අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) සම්මාන ස`දහා අවසන් නිර්දේශිත නම් අතරේ සම්මාන හතරක් සදහා ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් සම්මානයකට බැගින් ඇතුළත්ව සිටිති. සංගක්කාර වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමිවන ‘මහජන සම්මානයට’, වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ එක්දින ක‍්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයා යන සම්මානවල අවසන් ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. අජන්ත මෙන්ඩිස් සහ තිලකරත්න ඩිල්ෂාන් වසරේ විස්සයි-20 ක‍්‍රීඩක සම්මානය සඳහා ද, දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක‍්‍රීඩක සම්මානයට ද, ලසිත් මාලිංග වසරේ එක්දින ක‍්‍රීඩක සම්මානයට ද නිර්දේශ වී සිටිති. මෙවර අයි. සී. සී. ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව සැප්තැම්බර් මස 15 වැනිදා කොළඹදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගක්කාර අයි.සී.සී. වාර්ෂික සම්මාන 4 ක් ආසන්නයට එයි
සිසිර කුමාර Thursday, 30 August 2012 04:06 PM
වරුණ කොහෙද අජන්ත කියලා ක්‍රීඩකයෙක් හිටියද? දන්නෙ නැති නිසයි ඇහුවෙ..!!(නු)
සිසිර කුමාර Thursday, 30 August 2012 04:07 PM
ජයවේවා අපේ කොල්ලන්ට..!!(නු)
චන්ද්‍රසිරි Friday, 31 August 2012 01:31 PM
සංගා, ඔබ අපට පමණක් නොව ක්‍රිකට් ලොවටම ආඩම්බරයකි. (නි)
රන්මල් Thursday, 30 August 2012 04:31 PM
අජන්ත කියලා ක්‍රීඩකයෙක් හිටියා.. නමුත් නායකයෙක් හිටිය නැහැ.. (නු)
නීල් Thursday, 30 August 2012 05:20 PM
කපුගෙදර කොහේද? (නි)
සුරංජිත් Thursday, 30 August 2012 05:40 PM
අපේ සියලු දෙනාටම ජය වේවා.!(නු)
දිනේෂ් Thursday, 30 August 2012 05:55 PM
ඔබ ලාංකීය ක්‍රිකට් වල නියම වීරයෙකි. (නි)
තුෂාර Friday, 31 August 2012 07:12 AM
සංගා, ඔබ රටටත්, ජාතියටත් ආඩම්බරයක්. තවත් දිගු කලක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබේවා! (නි)
අමාලි Thursday, 30 August 2012 06:22 PM
සංගා ඇතුලු සියල්ලන්ටම ජය වේවා! (නි)
ශානිකා Thursday, 30 August 2012 06:32 PM
කපු ගෙදර. (නි)
සනත් Thursday, 30 August 2012 06:33 PM
කපුගෙදර කොහෙද? (නි)
අශාන් Thursday, 30 August 2012 02:07 PM
සංගා, ඔබ අපිට ආඩම්බරයක්. සුභ පැතුම්! (නි)
සමන් Friday, 31 August 2012 08:51 PM
සම්මාන හතරම සංගාට ලැබෙන්න ඕනේ (අ)
වරුණ Thursday, 30 August 2012 02:43 PM
ජයවේවා සංගක්කාර!! අජන්තට පස්සේ බිහිවූ ආත්මාර්ථයෙන් යුතු නායකයා ඔබයි..!(නු)
Cooray Nawalage Jude Yohan Thursday, 30 August 2012 02:50 PM
බලමු අපේ කී දෙනෙකුට වාසනාව ඇතිද කියලා..!!(නු)