ශ්රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංග්කකාර සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. ලෝක එක්දින පිලේ නායකත්වයට නම්කර සිටින ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත් වූ පස්වැනි වසර මෙය වේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වසරේ එක්දින කණ්ඩායම අද (14) රාත‍්‍රි කොළඹදී පැවැති උත්සවයකදී නිවේදනය කළේය.
වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනු පිළිවෙල අනුව)
ගෞතම් ගාම්බීර්, ඇලෙස්ටියාර් කුක්, කුමාර් සංගක්කාර, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි (නායක), මයිකල් ක්ලාක්, සයිඞ් අෆ්රිඩි, මෝනි මොර්කල්, ස්ටීවන් ෆින්, ලසිත් මාලිංග, සයිඞ් අජ්මාල්
12 වැනි ක‍්‍රීඩක: ෂේන් වොට්සන්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංගට අද ඉන්දියාව සමඟ පුහුණු තරඟයේ ඕවර් 4 ට ලකුණු 50යි..ඔහොම යන්. නියමයි....(ස)
මාලිංග? (නි)
ජයවේවා
සුභ පැතුම්! (නි)
දැක්කනේ අපේ කොල්ලන්ගේ වැඩ (දී)
නියමයි සංගා..!!(නු)
සංග නියම සිංයෙක්...(නු)
ආඩමිබරයි සංග ගැන...(නු)
ඔව් ඔව් දැන් ඉන්දියාවට ට්‍රේනින් වෙන්න පුළුවන්නේ මාලිංගගෙන්...(ස)
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ ??...ඔබලා රටට ආඩම්බරයි !!!!!!!!!! .(ස)
සුභ පැතුම් .(ස)
අපට ආඩම්බරයි. (නි)
ඇත්තටම ඔබ අපිට ආඩම්බරයක්. සුභ ගමන්..(ස)
මහේලත් හිටියනම් තමයි හොඳ එතකොට අපෙනුත් තුන්දෙනෙක් ඉන්නවනේ....(ස)
පහුගිය දවස්ටිකේ මාලිංගට පතුරු ඇරපු කට්ටිය දැන් කොහෙද දන්නේ නෑ ඉන්නේ..සමහර විට ඒ ගොල්ලොම වෙන්න ඇති ආවඩන්නේ...(ස)
නියමයි.....................(ස)
රටටම ආඩමිබරයක් යමු පෙරටම !!!!!!!!!(නු)
ගාම්බීර් නෙමෙයි ඉන්න ඕන හෂීම් අම්ලා.. ගම්බිර්ට වඩා වැඩ පෙන්නුවා කෙනෙක් අම්ලා...(නු)
නියමයි සංගා...(නු)
අපට විතරක් නෙමෙයි රටටම ආඩමිබරයක්..(නු)
ඔෙහාම යං ඔෙහාම යං.. මාලිංග සංගා ඔෙහාම යං..!!(නු)
පෙරටම යමු.