IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස්

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෂෝන් පොලොක්, අයි.පී.එල්. තරගාවලියේදී තමන්ට උපදෙස් දුන් බවත් ඒ අනුව පන්දු යැවීමෙන් සාර්ථකවීමට හැකි වූ බවත් තිසර පෙරේරා පවසයි. ඉන්දියාවට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේ වීරයා වූ තිසර, තරගයෙන් පසුව පැවැති මාධ්‍යහමුවේදී මේ බව පැවසීය. මෙම තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. එහිදී දකුණතින් වේග පන්දු යවන තිසර පෙරේරා සිය පළමු  ඕවර තුනේදී ලකුණු නොදී කඩුලූ තුනක් දවාගත්තේය. ෂෝන් පොලොක්ගෙන් ලැබුණු උපදෙස් පිළිබදව තිසර මෙසේ අදහස් දැක්වීය. ”ඔහු මට කිව්වා මගේ පන්දු යැවීමේ ඉදිරියව්වේදී පන්දුව අතහරින වෙලාවේදී මම ඉක්මනට නැගිටනවා කියලා. ඔහුගේ උපදෙස වුණේ පන්දුව අතින් අතහරිනකම් සාමාන්‍ය විදියට ඉදලා, පන්දුව තණතිල්ලේ පතිත කරන්න කියලා. ඒ ආකාරයට පන්දු යැවුවම පන්දුවේ මැස්ම හොඳින් තණතිල්ලේ වද්දන්න මට පුළුවන් වුණා”



අදහස් (0)

ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස්

අතපත්තු Thursday, 26 July 2012 06:37 PM

තිසර ඔබට ජයෙන් පිරි ප්‍රවේග කාරී ක්‍රීඩකයෙක්.. රිද්මය ඔය විදියටම තියාගන්න... දීප්තිමත් තරුවක් වෙන්න..!(නු)

:       0       0

සුසිල් Thursday, 26 July 2012 06:42 PM

විශිෂ්ඨයන්ගේ උපදෙස් හැමවෙලාවේදීම ඉතා වැදගත්. තමන්ගේ දැනුම භේදයකින් තොරව හැම දෙනා වෙතම ලබා දීම ඉතාම විශිෂ්ඨයි...!(නු)

:       0       0

dinesh Thursday, 26 July 2012 07:04 PM

තිසර විස්සයි 20 තරගාවලියෙදී වැඩි පුරම ඔබ ගැන බලාපොරෝතුවෙන් ඉන්නේ ඔබ ගැනයි.ඔබට සුභ අනාගතයක් ඔබගේ ක්‍රිඩා දිවිය සාර්තක වේවා. (අ)

:       0       0

ඩිලාන් Friday, 27 July 2012 12:57 PM

කවද හරි ලංකාවෙත් ක්‍රිස් ගේල් කෙනෙක් පහල වෙනවා......සුභ පැතුම්....

:       0       0

අරලියා Friday, 27 July 2012 01:05 PM

ඔයාට තියෙන දක්ෂතාවය දිගටම පවත්වාගන්න.......(ස)

:       0       0

රාජ් Friday, 27 July 2012 04:09 AM

තිසර ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. නියමයි. (නි)

:       0       0

ඉන්දි Saturday, 28 July 2012 11:22 AM

ඔබේ ක්‍රීඩා ජවය ඉතා ඉහලය. ඒය අප කණ්ඩායෙම් ජයග්‍රහණයට මනා පිටුවහලකි.ක්‍රිකට් ලොව ජය ගැනිමට ඔබ ශක්තිය ඇත. සුභ අනාගතයක් ඔබට උපෙදස් දුන් මහතාට අපෙග් ප්‍රණාමය .............. (ස)

:       0       0

අජිත් Friday, 27 July 2012 07:03 AM

බලන්නකෝ තිසර, ඊළග අයි.පී.එල්. තරගාවලියේදී වැඩිම ලන්සුව කාටද ලැබෙන්නේ කියලා. (නි)

:       0       0

ඉරේෂ් Friday, 27 July 2012 09:07 AM

තිසර අයියේ ඔයාගේ මම අනිත් ක්‍රීඩකයන්ගේ එතරම්ම නොදකින එක්තරා වැදගත් ක්‍රීඩා කෞශල්‍යක් තියෙනවා, තිසර අයියේ ඔබට ජයෙන් ජය..(ස)

:       0       0

චානක Friday, 27 July 2012 09:12 AM

සුභ පැතුම් තිසර! (නි)

:       0       0

සු‍පුන් Friday, 27 July 2012 10:10 AM

සුභ අනාගතයක් ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site