IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංගක්කාරගේ ස්ථානයට තිරිමාන්න එයි

ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී කුමාර් සංගක්කාර කී‍්‍රඩා කළ පිතිකරු ස්ථානයට ළහිරු තිරිමාන්න කැඳවන බවත්, කඩුලූ රැුකීමේ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට හිමිවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පවසයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (31) පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ෆෝඞ් මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. කුමාර් සංගක්කාර වෙනුවට ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන කැඳවීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට ශ්‍රී ලංකා පුහුණුකරු මෙසේ පැවසීය. ”ප‍්‍රසන්න විශිෂ්ට කඩුලූ රකින්නෙක්, නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය ගැන අවධානය යොමු කර ඒ අවස්ථාව දිනේෂ් චන්දිමාල්ට දෙනවා” ”සංගක්කාර වෙනුවට ළහිරු තිරිමාන්න සිවුවැනි තරගයට ක‍්‍රීඩා කරයි. තිරිමාන්න පන්දුවට පහර දෙන්නේ කුමන ස්ථානයේ ද යන්න මේ දක්වා තීරණයක් ගෙන නෑ” යැයි සංගක්කාරගේ පිතිකරු ස්ථානයේ හිදැස පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු අදහස් දැක්වීය.



අදහස් (0)

සංගක්කාරගේ ස්ථානයට තිරිමාන්න එයි

මධුර අසන්ත Tuesday, 31 July 2012 01:10 PM

හොද තීරණයක්. සංගක්කාරගේ ස්ථානයට මහේල එවිය යුතුයි. ඉන්පසු චන්දිමාල්ද ඉන්පසු තිරිමාන්නද යන ආකාරයට ස්ථානගත කළ යුතුයි. (නි)

:       0       0

සුභාෂිනි Tuesday, 31 July 2012 02:23 AM

තමන්ගේ කාර්යය හරියට කරන්න (දී)

:       0       0

කුෂාන් Tuesday, 31 July 2012 05:51 AM

මම හිතුවේ කපුගෙදර ගනියි කියලා. අපරාදේ. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 31 July 2012 01:43 PM

හොද තීරණ්‍යක් අනාගතය වෙනුවෙන්.. ඉනිම ආරම්භ කිරීමට තිසර පෙරේරා සමග දිල්ශාන් එවිය යුතුයි..!! සංගක්කාරගෙ ස්ථානයට උපුල් තරංග එවිය යුතුයි..!!(නු)

:       0       0

යොහාන් Tuesday, 31 July 2012 01:51 PM

ජයසූරියත් මුල් කාලෙ ආවෙ හත්වන විකට්ටුවට.. ඒ නිසා තිසරට දෙවන විකට්ටුවට වත් දීලා බලන්න ඕන.. මොකද ඊළගට තියෙන්නෙ විස්සයි විස්ස ලෝක කුසලාන තරගය නිසා...!!(නු)

:       0       0

ආර්. කංකානම Tuesday, 31 July 2012 02:14 PM

තිරිමාන්න ගැන නරකක් කියනවා නෙමෙයි. හැබැයි අපේ අළුත් අයට දෙන අවස්ථාවලින් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ.. සංගගෙ තැන තිරිමාන්නලා දහයක් ආවත් පුරවන්න බැරිවේවි!!(නු)

:       0       0

ජීවන්ත Tuesday, 31 July 2012 07:55 AM

සංගා අපට ඕනම කෙනෙක්.....තිරිමාන්නට ලැබුණේ හොඳ අවස්ථාවක්, ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න...(ස)

:       0       0

ජීවන්ත Tuesday, 31 July 2012 08:01 AM

තිරිමාන්න හොඳයි.....‍තේරීමත් හොඳයි.(ස)

:       0       0

අන්කල් Tuesday, 31 July 2012 08:47 AM

ලහිරු හොද තේරීමක් . දිනේෂ් හොදට කඩුලු රකිනවා කොල්ලෝ දෙන්නටම සුබ පැතුම් ඊලග තරගය දිනන්න කොල්ලනේ (දී)

:       0       0

රන්දීප Tuesday, 31 July 2012 02:56 PM

කපුගෙදරට නම් දෙන්න එපා. බලන්න තිරිමාන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනීවි(නු)

:       0       0

මංගලා Tuesday, 31 July 2012 09:00 AM

තිරිමාන්න පළමු පෙළ පිතිකරුවෙක් නිසා අංක තුන ස්ථානය ඔහුට හොදින්ම ගැලපෙනවා.. ඉතා හොද තීරණයක්.. තිරිමාන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා..!!(නු)

:       0       0

යොහාන් Tuesday, 31 July 2012 09:07 AM

සංගාගේ තැනට එන්න ඕන තිසර පෙරේරා ..මොකද කියන්නේ ... (දී)

:       0       0

ප්‍රදීපා Monday, 30 July 2012 07:06 PM

කපුගෙදරට නම් දෙන්න එපා. (නි)

:       0       0

මනෝජ් Tuesday, 31 July 2012 09:25 AM

තිරිමාන්න හොඳයි..පන්දු මගනොහරනවානම්...(ස)

:       0       0

රිෂාන් Tuesday, 31 July 2012 09:48 AM

ඔබට සුභ පතනවා. සංග වගේම වෙන්න (දී)

:       0       0

සිසිර Monday, 30 July 2012 08:42 PM

හොද තීරණයක් .නියමයි ලහිරු (දී)

:       0       0

අමිල Monday, 30 July 2012 10:19 PM

ලා හිරු දහසක්......... (නි)

:       0       0

ධනවර්ධන Monday, 30 July 2012 10:30 PM

හොඳ තීරණයක් .මේකේදි ලංකාව පරාද වෙවිද දන්නෑ...ඒත් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් (ස)

:       0       0

ශානිකා Monday, 30 July 2012 10:32 PM

වෙලාවට පුහුණුකරු තේරුවේ...(ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 31 July 2012 12:08 PM

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගත්තනම් හොඳයි...(ස)

:       0       0

චමිල් ජයනාත් Monday, 30 July 2012 11:58 PM

සංගක්කාර වෙනුවට අපේ තිලාන් සමරවීර අංක 03ට ඉතා සුදුසුයි. ලහිරුත් හොදයි. ඒත් අත්දැකිම් මදි බවයි මගේ අදහස. (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 31 July 2012 12:08 AM

කණ්ඩායමේ සමබරතාවය මනින්න මේක හොඳ අවස්ථාවක්. තිරිමාන්න, ඔබට ලැබුණේ හොඳ අවස්ථාවක් . ඉන් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න. සංගා කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙක්. ඔබට ඉක්මනට කණ්ඩායමට එක්වෙන්න ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site