අපගේ කලාකරුවන් අතරේ වැඩිම පිරිසක් හිටියේත්, අද සිටින්නේත් සිල්වාවරුන්ය. අපගේ පැරණිතම කලාකරුවන් අතරේ ජනප්‍රිය ප්‍රවීණ නීතීඥ ජෝන්ද සිල්වා කලාකරුවාගේ සිට මේ වන විට අප අතරේ සිටින ජනප්‍රිය ප්‍රවීණ නළු පාලිත සිල්වා කලාකරුවා දක්වා එදා මෙදා සිටින වැඩි කලාකරුවන් පිරිසක් සිල්වාවරුන්ය. මෙම හැම සිල්වා කෙනෙක්ම වේදිකා, චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගායන, ජනමාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, නැටුම් හා තවත් විවිධ කලා මාධ්‍යයන් වල සිටින අය වෙති. ඔවුන් හැම කෙනෙකුම ජනප්‍රිය ප්‍රවීණ අය වේ.
කලා ලොවේ එදා මෙදා මෙන් ඔහුගේ දිවිය අවසන් වන තෙක් මා ළඟින් ඇසුරු කළ ඔහු මාගේ වේදිකා නිර්මාණයකට වසර 15කට පසු දායක වූ (2015 සිට) ජනප්‍රිය නළු, ගායක දීපාල් සිල්වා පිළිබදවයි මේ සටහන ලියවෙන්නේ. දීපාල්ගේ උපත 1967 නොවැම්බර් 20 වන දිනය. ඔහු උපත ලැබුවේ පින්කන්ද දොඩම්දූව ප්‍ර‘දේශයේය. ඔහුගේ පියා කේ.පී සිල්වා නම් විය. ඔහු හමුදාවේ හිටපු බලලත් නිලධාරී ඖෂධවේදියෙකි. මව ලීලා සාපේසාදා සිල්වා විය. ඇය හෙද නිලධාරිනියකි. ඔහුගේ බිරිඳ කුසුම් ද සිල්වා මහත්මියයි. දීපාල්ගේ මුල් අධ්‍යාපනය වූයේ පින්වත්තේ පාසලයි. පසුව ඔහු බද්දේගම කරයිරස් බෝයිස් විද්‍යාලයෙන්ද, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්ද ඉගෙනුම ලැබුවේය.
දීපාල් කලා ලොවට අවතීර්ණ වූයේ ඉතාම කටුක බාධක අත්දැකීම් වලට මුහණ දීමෙනි. ඔහු මා දන්නා කාලයේ පටන් නාට්‍ය වේදිකාවට ප්රවිශ්ට වූයේ වේදිකා නළුවෙකු වශයෙන් නොව එදවස ජනප්‍රිය නළු නිළියන් හට වේදිකාවේ තිරය පිටුපස සිට දෙබස් මතක්කර දීමෙනි.
ඉන්පසුව දීපාල් නාට්‍ය ප්‍රදර්ශන අවස්ථාවලදී කණ්ඩායමේ සාමාජිකයෙකු හදිසි අසනීප තත්ත්වයක් ඇති වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටි හිත හොද කලාකරුවෙකි. ඊට අමතරව ඒ දින නාට්‍ය පුහුණුවීම් වලදී හැම අවස්ථාවකදීම සිනාමුසු මුහුණින් එම නාට්‍යවලට දර දිය ඇදි පුද්ගලයෙකු විය. නිහාල් සිල්වාගේද මෙවැනි ගතිගුණ තිබුණි. නිහාල් සිල්වා එදවස අප අතරින් වියෝ වූ පසු ඔහුගේ සාජන් නල්ලතම්බි නාට්‍යයේ දර්ශන 200ක් 300ක් රට වටා ගෙන ගියේ දීපාල් සිල්වාගේ රංගනයෙනි. ඔහු එම චරිතයට නිවැරදි සාධාරණය ඉටු කළේය. කෙනෙකුව අනුකරණය කිරීම ලෙහෙසි පහසු නැත. ඔහු නිහාල් සිල්වාගේ නල්ලතම්බි චරිතයට මනා ලෙස පණ පෙව්වේය. එය අධි රංගනයක් (Over Acting) නොවිණ.
ඉන්පසු ඔහු වේදිකාවෙන් ඉවත් වී ගායන ලොවට පිවිසියේය. ඔහු අමරදේවයන්ගේ හා ජෝතිපාලයන්ගේ ගීත ගැයූ කෙනෙකි. ඔහු පොඩි ළමයා නමින් ආරූඪ කරගත් රූපකායකට ගීත ගැයුවේය. අද වන තෙක් ඔහුගේ කටහඬින් ඉදිරිපත් කළ ගීත ඉතාම ජනප්‍රිය විය. රටේ ඔහු නොමැති සංගීත සංදර්ශනයක් නොවීය. ඔහු එතරම් ගීතලෝලීන් පිනවීය. ඔහු කියූ ගීත ඔහුටම ආවේණික විය. ඒ හැම ගීතයකම අරුතක් විය. රටේ ජනතාවට ආදර්ශමත් පණිවුඩයක් ඒ ගීත වලින් කියවුණි.
%ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ^ , %මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න^, %රට තොට විස්තරේ^ සහ තවත් බෙහෝ ගීත ඇත. දීපාල් ලෙඩ ඇදේ සිටියදීත් ඔහු අවසන් වරටත් ගීතයක් පටිගත කළේය. එය බීමත්කමේ විපාක සම්බන්ධව ලියූ හරවත් ගීතයකි. ඔහු රෝහල්ගත වී සිටින දින කිහිපයේදී මා හට එය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදුන්නේය.
මා ඇතුළු අප නාට්‍ය කණ්ඩායම ඔහුගේ රෝගාතුර තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට ආධාර පිණිස කිරිබත්ගොඩ දීපාල්ගේ මිතුරන් සමග 2017 පෙබරවාරි 03 කඩවත KFC ශාලාවද වෙන්කර තිබුණි. ඔහුගේ මිතුරන්ද මමද මුද්‍රණය කළ ටිකට්පත් වල පිටුපස ඔහුගේ අත්සන යෙදීමට කතිකා කර ගතිමි. ඔහුද එයට එකඟ විය. එදින උදෑසන දීපාල් සිල්වාගේ නිවසේදී ඔහු තම මිතුරාට පැවසුවේ &ධම්මික, ටිකට්ස් අද ගහලා රෑට මට ගෙනත් දෙන්න, මම අත්සන් කරලා දෙන්නම්. හෙට උදේ මේ ටිකට් මගේ මිතුරන්ට බෙදන්න". ඔහු දුන් මිතුරු නම් ලැයිස්තුව ලියුවේ මමය. පසුදා උදෑසනම මට දීපාල්ගේ මිතුරු ධම්මිකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ, “අසෝක අයියේ දීපාල් නැති වුණා" කියමිනි. එපමණකි..
හිතවත් මිතුර, ඔබට නිවන් සුව පතමි,
ඔබ කළ දේ ගරුය, ගාම්භීරය
එය තව කෙනෙකුට කළ නොහැක
අසෝක සෙනරත් මුදලිගේ
සිකියුරිටි සින්නතම්බි
නාට්‍ය රචක / නිෂ්පාදක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd