ශ්රී ජයවර්ධපුර කෝට්ටේ අගනුවර රජ මාවතේ කම්කරුවෝ පිරිසක් අදත් මහ පාර ශුද්ධ කිරීමෙහි යෙදී සිටියහ.
සෙසු කම්කරුවන් මැයි දිනයට සූදානම් වෙද්දී ඔවුනට සිදුවූයේ මැයි දිනයේ දරු පවුලට බත් කටක් දීම සඳහා කුලියට වැඩක් කිරීමයි.
මේ පිරිස පාරේ මැද තණතීරුවල තණකොළ කැපූහ. දැනගන්නට ඇති විදියට මොවුහු කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නෝය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොච්චර බොරු සෝබන කළත් යථාර්ථය මේකයි. මම පිටරට ජීවත් උනාට මට තවම මතකයි ගිය වසරේ මැයි දිනයේදී රැකියාවට යන්න ගිය කාන්තාවක් බසයෙන් වැටී හෝ බසයේ හැපී මියගිය සිද්ධිය. (බ)
මොන දිනේ වුනත් මිනිසුන්ට බඩගිනි දැනෙනවා , රැලි වලට ගියා කියල මොකක්ද වැඩකරන ජනතාවට ලැබෙන්නේ? මේවා බොරු වැඩ . වෙන්නේ කපටි දේශපාලකයෝ තමන්ගේ ශක්තිය පෙන්නන්න අහිංසක වැඩකරන ජනතාව ගොනාට අන්දන එක. මේ පින්තුරේ ඉන්න මිනිස්සු තමන්ගේ වැඩක් කරගෙන කියක් හරි හම්බකරලා පවුල් නඩත්තු කරනවා, මෙයාලට අපි ගෞරව කරන්න ඕනි (බ)
වෛද්‍යවරු,හෙදියන්, පොලිසිය, හමුදා ඇතුලු බොහෝ දෙනා මැයි දිනය ඇතුලු නිවාඩු දින වලද සේවය කරති. (නි)
මේ දිනය වැඩකරන මිනිසුන්ගේ. පෙළපාලි යන අය දේශපාලන ගැත්තන් ලෙසයි මම නම් දකින්නේ (නි)
වැඩක් නැති තැන්වල රස්තියාදු නොවී තමුන්ගේ දරු පවුල් ගැන හිතු සැබෑම කම්කරුවන්ට .අපේ උපහාරය ..! (බ)
වැඩක් නැති තැන්වල රස්තියාදු නොවී තමුන්ගේ දරු පවුල් ගැන හිතූ සැබෑම කම්කරුවන්ට අපේ උපහාරය ..! (නි)
ටියුෂන් කඩකාරයොත් ඒවා පැවැත්වීම නිසා ඒවායේ සේවකයන්ටත් නිදහසක් තිබුනේ නැහැ. (නි)
ජය වේවා! (නි)