තරිඳු ජයවර්ධන
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා දන්වා යවා ඇත.
සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සේවක ඉල්ලීම් ගැන සාකච්ඡාවට සූදානම් බව කොමිසමේ සභාපතිවරයා විශ්ව විද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතාට ලිඛිතව දන්වා යවා තිබේ.
මෙම වර්ජනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පරිපාලන කණ්ඩායම් අතර එම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹි බව මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් දෙන්න අපි එන්නම්...
ඔය වැඩ නොකරන අයට යන්න දීලා අලුතෙන් ගන්න
දෙයියන්ගේ නාමයෙන් ඔය ප්රශ්නය විසඳන්නකෝ... රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ?
මෙම ප්රශ්නය නොසලකා හැර තිබේ.. දැන් නැවතත් පැමිණීමට ආරාධනා කර තිබේ. මේ මොන විහිළුවක්ද?
සති 3ක් මේකට ගත කලේ අන්දයන් බිහිරන් වගේ .මෙහෙමත් පාලකයෝ, නිලධාරී ඉන්න රටක් තවත් ලෝකයේ තියෙනවද දන්නේ නැ. විශ්ව විද්‍යාලවල ඩෙංගු මදුරුවන් බෝවෙලා දරුවන්ගේ ජීවිත බිලි ගන්න තුරු මේක විසදන්න උනන්දුවක් නැති වීම රටේ දරුවන්ගේ අවාසනාවක්.