දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ පහතරට එළවළු කිලෝ පනස් දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කීරීමට නොහැකිව අද(21) කුණු ගොඩට විසිකළ බව ගොවීහු පැවසුහ.
කැකිරි, පිපිඤ්ඤා, මෑකරල්, වම්බටු, දඹල, බණ්ඩක්කා ආදී පහතරට එළවළු කුණු ගොඩට දැමුයේ බැකෝ හා ටිපර් ආධාරයෙනි.
මෙම එළවළු කිලෝව රුපියලකට හෝ අලෙවි නොවු බව ගොවීහු පවසති. බෝහෝ එළවළු දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගැසී තිබිණි.
එළවළු ඉවත් කරන කම්කරුවන් කියා සිටියේ 21 අලුයම සිට පස්වරුව දක්වා කිලෝ පනස්දහසට අධික ප්‍රමාණයක් ඉවත් කළ බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමයේ සභාපති යු.බී. ඒකනායක මහතා පැවසුවේ පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීම නිසා වැඩි එළවළු ප්‍රමාණයක් එකවරම ආර්ථික මධ්‍යස්ථානයකට ලැබීමත් අවුරුද්දෙන් පසු එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ අඩු වීමක් නිසා මේ තත්වය උදා වු බවයි.
මීට කලින් එළවළු කිලෝ 40000 ක් කුණු ගොඩට දැමූ පුවත දුටු ජනපති සතොස ට නියෝග කළේ අතිරික්ත එළවළු මිලට ගන්නා ලෙසයි. එළවළු පිළිබඳ එම නියෝගය දින දහයක් ක්‍රියාත්මක විය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස.තො.ස අහලකවත් නෑ
වීරසේකරගේ Sunday, 21 April 2013 08:19 PM
මම චින්තනේට දොස් කියන්නේ මේ වගේ අපරාධ නිසයි. (නි)
සත්‍යා Sunday, 21 April 2013 09:29 PM
රජය මෙයට සම්පුර්ණයෙන් වගකිව යුතුයි.(නදී)
රන්ජන් Monday, 22 April 2013 01:55 PM
කෝ මේ අපේ ආහාර ඇමතිතුමා? (නි)
රත්න Sunday, 21 April 2013 03:35 PM
මේ නව දැක්ම "ජනතාවට සහන දෙන්නේ නැහැ" නේ. (නි)
ජගත් Sunday, 21 April 2013 03:39 PM
ගොවියෝ 1000 සීසී මෝටර් සයිකල් වලින් 200ක ස්පීඩ් එකකින් ආපහු ගෙවල් වලට ගියාලු. (නි)
ජීවන්ත Sunday, 21 April 2013 03:43 PM
කොළඹ ඔක්කොම එලවළු කිලෝව රු. 200ට අඩුව නැහැ. (නි)
ජගත් Sunday, 21 April 2013 03:45 PM
කමක් නෑ සාස්තර කාරයෝ කිවානේ උතුරත් දිනවලා දෙනවා කියලා! (නදී)
ගාමිණී Sunday, 21 April 2013 03:45 PM
අවුරුදු කාලේ ලක්ෂ 9 ක් කතරගම ගියාලු. පාර අයිනේ හරි තියාගෙන කිලෝව රු:20/=කට දුන්නා නම් මොකද? දඹුල්ලේ කුණු කූඩේට දමන එක හොදයි,වාහන කුලී ගෙවනවාට වඩා! (නි)
පාල Sunday, 21 April 2013 03:52 PM
සදරුවන්, ඇමරිකාවෙත් මෙහෙමද? (නි)
ලීල් Sunday, 21 April 2013 04:22 PM
එහෙම කරන්නේ ඇයි? විකුනාගන්න බැරිනම් නොමිලේ දීලා දාන්න. (නි)
රජින්ද Sunday, 21 April 2013 04:25 PM
විධිමත් කළමනාකරණය, විධිමත් පරිපාලනය තියෙන රටක මේ ගොවි දෙවියන්ගේ කදුළ, දහදිය මහන්සියේ වටිනාකමට ත්‍යාගයකි.(නදී)
සමන්ත Sunday, 21 April 2013 04:34 PM
ඔහොම යමු ජගත්.(නදී)
ආරියසිරි Sunday, 21 April 2013 04:42 PM
මේ රටට මොනවා වෙලාද? රටේ පාලන අධිකාරියක් නැහැ. කළමනාකාරිත්වයක් නැහැ. රටේ සම්පත් හරි විදිහට මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. වගකීමක් ගැන මොකක්වත් හිතන්නේ නැහැ. අයිතිවාසිකම් ගැන කතාකරනවා නම් හැමෝම සිහියෙන් (නි)
පැතුම් ජයන්තිපුර Sunday, 21 April 2013 05:05 PM
අයියෝ සල්ලි ! (නි)
සිල්වා Sunday, 21 April 2013 05:23 PM
ලොකු ලොක්කන් යන්න ඕනෑ දඹුල්ලේ එලවලු විකුණන තැනට ඇත්ත දැකගන්න. (නි)
නන්දික Sunday, 21 April 2013 05:31 PM
මේවා හරියට වෙන්න යාන්ත්‍රණයක් හදන්නේ නැති එකයි ප්‍රශ්නේ. (නි)
අසාර් Tuesday, 23 April 2013 11:02 AM
සල්ලි කොහොහොම වුනත්, අපරාදේ දූක්මහන්සි වුන මිනිස්සුන්ගේ දහදිය සහ බලාපොරෝත්තූන්. (ස)
සෝමසිරි Sunday, 21 April 2013 05:58 PM
මේක ජාතික අපරාධයක්. (නි)
රජිත් ඉතාලි Sunday, 21 April 2013 06:46 PM
බලධාරිනි, පුලුවන් නම් ඔය එළවලු යුරෝපයට එවන්න. මෙහෙ ඕනෑම වර්ගයක එළවළුවක් යූරෝ 5යි. අඩුවට දුන්නොත් කිලෝ 50000ක් නෙමේ 100000ක් හරි වික්කහැකි සතියකට (නි)
පද්මි Sunday, 21 April 2013 07:28 PM
දැන් ඒකත් විලාසිතාවක් වෙලා. අනේ මෙහෙම ලංකාවක්! මෙහෙ ලංකාවෙන් ගෙන්වපු වියලි නෙලුම් අල ග්‍රෑම් 100 ක් යුරෝ 8 ක් වෙනවා. ( රු; 1'400 ) (නි)