පසුගියදා පැවති "ස්ටාර් ස්ක්‍රීන්" සිනමා සම්මාන උලෙළේ නිවේදන කටයුතුවලින් සහාය වූ බොලිවුඩයේ සුපිරි "ඛාන්" නළුවන් වූ සල්මාන් හා ෂාරුක් දෙදෙනාට එම කටයුතු සඳහා ඉන්දීය රුපියල් කෝටි 3ක අයකිරීමක් සිදු කළ බව සඳහන් වේ.
සිනමා ඉතිහාසයේ නිවේදන කටයුත්ත සඳහා පුද්ගලයන් දෙදෙනෙකු අය කළ ඉහළම මුදල මෙය බව සඳහන්ය. මොවුන් දෙදෙනාට මෙවැනි විශාල මුදලක් ලබාදී තිබුණේ ඔවුන් දෙදෙනා පළමු වතාවට සිනමා සම්මාන උලෙළක් සඳහා නිවේදන කටයුතුවලට දායකව සිටීම නිසාය.
එමෙන්ම පසුගිය කාලයේ මොවුන් දෙදෙනා විරසක වී සිටි අතර, මේ වනවිට ඔවුන් දෙදෙනා ඉතාකුලුපග මිතුරන් බවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd