
(යොහාන් භාසුර)
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්‍ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ඇති චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසුමේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ පැවසීය.
“මම සාමාන්‍යයෙන් අනිත් අමාත්‍යංශවල දේවල් ගැන කථා කරන්නේ නෑ. ඒක එකක්. මේ සිද්ධිය සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරනවා. සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී.
හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.
ඒ වගේම සාක්‍ෂි ලැාබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිට හොරෙන් ලේකම්ට වැඩ කරන්න බෑ නේ.අලස් මහතා අනික් එකා අත්අඩංගුවට ගත් කෙනෙක් කියලා තියනවා නේ කෙහෙළිය කියපු විදියට තමයි වැඩ කලේ කියලා
ජුනි වෙනකම් මොකද කරන්නෙ ? මාසයෙන් ඉවර කරන්න පුලුවන් නේ ?
හරිම විනොද ජනකයි. හහ් හා හා ාාාාාාාාාාාාාාාාාාාාාාා ටිරාන්
දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු සෞඛය ලේකම් චන්දාගුප්තට අනුව ඔහුට මෙම ඖෂධය මිලදී ගැනීම සදහා අනුමැතිය දෙන ලෙස කෙහෙළිය බලපෑම් කල බවට ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දුන් බව මාධ්‍ය වාර්ථාකර තිබුණා. එහෙම තියෙද්දි තවත් සාක්ෂි මොන ලබ්බටද කියලා තමයි අලස් ගොයියා ගෙන් අහන්න තියෙන්නේ.
එක රටක්, නීති දෙකක්. සාක්ශි නම් ඔනෙ තරම් තියෙනව. බොරු බයිල වලින් වැඩක් නැහැ.
කොහොමද දැන් පෙන්නන විනෝද සමය.පොලිස් ඇමතිව මරන්න යනවලු .දැන් කෙහෙලියව අත්අඩංගුවට ගන්නවලු .හැබැයි කියන පොලිස් කොලමේ නමත් පැන්ඩෝරා පේපර්ස් වල තියනවා
ඇයි කෙහෙලිය විතරක් මහ බැංකු හොරා. පොල්තෙල් බදු වංචා හොරා සීනි හොරා ආර්ථික ඝාතකයන් ඒගොල්ලන්වත් ගන්න
අසත්‍ය ප්‍රකාශ නොකියන්න. RW ඔබට එසේ කිරීමට ඉඩ නොදේ.
එතකොට සාගලවත් අත්අඩංගුවට ගනීද ?? ඇට දෙක තමයි !!!
හිතවත් මහජන ආරක්ෂක ඇමතිතුමනි, කරුණාකර මහජනතාව මෝඩයන් ලෙස සලකන්න එපා.
ඔයාලා ඔක්කොම යාළුවෝ මල්ලි...! ටිරාන්ගේ විසිල් විතරයි බල්ටි නැහැ... බල්ටි ගහන්න නම් රනිල්ගෙන් අහලා ගහන්න වෙයි...
පුළුවන් නම් රවි කරුණාව අල්ලන්න...
වල් වහල් මෝඩ හැත්ත තොපිලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදසාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය... අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට... කළකළ දේ පලපල දේ...!
බාල ඖෂධ ගෙන්වපු අයටයි. ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි.. ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා...!! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වල්වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා..! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන් බයියන් ටික ඇවිස්සෙයි.
මේ සෙල්ලම නතර කරන්න. ඡන්දෙ ළන්වෙනකොට. එක්කෙනෙක්ව පස්සෙ එලවනවා. මීට කළින් වුණු අපරාධ කපුටෝ, මයිනෝ, ගොබ්බයින්. ඔවුන්වත් ගන්න අත් අඩංගුවට. ඔවුන් නමගිය හොරු. ජනතාව දුක් විඳින්නේ ඔය 259 නඩේ නිසා උසස් විම්. පඩි වැඩිවිම් අවශ්‍ය නැහැ රාජකාරිය සැමට එකසේ කරන්න. නැතිනම් සේරටම කලින්... ඔයාට මතකයිනේ හිටපු උසස් පොලිස් නිලධාරින් තවමත්. හිරේ නාකි මයිනායි මයිනියි ගොහොර ජඩ වැඩ කියන්න කරන්න ගිය නිසා මුන්සේරම ගන්න අත්අඩංගුවට... රනිල්ට කියන්න... කොන්ද කෙළින් වුනේ ඡන්දේ ළඟ නිසාද කියලා. ඔය සේරම ගෙදර. මේවා රඟපෑම්. එක්කෝ මනුස්සයෙක් නෙමේ මැරුනේ බෙහෙත් වලින්. එක ගොබ්බයෙක් නැගි සිටියේ නැහැ... දුප්පත් මිනිස්සු මියැදෙන කොට මොවුන්ගේ දේපළ රාජසන්තක කරන්න ඕනෑ. ඇයි කුඩු විකුණන මිනිසුන්ගේ විතරක්... ඒක එවුන්ගේ බිස්නස් එක. මේ නඩේ කෙරුවේ වරප්‍රසාද අරන් රටේ ජනතාවගේ මුදල් දේපල හොරාකාපු එක කොමිස් ගත්තු එක... ඔයා ලොක්කානේ. ගන්න සේරම අත්අඩන්ගුවට. නැතිනම් දෙවියන්ගේම පිහිටයි ඔයාට...!
පවු බන්...!
අල්ලයි එයාගේ නැට්ටෙන්...!
හොර, දූෂිත දේශපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ? ඇමැතියා කියන විදියට තමන් යටතේ ඉන්න අය වැඩ කරන්නේ...!
අල්ලස් ගත්තද? බයිලා කියන්න එපා..!
අත්අඩංගුවට ගන්න සාක්ෂි ඕනමද?
මෙතන කවුරු පිස්සු කරත් අල්ලා ගත්තු අය කියන්න ඕනෑ තමන්ට සහයෝගය දීපු, අනුමත කළ අය කව්ද කියලා... එතකොට කෙහෙළියගේ නම කිව්වොත් කෙහෙලිය අල්ලා ගනීවි. ඊට පසු ප්‍රශ්න කිරීම CID එකට බාරයි. කොහොමත් කෙහෙළිය සම්බන්ධ නම් උසාවියේදී නම කියැවේවි...!
මම මාටියා ගහන්නේ, ජාවාරම් සේරම කරන්නේ මට විරුද්ධව කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි විදිහට මට පහළින් ඉන්න අයව අහුවන විදිහට...
තව මොන සාක්කිද? ඕනෙ කියන්නේ... කොහොමත් ඔය ඇමැති කළිනුත් හොරකම් කළේම නැහැනේ.. නේද?
අනේ එයා කිසි වරදක් කරලා නෑ. ලබන වතාවෙත් ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්න.
කකුලත් කඩාගත්තා... ඒකටත් අපේ සල්ලි වලින් තමයි බෙහෙත් ගන්නේ...
සාක්ෂි නැතුව අත් ඇරපුවා කොයිතරම් තියෙනවාද... මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ...?