IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සී අයි නිදැල්ලේ

හලාවත - මුගුණුවටවන පදිංචිකරුවකු පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් පොරොන්දු නෝට්ටුවකට අස්සන් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකු ලබන 23 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු ජගත් කහදගම මහතා නියෝග කළේය.

ගම්පහ - යක්කල පදිංචි ජයමාල් තිසේරා  ඔහුය.

පසුගිය 03 වැනි දින සිව් දෙනකු විසින් තමන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් පොරොන්දු නෝට්ටුවකට අත්සන් ගෙන පසුව හලාවත - රිදීවැල්ල ක්‍රීඩා පිටිය අසලදී අතහැර ගිය බව හලාවත - මුගුණුවටවන පදිංචි ඩෙරික් චමින්ද සිල්වා හලාවත පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත. තමා පැහැර ගැනීම සදහා පොලිස් නිල ඇදුම් ඇද සිටි අයකු සහ හලාවත පදිංචි පිය - පුතු දෙදෙනකුද පැමිණ  සිටි බවද පැමිණිලිකරු තම පැමිණිල්ලේ සදහන් කර ඇත. පොලිස් නිලධරයා  අත්අඩංගුවට ගන්නැයි  පොලිස්පති මීට දින දහයකට පමණ පෙර නියෝග කළත්  මෙතෙක් ඔහු සේවයට වාර්තා කර නැතයි කියති. මෙම පැහැරගැනීමට සම්බන්ධ පිය පුතු දෙදෙනාද  අත්අඩංගුවට ගෙන නැත.



අදහස් (0)

සී අයි නිදැල්ලේ

රාජු Saturday, 20 April 2013 06:02 AM

අපි ඕක දැනගෙන හිටියා කතන්දරේ පටන්ගන්න කොටම! (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 20 April 2013 07:50 AM

ඇයි හම්බන්තොට පැත්තේ ගිහිල්ලාද කියලා අහන්නේ? මොකෝ ගිහිල්ලා නම්, ඔයා ගිහින් එයාව හම්බ වෙන්නද? (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 20 April 2013 09:58 AM

ආරම්භයේදීම මම කිව්වා මේකත් කැකිල්ලේ නඩුවක් වෙයි කියලා.(නදී)

:       0       0

රජිත් Friday, 19 April 2013 06:43 PM

පිය පුතු දෙන්නා නම් කැළණි ගිහින් ඇති ධාතු වදින්න. අල්ලන්න බැරි ඒකයි. එතකොට පොලිස් නිළධාරියා කොහේ ගිහින්ද ? (නි)

:       0       0

දම්මි Friday, 19 April 2013 07:04 PM

පොලිස් නිළධාරියා හම්බන්තොට වරාය පැත්තේවත් ගිහින්ද? (නි)

:       0       0

කුමාර Friday, 19 April 2013 07:08 PM

ආසියාවේ ආශ්චර්යය නොවැ. (නි)

:       0       0

අමිල Friday, 19 April 2013 09:18 PM

පොලිස් දැලේ හිල්.(නදී)

:       0       0

ද සිල්වා Friday, 19 April 2013 10:08 PM

හැම ප්‍රශ්නෙකටම ආශ්චර්යයයි, දුටුගැමුණුයි , නැව් එන්නේ නැති වරායවලුයි අල්ල ගන්න එපා. ආශ්චර්යය විදුලි බිලෙන්ම පෙනේවි. (නි)

:       0       0

රූපවති Saturday, 20 April 2013 01:08 AM

වගකිවයුත්තනි, අද අප රටේ පවතින නීතිය ගැන,ලෝකයෙන්ම අපි අවමානයට පත්වී සිටිනවා වගේම ලාංකිකයින් විදියට අපිත් කළකිරීමට පත්වී ඇති බව කණගාටුවෙන් සටහන් කරමු ...! නීතිය සාධාරණව අකුරට ක්‍රියා කරන තුරු රටක අභිමානය වගේම දියුණුව පැවැත්ම වගේ දේවල් ඉස්මතු වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Saturday, 20 April 2013 01:43 AM

මේක තමා රටේ තත්වය. නීතිය උඩුයටිකුරු වෙලා... පොඩි මිනිහට විතරද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? අනේ කාලේ වනේ වාසේ .......... (නි)

:       0       0

වීරසේකරගේ Saturday, 20 April 2013 03:38 PM

ඔන්න මහින්ද චින්තනේ වැඩ කිඩ.(නදී)

:       0       0

උපාලි Saturday, 20 April 2013 02:21 AM

ගම්පහ නගරාධිපති ඇල්ලුවා කිව්වම මම ඇහුවා ඇයි මෙයාව අල්ලන්නේ නැත්තේ කියලා. මෙයත් ගම්පහනේ, ඒ පොලිසියමනේ. නේද? (නි)

:       0       0

කුමාර Saturday, 20 April 2013 03:23 AM

ආශ්චර්යය... ආශ්චර්යය... ආශ්චර්යය...!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site