළුවන් අය ඕනතරම් ඉන්නවා...(ස)

:       0       0

රුවන් Monday, 24 September 2012 05:40 PM

සිංදු කියන්න කලින් සංගීතය ඉගෙන ගන්න.(ස)

:       0       0

ගුණරතන හිමි Saturday, 08 September 2012 04:56 PM

දක්ෂතාවයෙන් පිරිපුන් ඔබට ජය..!!(නු)

:       0       0

මධු Thursday, 06 September 2012 06:20 PM

ටකරමකට ගල් කැට වැටෙනවා මීට වඩා හොඳයි. (ස)

:       0       0

සිසිර Thursday, 06 September 2012 12:47 PM

මටනම් මෙයාගේ ගීතවල කිසිම හරයක් නෑ ? (ස)

:       0       0

ලොකුගේ Monday, 17 September 2012 10:11 PM

ගෝත්‍රික කලාවටත් වඩා ප්‍රාථමිකයි. අහන්න දකින්න හිරිකිතයි. මම මේ කිවුවේ මගේ ස්වාධීන අදහස. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:59 PM

සින්දු නම් ලස්සනයි මූණ නම්...(ස)

:       0       0

අසින්ත Thursday, 06 September 2012 06:56 PM

මෙයා ශ්‍රේෂ්ටයි ? අනේ මන්දා අනේ අපේ රසිකයන්ට මොනවාද වෙලා තියෙන්නෙ කියලා..(නු)

:       0       0

නිතින Tuesday, 18 September 2012 11:39 AM

ඔබේ ආත්මය සංගීතය නම්, ඒ ආත්මය ඔබේ සංගීතයෙන් නිරූපනය වෙනවා නම්... අම්මෝ, මාර ආත්මයක්නෙ ඔයාට තියෙන්නෙ. මට හිතෙන හෑටි හොදේ. හිතේ තරහක් නැහැ මගේ. (නි)

:       0       0

ගයාන් Friday, 07 September 2012 09:07 AM

'' ඔයා මලක් වගේ දැක්කම මට ආස හිතෙනවා'' ...(ස)

:       0       0

ඇන්ජලි Thursday, 13 September 2012 05:12 PM

සංගීතය විශ්ව භාෂාවයි

:       0       0

චන්ද්‍රසිරි Thursday, 06 September 2012 01:37 PM

මාධ්‍ය වලින් බලෙන් අසන්නට සලස්වන නිසා අපිත් අහනවා‍‍....මෙයාට හොඳ කටහඬක් තියනවා.ඇයි ඉතින් හොඳ සිංදු නොකියන්නේ...(ස)

:       0       0

මිලාන් Sunday, 23 September 2012 01:01 PM

මේ ගීත වල තේරුමක් තියෙනවාද? (නි)

:       0       0

ආනන්ද Monday, 24 September 2012 06:42 PM

වැඩේ හොඳයි පුළුවන්නම් අපේ සිංදුවක් ලෝකෙට ගෙනියන්න..(ස)

:       0       0

දුමින්ද Friday, 07 September 2012 09:33 AM

සුභ පැතුම්.. (ස)

:       0       0

චතූ Thursday, 06 September 2012 01:43 PM

පිස්සු. සිංදු කියනවා නෙමෙයි, කෑ ගහනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site