
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර කොළඹ ඒ 01 මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (23) රාත්‍රී 11.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මීට පෙර පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මාර්ගයට පෙරළී ඇති ගල් සහ පස් ඉවත් කොට මාර්ගය නැවත පිළිසකර කිරීම සඳහා එසේ එම මාර්ගය කෙටි කාලයකට වසා දැමීමට පියවර ගෙන තිබේ.
එම මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් ඇතැම් ස්ථානවල මේ වන විට වාහන ගමන් කිරීමට භාවිතා කළ හැක්කේ එක් මන්තීරුවක් පමණි.
මෙම කාලය තුළ එම මාර්ගය භාවිතා කිරීමට බලාපොරොත්තු වන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
කෙසේ නමත් මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු පවසා සිටියේ එම මාර්ගය එසේ පැය කිහිපයකට වසා දැමීමට මෙතෙක් පොලිසියේ අවසරයක් ලැබී නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd