පසුගිය දා දස වසරක් සැපිරූ ස්කොට්ලන්තයේ එකම බෞද්ධ විහාරයේ මෙවර තුන් නමක් වස් වසති. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමි, බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේනාධිපති මතුගම පාලිත හිමි සහ කට්ටකඩුව පුරාණ විහාරයේ විහාරාධිකාරි දෙනගම ධම්මාරාම හිමිවරු වස් විසීමට ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ. විහාරස්ථ දායක සභාව වෙනුවෙන් අමිත් මුදලිගේ මහතා වස් ආරාධනාව කෙළේය. ලොව ප්‍රකට වාදන ශිල්පියකු වන මාටින් ටේලර් සහ මනෝ වෛද්‍ය අලිස්ටේයර් කෙලී ද එම අවස්ථාවට එක් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්කොට්ලන්තයේ සිංහල බෞද්ධයින් ඉන්නේ ඉතා සුළු පරිසක්. එත් හාමුදුරුවරුන් තුන් නමක් වස් වසවාගෙන දානය පිරිනමනවා වගේම පන්සලක් නඩත්තු කිරීමත් අගය කලයුතුයි. ඒවගේ පන්සලක වස්වසන හාමුදුරුවරුන්වත් අගයන්න ඕන. සුදු මහත්වරුත් වස් ආරාධනාවට ඇවිත් ඉන්නේ. විශාල මුදලක් වගේම මහන්සියක් කැපකරලා කටයුතු කරන ඔබ සැමට බුදු සරනයි..(ස)
තුන් නමක් මෙහි වස් වසන්නේ නැහැ ඒ හාමුදුරු වරු දෙනම නිවාඩුවක් ගත කරලා නැවත ලංකාවට වැඩම කලා ..??(නු)
අහෝ දුකකි ..බුද්ධ ශාසනයේ විනාසයද මේ (නු)
මෙවන් දේවල් දකින්න ලැබීමත් පිනක්. බුදු සසුන බැබළේවා! (නි)
මේ පන්සලට සිංහල බෞද්ධ අය යන්නේ නැහැ කියන්නේ ඇත්තද? (නි)