
(අංජුල මහික වීරරත්න)
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා යාපනය දිස්ත්‍රික්කයේ පුරාණ කදුරුගොඩ විහාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ඉපැරැණි ආගමික සහ සංස්කෘතික උරුමයක් වන මෙම විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්මාරක ආරක්ෂා කරගනිමින් ආගමික කටයුතු පවත්වාගෙන යාමට ඇති පහසුකම් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධීකාරක සහ යාපනය නාගරික මන්ත්‍රී කපිලන් සුන්දරමූර්ති මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd