අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) සම්මාන ස`දහා අවසන් නිර්දේශිත නම් අතරේ සම්මාන හතරක් සදහා ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් සම්මානයකට බැගින් ඇතුළත්ව සිටිති. සංගක්කාර වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමිවන ‘මහජන සම්මානයට’, වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ එක්දින ක‍්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයා යන සම්මානවල අවසන් ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. අජන්ත මෙන්ඩිස් සහ තිලකරත්න ඩිල්ෂාන් වසරේ විස්සයි-20 ක‍්‍රීඩක සම්මානය සඳහා ද, දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක‍්‍රීඩක සම්මානයට ද, ලසිත් මාලිංග වසරේ එක්දින ක‍්‍රීඩක සම්මානයට ද නිර්දේශ වී සිටිති. මෙවර අයි. සී. සී. ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව සැප්තැම්බර් මස 15 වැනිදා කොළඹදී පැවැත්වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා, ඔබ අපිට ආඩම්බරයක්. සුභ පැතුම්! (නි)
ජයවේවා සංගක්කාර!! අජන්තට පස්සේ බිහිවූ ආත්මාර්ථයෙන් යුතු නායකයා ඔබයි..!(නු)
බලමු අපේ කී දෙනෙකුට වාසනාව ඇතිද කියලා..!!(නු)
වරුණ කොහෙද අජන්ත කියලා ක්‍රීඩකයෙක් හිටියද? දන්නෙ නැති නිසයි ඇහුවෙ..!!(නු)
ජයවේවා අපේ කොල්ලන්ට..!!(නු)
අජන්ත කියලා ක්‍රීඩකයෙක් හිටියා.. නමුත් නායකයෙක් හිටිය නැහැ.. (නු)
කපුගෙදර කොහේද? (නි)
අපේ සියලු දෙනාටම ජය වේවා.!(නු)
ඔබ ලාංකීය ක්‍රිකට් වල නියම වීරයෙකි. (නි)
සංගා ඇතුලු සියල්ලන්ටම ජය වේවා! (නි)
කපු ගෙදර. (නි)
කපුගෙදර කොහෙද? (නි)
සංගා, ඔබ රටටත්, ජාතියටත් ආඩම්බරයක්. තවත් දිගු කලක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබේවා! (නි)
සංගා, ඔබ අපට පමණක් නොව ක්‍රිකට් ලොවටම ආඩම්බරයකි. (නි)
සම්මාන හතරම සංගාට ලැබෙන්න ඕනේ (අ)