හක්මන ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව රාත්‍රී 10ට නවත්වන ලෙස පොලිසිය දැනුම්දීමත් සමග උරණ වු තරුණයින් පිරිසකගේ පහරදීමෙන් හක්මන පොලිසියේ පස් දෙනෙක් තුවාල ලදහ. තරුණයින් මුලින් සංගීත කණ්ඩායමට පහර දී ඇත. එය නැවැත්වීමට ගිය පොලිසියට ද ඔවුහු පහර දුන්හ. කුපිත වූ පිරිස් හක්මන නගරයේ පෞද්ගලික බැංකුවකට, ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලකට, පොලිස් කැබ්රථයකට, ඉන්ධන පිරවුම්හකට, ලංගම බසයකට, සංගීත භාණ්ඩ වලට හා වෙළෙඳහල් අටකට ද ගල් හා පොලු වලින් පහර දී ඇතැයි ද රුපියල් ලක්ෂ 50ක අලාභයක් වී ඇතැයි ද පොලිසිය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසියට මොකද වෙලා තියෙන්නේ?
නීතිගරුක සමාජයකට ලංකාවේ මිනිස්සු කවදා පුරුදු වෙයිද? කුපිත වූ පිරිස මිනිස්සුද???
හදිසි නීතිය අවලංගු කිරීම ශ්‍රී ලංකාවට ගැලපෙන්නක් නොවේ. ඒ බව දැන් අවස්ථා ගණනාවක දී තහවුරු වී ඇත..
මෙය සංගීත සංදර්ශනය පැවැත්වීමට අනුග්‍රහය දුන් අයගේ වැරැද්ද..නීතියක් තිබේ නම් එය සම්මත කර ගත යුතුයි.ප්‍රේකෂකයන් කුපිත වීම වලක්වන්න බෑ.වගකිව යුත්තන් වගකීම පැහැර හැර,ජනතාවට චෝදනා එල්ල කිරීම වැරදිය.නමුත් ප්‍රහාර එල්ල කිරීම කිසි සේත් අනුමත කළ නොහැක....
මේක හදිස්සි නීතියේ ගැටලුවක් නෙවෙයි. මිනස්සු නීතියට ගරු කරන්නේ නැත්තේ මිනිස්සුන්ගේ විනය පිරිහිලා නිසා.
දකුණු පළාතේ ඉන්නේ හරි හපන්නු
යුනුස් මහත්තයාගේ අදහසට මමත් එකඟයි. මිනිස්සු කුපිත වීම සාධරණයි.