කහවත්ත කොටකෙතන එල් ජී ප්‍රේමවතී (63), එච් ජී පුෂ්පකුමාරි (23) ඝාතනය කළැයි චෝදනා ලබා දිටි සැකකරුවෝ තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් අද (28) නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
අපරාධ සහායක ආචාරිගේ සිරිපාලගේ සාක්කිය පහරස්පර වීමත්, සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් නිසා සැකකරුවන් මුදා හරින බව විනිසුරුවරිය කීවාය.
නාමල් චමින්ද සිල්වා, නුෂාර ලොකුගම්හේවගේ හා එල් ජී මිතිල නිදොස් කොට නිදහස් කරනු ලැබුවෝ වෙති.
2014 ජූලි 17 වැනි දා මවත් දුවත් මරා ඇඳක් උඩ පුළුස්සා තිබිය දී සොයා ගත් බව පොලිසිය කියයි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අය මිනි මරුම කලේ නැහැ කියල. (ත)
මිනිස්සුන්ට නීති පද්දතියක් උවමනා වෙන්නේ මොකටද ? මේ වගේ දේවල් වලින් නීති පද්ධතිය ගැන මහජන විශ්වාසය බිදවැටෙනවා. (ත)
නීතිය උතුරට-දකුණට සැමට සම සරණක් නැති බව පෙනේ (බ)
දැන් මුන් ටික නිදහස් නේ. අායෙත් ඉතින් සෙල්ලම පටන් ගනී. මේවා අහනකොට දකිනකොට අපේ ඈගේ ලේ පිච්චෙනවා විතරයි (බ)
මේක කලින් ආණ්ඩුව කාලේ වුනානම් කියන්නේ සැකකරුවන් මුදවාගන්න දේශපාලන ඇගිලි ගැසීම් අධිකරණයට එල්ල වුනා, මේක අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් වගේ දේවල්...කෙසේ වෙතත් අධිකරණ තීන්දුවට හිස නැමිය යුතුයි...(බ)
නීතිය අන්ධයි කියන්නේ ඕක තමයි. ගෑණියෙක්නේ ඒකෙත් ඉන්නේ? ඇස් වහල. මොනවා වුනත් මේ නඩු තීන්දුව ඉතිහාස ගතවෙනවා. මොකද එයාම එකපාරක් පාපොච්චාරණය කළා එ්ක එගොල්ලො කළේ කියල. පොලිසියට නීතිය ඉගෙනගත්තු අය බඳවා ගත යුතුයි(බ)
අම්මෝ! තියෙන සතුට? (නි)
වැරදිලාවත් මේ තීන්දුව පසුගිය රජය කාලයේ දුන්නානම් මහින්ද අධිකරණයට බලපෑම් කළ බවට විරුද්ධ පක්ෂ නියත වශයෙන්ම හඬ නගනවා. (ත)
දැන් ඉතින් නියම අපරාධකරුව හොයා ගන්න එකයි ඇත්තේ (බ)
කනිෂ්ක ,අධිකරණයේ තීන්දු විවේචනය කරන්න පුළුවන් බව ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ සභානයක තුමා කිව්වා බව ඔබ නොදන්නවා විය හැකි ය ඒ අනුව මම දකින්නේ වැරදි කරුවන් නිදොස් නොකළ යුතු බවය .කහවත්තේ මව සහ දුව මරපු අය අධිකරණයෙන් නිදහස් වුවද ඔවුන්ගේ හෘද සාක්කියට අනුව වැරදි කරුවෝ වෙති (බ)
අපේ නීතිය සීතාම්බර පටයක් වගේ (බ)
කොහොමද අපේ නිතිය අන්තිමට දුෂණය කරපු එකෙකුත් නැහැ මරපු එකෙකුත් නැහැ. ඉබේම දුෂණය කරගෙන මැරිලා. කැකිල්ලේ රජතුමගේ නඩු තීන්දු. එක්කෝ නඩුව දාන පොලිසිය වැඩේ හරියට කරන්නේ නැහැ නැත්නම් නඩුව අහන පැත්තෙන් තියන අඩු පාඩු. (බ)
අනේ මන්දා මොනා කියන්නද කියලා. (බ)
තමන්ට එල්ල වුන අපවාදයෙන් ගැලවීමට පොලිසිය කළ උපක්‍රමය ඩි.එන්.ඒ තාක්ෂණය නිසා එළි වුනා.මේ ගැන නියම විස්තරයක් වාස් ගුණවර්ධන මහතා පවසා තිබුන, ඔහු කලින්ම මේ නඩු තීන්දුව ලැබෙන බව පවසා තිබුන.මේක පොලිසියට ලොකු ලැජ්ජාවක්. (බ)
අනේ වාසනාවන් . මේකට උද්ඝෝෂණ නැද්ද? (බ)
කොටකෙතන පාසල් සිසුවියගේ මිනිමැරම නිකම්ම මහජන ජූරියක කැදවීමටත්...යාපනය සිසුදැරියගේ මිනිමැරීම් ස්ත්‍රි දූෂණය විශේෂ ආරක්ෂිත ස්ථානයක කැදවීමටත් යහපාලන ආණ්ඩුවේ ජනපතිවරයා විසින් නියම කරන ලදී. නමුත් ගැටලුව නම් දකුණට එක විදිහකුත් උතුරට තව විදිහකුත් ඇයිද යන්නයි ? (බ)
ගොඩක් ස්ත්‍රී දුෂණ මිනී මැරුම් නඩු තීන්දු ඔය වගේ තමයි. තමාගේ හෘද සාක්ෂිය දන්නවනේ මැරුවද නැද්ද කියල ... එ්ත් මේ අපරාධය කරානම් කවදාවත් ස්වභාවධර්මයෙන් නම් බේරිලා ඉන්න බැ. කවද හරි විදවන්න වෙනවා. (බ)
එතකොට මේ මිනිස්සු මැරුනේ කොහොමද ?? කවුද මේවට වගකියන්නේ.. ?(ම)
යාපනේ සිද්දියට එකෙන්ම දඬුවන් දෙයි (ම)
සාක්කි ගලපාගෙන හෝ මෙවැනි අපරාධ කරුවන්ට දඬුවම් කල යුතුයි (ම)