(නිමන්ති රණසිංහ)
ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන්නේ බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, තොරතුරු සැඟවීම සහ නීති විරෝධී ලෙස භාණ්ඩ නිදහස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඉකුත් 24 දිනයේදීය.
සුදුළූණු සිද්ධියක් සම්බන්ධයෙන් මීට ඉහතදී ද පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ලංකා සතොස මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි හොරාව අල්ලන්නේ නැත්තේ ඇයි කියලා මම දන්නවා.
මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ.. බලමු වයිමා මොකද කියන්නේ කියලා..?
මාර වැඩක්නේ කැකිල්ලේ නඩු තීන්දුවක් වෙයි වගේ
සීනි හොරු, යකඩ හොරු, සුදු ලූණූ හොරු, පෝර හොරු, ඇන්ටිජන් කට්ටල හොරු, නිරෝධායනය කරන හෝටල් වල හොර ජාවාරම්, කුඩු ජාවාරම්... ඛලපුවාම ආණ්ඩුවත් හොරුද..? අනේ මන්දා මේ මොනවද...?
පේනවනේ දැන් දේශපාලනඥයො මොකටද හැරෙන්නේ කියල.