IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සී.යි.ඩී වෙස් අරන් කෝටියක් ගහලා

විවිධ වැරදි සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ට ඇප ලබා දීමට තමන්ට හැකි බව කියා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු ලෙස රඟපාමින් රුපියල් කෝටියක් පමණ වංචාකළ බව කියන  පුද්ගලයෙක් (57) ඊයේ (2) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ගුවන්තොටුපොළ අසළ පදිංචිකරුවෙකි. ඔහු හිටපු දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ තරුණයන් 15 දෙනකුගෙන් පමණ රුපියල් කෝටියක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු සැකකරුවන්ගේ ඥාතීන් සමග මිත්‍රවී පසුව මීගමු උසාවිය අසලට ගොස් එක් අයකුගෙන් රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

සී.යි.ඩී වෙස් අරන් කෝටියක් ගහලා

ජූඩ් Wednesday, 03 April 2013 09:23 PM

මේ පොඩි සක්විතියෙක් පොඩි කියන්නේ කෝටියක් නිසා. සක්විතිය කොටි සීයයි.(නදී)

:       0       0

ටෙෂාන් Saturday, 06 April 2013 07:46 AM

ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ. ඔය පරිප්පුව කාපු කට්ටිය තමයි අමාරුව දන්නේ. (නි)

:       0       0

පද්මි Thursday, 04 April 2013 12:03 PM

මොහු දේශපාලකයෙකු නිසා ඒ ගැනවත් සළකා නිදොස් කොට නිදහස් කරන එක හොදයැයි මම යෝජනා කරමි. (නි)

:       0       0

තුෂාර Wednesday, 03 April 2013 06:32 PM

මේ වගේ අය ඕන තරම් ඉන්නවා. උසාවියේදී නිදහස ලැබුනොත් මෙයාලා කියන්නේ එයා හින්ද තම නිදහස් උනේ කියලා.(නදී)

:       0       0

අමිත් Thursday, 04 April 2013 08:35 AM

ලොකු ලොක්කෝ ගහන ගැහිලි බැලුවම මේවා මොනවද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 April 2013 08:22 PM

මේ වගේ දක්ෂයො ඉන්නකම් අපේ රට වට්ටන්න හම්බවෙන්නෙ නෑ කාටවත්.(නදී)

:       0       0

උපාලි Wednesday, 03 April 2013 08:39 PM

හරි අපූරුයි. ඉතාම දක්ෂයෙක්. මෙයාව ආණ්ඩුවට අරන් ඇමති කමක් දෙන්න වටිනවා. දේශපාලන්ඥයෙක් ළඟ වැඩ කරලා පලපුරුද්දකුත් තියෙනවනේ. දේශපාලනේට හොඳට ගැලපෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site