සකුරාගස්වල පිපුණු දහසකුත් මල් කිනිති වලින් මේ අසිරිමත් වසන්තසමයේ ජපානයේ අගනුවර ටෝකියෝ නගරය පිරී ඇත. පසුගියදා මේ මනරම් නගරයවෙත වෙනත්ආකාරයේ ආලෝකයක් රැගෙන ආ මේ කාලයේ අප රට පුරාම දක්නට ලැබෙන එරබදු මල් කිනිති කිහිපයක් එකතුකල විසිතුරු කළා මංගල්‍යයක් එහිදී දැකගැනීමට අවස්ථාව උදාවිය.
එසේ වුයේ ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ මුලිකත්වයෙන් වෙනත් විවිධ ශ්‍රී ලාංකික ස්වෙච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව පවත්වනලද 2013 බක්මහ උළෙල මහා සුර්ය මංගල්‍යය නිසාය.
ටෝකියෝශ්‍රී ලංකා අලුත් අවුරුදු උත්සවය පසුගිය වසර විසි හතරක් පුරාම නොකඩවාපවත්වා ඇති අතර අද වන විට ටෝකියෝ නුවර වාර්ෂික සංස්කෘතික වැඩසටහන් දිනදර්ශනයට ඇතුලත්වී ඇති වැදගත් ශ්‍රී ලාංකික වැඩසටහනක් බවට පත්වී ඇති බව සංවිධායකයෝ පවසති.
මෙවරඋත්සවයට ජපානයේ විවිධ නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ සහ ජපාන ජාතිකයින් 5000 කට වැඩි පිරිසක් සහභාගී වුහ. ජපානය වැනි විදෙස් රටක ශ්‍රී ලාංකිකඋත්සවයක් සඳහා මෙතරම් පිරිසක් සහභාගී වීම ඉතාම විශිෂ්ට මෙන්ම දුර්ලභසිදුවීමකි.
උත්සවයේ ප්‍රධාන අමුත්තා වුයේ චෝෆු නගරාධිපති යෝශිකි නගටෝමෝ ය.
උත්සවආරම්භයේ සංවිධායකයන් වෙනුවෙන් පැමිණ සිටි සැමදෙන පිළිගනිමින් කතා කලජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැවසුවේ මෙවැනිවැදගත් කළා උළෙලක් මඟින් ශ්‍රී ලංකාවේ ජාතික උත්සවයන් සහ සංස්කෘතියේඅනර්ඝත්වය සහ ඉසුරුමත් භාවය පිලිබඳ මනා අවභෝධයක් ජපාන වැසියන්ට ලබාදීමට හැකියාවක් ලැබෙනවා මෙන්ම විවිධ ප්‍රදේශයන්හි කාර්ය බහුල ජීවිත ගෙනයන ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හටද එකට එකතුවී ජාතික උත්සවයක රසවත් කම බෙදා හදා ගැනීමේ අවස්ථාවක්ද උදාවන බවය.
ජපාන සහ ශ්‍රී ලාංකික සුරුපියන් සහභාගීවූ අවුරුදු කුමරිය තේරීමේ තරඟය මෙන්ම ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සව වලදී දකින්නට ලැබෙන සියලුම සම්ප්‍රදායානුකූල අංගයන්ද මෙවර ටෝකියෝ බක්මහ උළෙලට ඇතුලත්ව තිබුන අතර, දවස පුරාම පැමිණ සිටි සියලු දෙනාටම කැවුම් කිරිබත් ඇතුළු සියලුම වර්ගයේ ශ්‍රී ලාංකික ආහාර පාන පහසුවෙන් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් උත්සවය පැවති භුමිය තුල සුදානම් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සකුරාමලට එරබදු මලත් එක් වෙයි
ප්‍රසන්න Saturday, 20 April 2013 06:15 AM
අවුරුදු උත්සව, වෙසක් උත්සව ආදිය බයක් සැකක් නැතිව ලෝකෙ පුරා තියන්න පුළුවන් වුනේ කොටි පරාජය කිරීමෙන් පසුවයි. (නි)
sudeera Friday, 19 April 2013 01:09 PM
සකේ එහෙම තිබුනේ නැද්ද බොන්න? නයිට් පාර්ටියක් තිබුණා නම් ඒකේ පින්තුරත් දාන්නකෝ ලස්සනයිද බලන්න. (නි)
ටිරාන් Friday, 19 April 2013 01:50 PM
සකුරා මලට දෙවි පිහිටයි! (නි)
ගාමිණී Friday, 19 April 2013 02:08 PM
ජපානයේ ශීත ඍතුව අවසන් වෙන්නේ සකුරා මල් පිපෙනවාත් සමගම අප්‍රියෙල් මාසයේ. ජපානයේ සෑඹ උද්‍යානයකම පවුල් පිටින්,හිතමිතුරන් රැස් වී,පාරම්පරික පානයක් වන පෙරන ලද සකේ භුත්ති විඳීම සිරිතක්. රන්ඩු සරුවල්,මිනී මැරුම්, සෙනග හසුරුවන පොලිසිය දකින්නවත් නැහැ. (නි)