IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


සංගක්කාරගේ විශිෂ්ට ඉනිමෙන් ශී‍්‍ර ලංකා පිල ප‍්‍රබල තත්ත්වයක

මාස දෙක හමාරක කාලයක් තරගකාරී කි‍්‍රකට් පිටියෙන් ඉවත්ව සිටියද පිතිකරුවකු වශයෙන් තමන් සතු නිපුණතාවේ කිසිදු අඩුපාඩුවක් නොමැති බව මොනවට පසක් කළ කුමාර් සංගක්කාර බංග්ලාදේශයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 142 ක් ලබාගත්තේය. සංගක්කාරගේ මෙම ඉනිම නිසා ඊයේ සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 361 ක් ලබා ඉතාමත් ප‍්‍රබල තත්ත්වයක සිටියේය.

ඕස්ට්‍්‍රලියානු පිලට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ, මෙල්බර්න් නුවරදී පැවැති ටෙස්ට් තරගයේදී ඇගිල්ලේ පන්දුවක් වැදීම නිසා සති 10 ක කාලයක් පුරා කි‍්‍රකට් පිටියෙන් ඉවත්ව සිටි සංගක්කර කිසිදු තරග පුහුණුවකින් තොරව සහභාගි වූ පළමු ඉනිමේ පළමු පන්දුවටම අලංකාර ස්ක්වෙයාර් කට් පහරක් ගසමින් එය හතරේ සීමාව කරා පිටත්කර හැරියේය. අනතුරුව බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් සංගක්කාර සිය අර්ධ ශතකය ලබාගත්තේ සදාත් හොසේන්ගේ පන්දුවක් හතරේ සීමාවට යවමිනි.

ඉතා අලංකාර ඩ‍්‍රයිව් පහර කිහිපයක්ම ‘එක්ස්ට‍්‍රා කවර්ස්’ කලාපය හරහාත්, පුල් පහර කිහිපයක්ම ‘මිඞ් විකට්’ කලාපය හරහාත් යැවූ සංගක්කාරගේ පුනරාගමනය ආශ්වාදජනක වූ නමුත් එය සියැසින් දැකගන්නට වැඩිපුර සිටියේ පාසල් දරුවන් පිරිසක් පමණි.

ශී‍්‍ර ලංකාවේ වැඩිම ටෙස්ට් ශතක ලාභියා වන මහේල ජයවර්ධන සතු ටෙස්ට් ශතක 31 වාර්තාව සමකළ සංගක්කාර බංග්ලාදේශ පිලට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 ක් ඉක්මවා ලබාගත් පළමු ශී‍්‍ර ලාංකිකයාද විය.

පැය හතරකට ආසන්න කාලයක් පුරා පන්දු 226 කට මුහුණ දීසංගක්කාර දැවී යන විට හතරේ පහර 12 කින් සහ අලංකාර හයේ පහර තුනකින් සිය ඉනිම සරසා තිබිණ.
ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සුපුරුදු පිතිහරඹයේ යෙදෙමින් ලකුණු 54 ක් ලබාගත් නමුත් උඩපන්දුවක් රැකගැනීම නිසා දැවීගිය මොහොතේ දැඩි කණගාටුවට පත්විය. දිගු ඉනිමකට සූදානම් වී සිටි ඩිල්ෂාන් සිය ඉනිමේ සන්ධිස්ථාන පසුකරන සෑම අවස්ථාවකදීම විශාල පහර කරා යාමට උත්සක වන අතර ඊයේ ඔහුගේ දැවීයාමට හේතු වූයේද එම ප‍්‍රවණතාවයි.

බංග්ලාදේශ පන්දු යවන්නන් අතර ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට තරමක් හෝ අභියෝගයක් වූයේ කඩුලූ 3 ක් දවාගත් සොහාග් ගාසි පමණි. සෙසු පන්දු යවන්නන්ගේ පන්දුයැවීම ඉතාමත් දුර්වල මට්ටමක පැවතිණ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන වමත් පිතිකරු කිත්රුවන් විතානගේ ඊයේ සිය ටෙස්ට් හිස්වැස්ම හිමිකරගත් අතර ඔහුගේ ටෙස්ට් හිස්වැස්ම ඊයේ පෙරවරුවේදී ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා විසින් පිරිනමන ලදි.

ලකුණු පුවරුව:
ශී‍්‍ර ලංකාව - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.සොහාග් ගාසි    41
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. මොමිනුල් හක් ප. ප.සොහාග් ගාසි    54
කුමාර් සංගක්කාර - ඇ.ඉස්ලාම් ප.සොහාග් ගාසි    142
ළහිරු තිරිමාන්න - නොදැවී    74
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී    25
අතිරේක    25
එකතුව  ඕවර 85.3 කදී කඩුලූ 3  ක් දැවී     361
කඩුලූ වැටීම:
1-114(ඩිල්ෂාන්), 2-181(කරුණාරත්න), 3-305(සංගක්කාර)
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, කිත්රුවන් විතානගේ, සමින්ද එරංග, රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස්
පන්දු යැවීම:
සදාත් හොසේන් : 13-1-60-0, අබු හසන් : 14.3-1-66-0, සොහාග් ගාසි : 31-3-101-3, එලියස් සනී : 14-0-60-0, මොහොමඞ් අශ්රාෆුල් : 4-0-23-0, මහමුදුල්ලා : 9-1-34-0

බංග්ලාදේශ කණ්ඩායම
අනමුල් හක්, ජහුරුල් ඉස්ලාම්, මොහොමඞ් අෂ්රාෆුල්, මහමුදුල්ලා, මුෂ්ෆිකුර් රහමන්, නසීර් හොසේන්, මොමිනුල් හක්, අබුල් හසන්, සොහාග් ගාසි, එලියස් සනි සහ සදාත් හොසේන්

(ඡයාරූප: ශාන්ත රත්නායක)

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

සංගක්කාරගේ විශිෂ්ට ඉනිමෙන් ශී‍්‍ර ලංකා පිල ප‍්‍රබල තත්ත්වයක

සිල්වා Friday, 08 March 2013 07:49 PM

ජය වේවා! (නි)

:       0       0

සම්පත් Saturday, 09 March 2013 06:11 PM

නියමයි සංගා. (නි)

:       0       0

විජිත් Saturday, 09 March 2013 11:23 AM

බංගලාදේශෙටනම් ගහයි ඉතින් (ස)

:       0       0

පෙරේරා Friday, 08 March 2013 08:07 PM

උපරිමයෙන් ක්‍රීඩා කිරීමට සැමට සුභ පැතුම්! (නි)

:       0       0

තිලකසිරි Friday, 22 March 2013 09:34 PM

සංගක්කාරට සුභපැතුම් (දී)

:       0       0

තත්සරණි Saturday, 09 March 2013 08:05 PM

සංගෝ, අපි කවදත් ඔයා එක්කයි. (නි)

:       0       0

තත්සරණි Saturday, 09 March 2013 08:09 PM

ධනුකගේ අදහසට මමත් එකගයි. (නි)

:       0       0

තත්සරණි Saturday, 09 March 2013 08:05 PM

සංගා, ඔයා නම් සුපිරි කොල්ලෙක්. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 08 March 2013 09:43 PM

සංගා විශිෂ්ටයි.

:       0       0

නිශාන් Sunday, 10 March 2013 11:25 AM

නියමයි සංගා (දී)

:       0       0

අනුර Saturday, 09 March 2013 01:44 PM

දීපා ඔයාගේ කියමන නම් හරියටම හරි (ස)

:       0       0

වජිර Saturday, 09 March 2013 02:02 PM

නියමයි සංගා . ඔබ විශිෂ්ටයි (දී)

:       0       0

යොහාන් Saturday, 09 March 2013 02:08 PM

ඔබ අපිට වීරයෙක්. මාලිංගට හොද ආදර්ශයක් ඔබ (දී)

:       0       0

තුෂාර Saturday, 09 March 2013 04:13 AM

සංගක්කාරට සුභ පැතුවොත් නරකද?(නදී)

:       0       0

චමිලා Sunday, 10 March 2013 01:47 AM

සංගා නියමයි. (නි)

:       0       0

දීපා Saturday, 09 March 2013 05:03 AM

මෙයාලගේ තරග බලන අපිටයි ගහන්න ඕනෑ. මාලිංගගේ කතාව දැකලා මට නම් තරගත් එපා වුණා. (නි)

:       0       0

දීපා Saturday, 09 March 2013 05:02 AM

අපේ අතේ තියෙන සල්ලි ටික දීලා මැචි බලනවා. මාසෙට පඩිය ලක්ෂ 40 යි. (නදී)

:       0       0

සමන් Saturday, 09 March 2013 02:50 PM

නියමයි සංගා ඔයා සුපිරියි (ස)

:       0       0

කිවින් Saturday, 09 March 2013 03:24 PM

සංගා ඔයා විශිෂ්ඨ පුද්ගලයෙක් (ස)

:       0       0

අජිත් Saturday, 09 March 2013 09:14 AM

අපේ සංගාට සුභපැතුම් (දී)

:       0       0

ධනුක Saturday, 09 March 2013 03:50 PM

දීපා ,ඔයාගේ හැකියාව පාවිච්චි කරලා රටේ යම් ක්ෂේත්‍රයක් නියෝජනය කරන 10-15 ක් අතරට එන්න බලන්න.ඔයාටත් පුලුවන් ලක්ෂ 40 පඩියක් ගන්න. එහෙම නැතුව ඉරිසියා කරා කියලා නම් වැඩක් නැහැ. (ස)

:       0       0

දීපාල් Saturday, 09 March 2013 10:02 AM

සංගක්කාර ඔබට ජාතියේ ප්‍රණාමය (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 08 March 2013 06:18 PM

ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ලංකා කොල්ලන්ට සැම දින ජය පතමි. (නි)

:       0       0

අසේල Saturday, 09 March 2013 05:35 PM

සංගා, අපි ඔබ සමගයි. (නි)

:       0       0

අමර Friday, 08 March 2013 07:26 PM

ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ලංකා කොල්ලන්ට ජයවේවා! (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 09 March 2013 11:11 AM

සැමදා ජය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි
2024 මැයි මස 15 1188 0

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
2024 මැයි මස 15 423 0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ


ඇමෙරිකානු ආයතනයක පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹයි
2024 මැයි මස 15 1005 0

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද


සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
2024 මැයි මස 15 1413 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ


‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 829 2

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 1070 1

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 721 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2248 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1927 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site