ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී (2012) ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රධානතම සම්මාන දෙක වන ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ යන සම්මාන දෙකම හිමිකර ගත්තේය.
‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල අද (05) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එක ස්ථානයේ සිටින සංගක්කාර මෙම සම්මාන දෙකට අමතරව වසරේ ටෙස්ට් පිතිකරු ලෙස ද සම්මාන ලැබීය. රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
මහේල ජයවර්ධන වසරේ එක්දින පිතිකරු ලෙස ද, ලසිත් මාලිංග වසරේ එක්දින පන්දු යවන්නා ලෙස ද, තිලකරත්න ඩිල්ෂාන් වසරේ දක්‍ෂතම එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ.
යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන වසරේ දක්‍ෂතම තුන් ඉදිරියව් ක‍්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමා, ඔයා තමයි අපේ හිත් වල හැමදාම හිටපු වීරයා. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්.. සංගා...!(නු)
ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔබේ මහත්මා ගති ගැන ආඩම්බරයි. (නි)
ඔබට සුභ පැතුම් ජයම වේවා.සංගා..(නු)
සුභ පැතුම් සංගා . දෙවි පිහිටයි..(ස)
ක්රිකට් ක්‍රීඩාව බබළන්නේ ඔබ වැනි මහත්මාවරු තවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවෙනි. මම ඔබට ගරු කරමි. (ස)
ක්රිකට් ක්‍රීඩාව බැබළෙන්නේ ඔබ වැනි මහත්මාවරු තවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවෙනි. මම ඔබට ගරු කරමි. (නි)
නිහතමානීකම ජයග්‍රහණයේ අඩිතාලමයි (නි)
සංගා ඔයාට හඳපිරි උණුසුම් සුභ පැතුම් . ඔබ තව බොහෝ කලක් අපේ ටීම් එකේ ඉන්න ඕන..බුදු සරණයි.....(ස)
සුභ පැතුම් සංගා. (නි)
විශිෂ්ටයි. (නි)
මගේ සුභ පැතුම් සංගා...(ස)
දක්ෂකම් හොදට පෙන්නුවා ඔබ. ඔබට ජය වේවා (දී)
සුභ පැතුම් ..! (ස)
ක්රිකට් ක්‍රීඩාව බබළන්නේ ඔබ වැනි මහත්මාවරු තවම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිසාවෙනි. මම ඔබට ගරු කරමි. ඔබ ක්‍රිකට් තරු අතර දිදුලන දොළොස්මහේ පහනයි.(ස)
හුගකාලෙකට පස්සේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා..! හරි සතුටුයි..!! මේ ක්‍රමය දිගටම තිබ්බොත් අපේ ක්‍රිකට් කණ්ඩායමම අංක එක වේවි..!(නු)
නියමයි. ඔහොම යන් සංගා (ස)
මගේ සුභ පැතුම්. (ස)
ශ්රී ලංකා පිලේ කොදු නාරටිය නුඹයි..ජය වේවා ! (ස)
සුදුස්සන්ට සුදුසු සම්මාන ලැබිලා තියෙනවා..!(නු)
ඔබ තමයි අපේ වීරයා.. විස්සයි විස්ස ලොකකුසලානය අපිට දිනලා දෙන්න වාසනාව ලැබේවා..!! තවතවත් ඔබගේ දක්ෂතාවයන් වැඩි දියුණුවී අපිට ජයග්‍රහණ ලැබේවා..!!(නු)
ඔබ සැබෑ වීරයෙක් වගේම නිහතමානී නායකයෙක්. මගේ හදපිරි සුභ පැතුම්! (නි)
ඉන්දියාවෙන් තව සල්ලි ලැබෙන්න ඇති නේද ? (ස)
සංගා ඇරෙන්න මේ සම්මාන 3 ම දෙන්න සුදුසුම කෙනා සංගා තමයි....නියමයි සංගා , විශිෂ්ඨයි ඔබ (ස)
ඉන්දියන් කණ්ඩායම වැඩියෙන්ම බය සංගාට. (නි)
සංගාට සුභ පතනවා...ඒ වගේම මහේල ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටම 20/20 කුසලානය දිනන්නට සුභ පතනවා (ස)
අපේ උත්තමාචාරය.. සංගා...!!(නු)
ඔබට සුභ පැතුම්! නියමයි. ඔහොම යන් සංගා.....(ස)
රට ගැන හිතන කොල්ලෙක් (නි)
ඔබයි නියම මිනිසා. (නි)
ඔබට සුභ පැතුම් , ඔබ තමයි හොඳම ක්‍රීඩකයා....(ස)
කරගෙන යන්න සංගා.. සුභ පැතුම්..!!(නු)
සුභ පැතුම්..!!(නු)
සංගා ඔබ සැබෑ වීරයෙක් ...සුභ පැතුම්...!! (ස)
ඩිල්ෂාන්ගේ සම්මානේ ගැනනම් මටත් සැකයක් තියනවා සම්පත්. (නි)
සංගා ඔබට මේ සම්මානය ලැබෙන තුරු මම බලා සිටියෙමි.. අපි ට දැං අපේ යුතුකම ඉටුකළා වගේ දැණෙනවා..!(නු)
දිල්ශාන් ගිය වසරටම ඕවර විසිපහක්වත් දාන්නේ නැතිව කොහොමද මෙහෙම උනේ..!(නු)
ඔබ ගැන තියෙන ලෙංගතුකම කියන්න වචන නැහැ.. ඔබට සුභ පැතුම්..!!(නු)
සංගා 2015 වෙනකල්ම අපේ කණ්ඩායමේ නායකයා වෙලා හිටියනම් මේ වගේ පසුබෑමක් එන එකක් නෑ.ලෝක කුසලානය කාලේ අපේ කණ්ඩායමේ ශක්තිය මතකයි අපිට...(නු)
සංගා ඔබට සුභ පැතුම්..!(නු)
මේ 15 ස් වෙනිදට ඔයාට තව දේවල් ලැබෙයි සංගා..(ස)
සනත්ට පසු බිහි වූ තරඟ දිනවන්නා ඔබයි ! ඔබට තවත් ශක්තිය ලැබේවා (ස)
නියමයි සංගා...ඔබට සදා ජයම වේවා...(ස)
ඔයා තමයි නියම මිනිහා, සංගා. (නි)
සංගා, ආයිත් අයි.පී.එල්. වලට යන්න එපා. (නි)
සුභ පැතුම් සංගා..(ස)
සංගා, ඔබට සැමදා ජය නියතයි. (නි)
ඉදිරියටම යන්න සංගා. (නි)
මගේ හදපිරි සුබ පැතුම් ඔබේ ජයග්‍රහණයන්ගේ අඩිතාලම නිහතමානිකමයි . එය තවදුරටත් රැකගනිමින් ඉදිරියට යන්න. දළදා සමිදු පිහිටයි .(ස)
නියමයි සංගා. (නි)
කුමා අයියේ ඔබයි අපේ හිත්වල හාමදාම වීරයා.. ඒ තැන කාටවත් ගන්න බැහැ.. සංගා ඔබේ කැපවීමට අපගේ උත්තමාචාරය.. මං හිතුවා ඔබට මේ සම්මානය ලැබේවි කියලා.. බුදුසරණයි..!!(නු)