2011 දෙසැම්බර 24 වැනිදා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් සමාන් වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රියෝනා කෙළෙසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කිකරුවනට තර්ජනය කළැයි කියන සැකකරුවන් කවුරුන්දැයි නොවැම්බර පළමුවැනිදාට දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට නියෝග කළේය.
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යාපතිරණ, ඕ ඒ ළහිරු කැළුම්, යූ සමන් දේශප්‍රිය, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග, එම් සරත් හෙවත් සහන්, එස් ප්‍රගීත් චතුරංග, එච් සී නුවන් චින්තක හෙවත් පැටී හා ඒ පී නදීර ෂමල් සැකකරුවෝ අට දෙනා වෙති.
ඔවුහු ඇප මත මුදාහරිනු ලැබ සිටිති.
ඔවුන්ගෙන් සාක්කිරුන්ට තර්ජනය කළ අය කවුදැයි දන්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.
ගාල්ල මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ මේ නඩුව කොළඹට මාරු කැරුණේ සාක්කිකරුවනට සැකකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති නීතිපතිට ලැබුණු පැමිණිල්ලක් අනුවය.
දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රාදේශීය සභාපතිගේ ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලීමක් කළේය.
ඔහුට ඇප නියම කළ ගාලු මහාධිකරණයට එම ඉල්ලීම ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැකකරුවන් පිටරට සම්මේලන වලටත් යනවද?අනේ අපොයි... අපි හිත හදාගමු. (නි)
අපේ රට නියෝජනය කරන්න යන්නේ මෙහෙම පුද්ගලයොද? (නි)
මේවට වග කියන්න ඕන කව්ද?(අ)
නීතිය බලු බල්ලට ගිහිල්ලා ! (නදී)
මොකෝ දකුණ කියන්නේ රටේ කොටසක් නොවෙයිද? මුළු රටටම කීර්තියක් ගේන්න තමයි මේ ගොල්ලා වැඩ. ලෝකේ අපේ රට ප්‍රසිද්ධයි දැන් මේ ගොල්ල නිසා.(නදී)
ලංකාවේ බලු දේශපාලනය සක්වල ගලෙන් එහාට පන්නන්න කොන්දක් තියෙන මිනිස්සු කවදා පහල වෙයිද?(නදී)
ජනාධිපති තුමනි, දෙවියන්ගේ නාමෙට මේ පාපතරයාගේ සභාපතිකම නැති කරලා පක්ෂෙන් පන්නලා දාන්න. ඉතුරු ටික උසාවියෙන් බල ගනියි. මේ තරම් අපරාදයක් කරපු එකෙක් තාම සභාපති කමේ ඉන්නවා කියන එක අපිට නම් පුදුමයක්. උසාවි තීන්දුව ලැබෙනකම් මෙයා සැකකරුවෙක් පමණක් උනත් ඒ තීන්දුව ලැබෙනකම් වත් ඔබතුමාගේ නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සු හිනා වෙන්නේ සමච්චල් කරන්නේ ඔබතුමාටත් එක්ක. ඔබතුමාව අදහගෙන ඉන්න අපිට. කව්ද මෙයාව පිටරට යන්න නම් කලේ.(නදී)
මේ අයට සමුළුවට යන්න දෙන්න එපා. 2011 කරපු දේට තව ඇද ඇද ඉන්නත් එපා. නීතිය හරියට ක්‍රියාත්මක කර රටට පෙන්වන්න. බොදු බලසේනා, රාවනබලය වගේ, නීතිය ක්‍රියාත්මක කරගන්නත් බලසේනාවක් ඕනවෙලා තියෙන්නේ.(නදී)
ප්‍රදේශීය සභාපති මේචචර බලපුළුවන්කාරයෙක්ද? (නි)
ඔය දේශපාලනය ඇතුලේ කවුද නැත්තේ? ලෝකේ තියන රටවල් වලින් මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ,මංකොල්ලකාරයෝ,කුඩු මුදලාලිලා හ කොමිස් කාක්කෝ වැඩිපුරම දේශපාලනයේ ඉන්න රට ලංකාව (නි)
මෙවැනි අය නිසා අපේ රටේ කිර්තිය නැතිවී යන්නා සේම ,සංචාරකයින් පැමිණීමද අඩුවේ. (නි)
ජේ ආර් ජයවර්ධන මහතා ඇති කරපු මේ විධායක ජනාදිපති ක්‍රමය සහ පළාත් ආණ්ඩු සබා ක්‍රමය තිබෙනතුරු අපේ ලංකාවේ පිරිසිදු දේශපාලනක් බලපොරොත්තු විය නොහැකිය. දවසින් දවසම ලංකාව ආගාදයකට හෙලීම හැර වෙනත් දෙයක් දැකිය නොහැක . (නි)
ලංකාවට කළු පැල්ලමක් එක්කළවුන් ඇයි ජාත්‍යන්තරයට යවන්නේ? හොදයි හොදයි. බොහෝම හොදයි. ජේසු පිහිටෙන් ගිහිල්ලා එන්න (නි)
මිනීමරු ප්‍රබාකරන්ගේ අනසක යටතේ හිටියා නම් මීට වැඩිය හොදයි කියලා වෙලාවකට හිතෙනවා. (නි)
ජාත්‍යයන්තරයෙන් හෝ මේ ගැන පරික්ෂණයක් කරන්නයි තියෙන්නේ. (නි)
සුබ අනාගතයක් රටට! (නි)
ලංකාවෙන් පිට වුනගමන් මෙයාව අල්ලාගෙන ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණයට ඉදිරිපත් කලොත් වෙන්නේ මහා ජංජාලයක්. සුදු ජාතිකයා මරපු එක සුද්දන්ට තවම අමතක වෙලා නැහැ. දකුණු කොරියාව එංගලන්තෙට සහ ඇමෙරිකාවට පක්ෂපාතියි. අල්ලලා දෙන්න කිවුවොත් කිසිම පැකිලීමක් නැතුව අල්ලලා දේවි (නි)
පොදුරදමුලු සමුළුවට කලින් රටින් පනින්ට වගේ? (ත)
මිනී මැරුමක සැකකරුවන් රට සවාරි ගහන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් (ත)
පෙරේරා, ඔය ඉල්ලීම මිනීමරු ප්‍රභාකරන්ගෙන් ඉල්ලන්න. අඩුම වසයෙන් මීට වඩා සාදාරණයක් ඉෂ්ට කරාවි. රටේ නීතිය බල්ලටම ගිහින් කියලා කියන්න ඕනා තරම් උදාහරණ තියෙනවා.(නදී)
මෙයාව විදේශයකදී හෝ අත්අඩංගුවට අරන් අර ජීවිතය අහිමි වුන අසරණයට සහ 8 දෙනෙක් දුෂණය කර අසාද්‍ය තත්වයෙන් අයි.සී.යූ එකේ හිටිය රුසියානු තරුණියට සාදාරනය ඉෂ්ට කරන්න.(නදී)
.අනේ මගේ කට.(අ)
බ්‍රිතාන්‍ය තානාපතිට කොරියාවේදී මුව අත් අඩංගුවට ගන්න බැරිද?(නදී)
ටික දවසකින් ඔක්කොම ශේප් කර ගනීවි.(නදී)
මේවා දැක්කමත් අප්‍රසන්නයි මට නම්.රටකට ගිය කලක් (නි)
දකුණු කොරියාවේ කෙල්ලෝ දුෂණය වලක්වන සමුළුවට උපදෙස් දෙන්න යන්නේ මොනවත් කියන්න එපා .(නදී)
මේ සමුළුව තියන්නේ සිංහලෙන් ද?(නදී)
මොකටද ඉතින් ඒ නම් ළග තියාගත්තේ ? (නි)
මේ වගේ අයට මොන සම්මේලනද? සම්මේලනය සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද දන්නෙ නැහැ තියෙන්නේ (නි)
පාලකයන්ගේ දෙබිඩි නීතිය හරිම අපුරුවට පේනවා.(නදී)
කවුද මෙයාලව සමුළුවට යන්න නම් කළේ? (නි)
. මේක මහා පුදුම රටක්.බෝට්ටුවලින් රට පනින එක පුදුමයක් නොවේ.(අ)
මේ දරුණු අපරාධය සිදුකල අපරාධකරුවන්ට විරුද්ධව නිසි දඩුවම් ලබාදීම සදහා ජාත්‍යන්තරයේම බලපෑම ශ්‍රී ලංකාව වෙත එල්ලවේවා.(නදී)
පිටරට සම්මේලන වලට යවන්නේ මෙහෙම පුද්ගලයොද?කවුද මෙයාව නම් කළේ? (නි)