(මනෝප්‍රිය ගුණසේකර)

සංචාරක වීසා වලින් ලංකාවට පැමිණ මෙහි රැඳී සිටිමින් රැකියා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් චීන ජාතිකයින් 94 දෙනකුට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා රුපියල් ලක්‍ෂ 70ක දඩ  නියම කළේය.

සංචාරක වීසා වලින් ලංකාවට පැමිණ වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් රැකියා කිරීමෙන් ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල වන බව පෙන්වා දෙමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මුල්‍ය හා වාණීජ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

රාජගිරිය ප්‍රදේශයේ රැදී සිටිමින් අන්තර්ජාල ජාවරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගන්නා ලඳුව වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් රැකියා කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම චෝදනාවන්ට වරද පිළිගත් චීන ජාතිකයකුට රුපියල් 75000/- බැගින් චීන ජාතිකයින් 94 දෙනාට රුපියල් 70 50 000/-ක මෙලෙස නියම කෙරිණී.