ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කළ පිතිකරු ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳවන බවත්, කඩුලූ රැුකීමේ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට හිමිවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසයි.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (31) පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ෆෝඞ් මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.
කුමාර් සංගක්කාර වෙනුවට ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන කැඳවීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට ශ්‍රී ලංකා පුහුණුකරු මෙසේ පැවසීය.
”ප‍්‍රසන්න විශිෂ්ට කඩුලූ රකින්නෙක්, නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය ගැන අවධානය යොමු කර ඒ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට දෙනවා”
”සංගක්කාර වෙනුවට ළහිරු තිරිමාන්න සිවුවැනි තරගයට ක‍්‍රීඩා කරයි. තිරිමාන්න පන්දුවට පහර දෙන්නේ කුමන ස්ථානයේ ද යන්න මේ දක්වා තීරණයක් ගෙන නෑ” යැයි සංගක්කාරගේ පිතිකරු ස්ථානයේ හිදැස පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු අදහස් දැක්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලහිරු හොද තේරීමක් . දිනේෂ් හොදට කඩුලු රකිනවා කොල්ලෝ දෙන්නටම සුබ පැතුම් ඊලග තරගය දිනන්න කොල්ලනේ (දී)
කපුගෙදරට නම් දෙන්න එපා. බලන්න තිරිමාන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනීවි(නු)
තිරිමාන්න ගැන නරකක් කියනවා නෙමෙයි. හැබැයි අපේ අළුත් අයට දෙන අවස්ථාවලින් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ.. සංගගෙ තැන තිරිමාන්නලා දහයක් ආවත් පුරවන්න බැරිවේවි!!(නු)
ජයසූරියත් මුල් කාලෙ ආවෙ හත්වන විකට්ටුවට.. ඒ නිසා තිසරට දෙවන විකට්ටුවට වත් දීලා බලන්න ඕන.. මොකද ඊළගට තියෙන්නෙ විස්සයි විස්ස ලෝක කුසලාන තරගය නිසා...!!(නු)
හොද තීරණ්‍යක් අනාගතය වෙනුවෙන්.. ඉනිම ආරම්භ කිරීමට තිසර පෙරේරා සමග දිල්ශාන් එවිය යුතුයි..!! සංගක්කාරගෙ ස්ථානයට උපුල් තරංග එවිය යුතුයි..!!(නු)
හොද තීරණයක්. සංගක්කාරගේ ස්ථානයට මහේල එවිය යුතුයි. ඉන්පසු චන්දිමාල්ද ඉන්පසු තිරිමාන්නද යන ආකාරයට ස්ථානගත කළ යුතුයි. (නි)
තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගත්තනම් හොඳයි...(ස)
ඔබට සුභ පතනවා. සංග වගේම වෙන්න (දී)
තිරිමාන්න හොඳයි..පන්දු මගනොහරනවානම්...(ස)
සංගාගේ තැනට එන්න ඕන තිසර පෙරේරා ..මොකද කියන්නේ ... (දී)
තිරිමාන්න පළමු පෙළ පිතිකරුවෙක් නිසා අංක තුන ස්ථානය ඔහුට හොදින්ම ගැලපෙනවා.. ඉතා හොද තීරණයක්.. තිරිමාන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා..!!(නු)
කපුගෙදරට නම් දෙන්න එපා. (නි)
තිරිමාන්න හොඳයි.....තේරීමත් හොඳයි.(ස)
සංගා අපට ඕනම කෙනෙක්.....තිරිමාන්නට ලැබුණේ හොඳ අවස්ථාවක්, ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න...(ස)
මම හිතුවේ කපුගෙදර ගනියි කියලා. අපරාදේ. (නි)
තමන්ගේ කාර්යය හරියට කරන්න (දී)
කණ්ඩායමේ සමබරතාවය මනින්න මේක හොඳ අවස්ථාවක්. තිරිමාන්න, ඔබට ලැබුණේ හොඳ අවස්ථාවක් . ඉන් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න. සංගා කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙක්. ඔබට ඉක්මනට කණ්ඩායමට එක්වෙන්න ඉක්මන් සුවය ලැබේවා! (නි)
සංගක්කාර වෙනුවට අපේ තිලාන් සමරවීර අංක 03ට ඉතා සුදුසුයි. ලහිරුත් හොදයි. ඒත් අත්දැකිම් මදි බවයි මගේ අදහස. (නි)
වෙලාවට පුහුණුකරු තේරුවේ...(ස)
හොඳ තීරණයක් .මේකේදි ලංකාව පරාද වෙවිද දන්නෑ...ඒත් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් (ස)
ලා හිරු දහසක්......... (නි)
හොද තීරණයක් .නියමයි ලහිරු (දී)