පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇතැයි එම අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී ඇතැයි කියති.
මේ වනවිටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය විසින් සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී ඇති බවත් නවීන කාලයට උචිත අයුරින් නිල ඇදුම වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.
නිල ඇඳුම වෙනස් කිරිම පිළිබදව වෘත්තීය සමිති යෝජනා ලැබුන පසු යළි සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ඇඳුමට දොස්තර නලාවකුත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇඳුමට පිස්තෝලයකුත් දෙමු..............
ඉසේ ඇම්ම නැති කරන්නත් කොට්ට මාරු කරන්න ඕනෑලු !!!
කරන්නේම බොරු වැඩ, ඇඳුම වෙනස් කළාම කාර්යක්ෂම වෙනවද?
ඒක හොඳයි... කලක් පාවිච්චි කරන්න පුළුවන් එකවර සෙට් 3ක් දෙන්න... ලංකාවේ මිනිසුන් ලස්සන කරමු.
බොහොමයක් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය ප්‍රශංසනීයයි. නමුත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය කොච්චර බල්ලට ගිහින්ද බලාගන්න. හෝටල්, ගරාජ්, ළඟ තියෙන ඇල දොළවල් දැක්කාම හොඳටම ඇති...
ඔය ගවුම වෙනුවට කලිසමක් දෙන්න
ලොකු සාක්කු දෙක තුනකුත් දාන්න වෙයි.