අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස පත් කළ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට අක්ත පත්‍ර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයින්ද කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/0113.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය වගේම ඔබට ලැබි තිබෙන තනතුර වෙනුවෙන් මුළු ලෝකයට ආදර්ශවත් වන වැඩපිළිවෙලක් සකස්කර අපේ රටේ උන්නතිය වෙනුවෙන් ඔබට යමක් කරන්න හැකිවේවායි පතමි! (ම)
හොද නුවණ ඇති වැඩක් (බ)
සංගා, ඔබ රටට ආඩම්බරයක්. (නි)
සංගා! ඔබට උණුසුම් සුබපැතුම්! ක්‍රීඩාවේදී මෙන්ම නව තනතුරේ ද ඉහලටම යාමට ආශීර්වාදය හිමිවේවා!(නදී)
සංගක්කාර මහත්මයාණෙනි, ඔබතුමාට මගේ සුබ පැතුම්! ලෝකයේ දියුණු රටවල බෙහෙතක් රෝගියෙකුට දීමට පෙර රෝගියාගෙන් ප්‍රශ්න ගොඩක් අහලා බෙහෙතක් නියම කරන්නේ. තවද එම බෙහෙත සමඟ එය පාවිච්චි කරන හැටි සහ එයින් විය හැකි අගුණ ප්‍රතිඵල පිළිබඳව පත්‍රිකාවක් දෙනු ඇත.අද කාලයේ තාක්ෂණික දියුණුව අනුව මෙම තොරතුරු ජංගම ටෙලිෆෝනයට පණිවුඩයකින් යැවිය හැකිය. ඉංග්‍රීසියෙන් ඇති තොරතුරු තේරෙන සිංහල බසට පරිවර්තනය කිරීමට ප්‍රමිති සකස් කළයුතුය. විශේෂයෙන් පිටරට වලින් ගෙන්වන බෙහෙත්. මෙය අදහසක් පමණි. මෙසේ කිරීමෙන් බෙහෙත් විෂවීම සහ ඒවායින් ඇතිවන හානි අවම කළහැකිය. විශේෂයෙන්ම නොසැළකිල්ල නිසා අහිමිවන වටිනා ජීවිත බේරාගත හැකිය. (නි)
විශිෂ්ටයෙක් වන ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)