
(රෝෂන් තුෂාර)
පළාත් සභා මැතිවරණය ඔන්න මෙන්න තිබියදී රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්දියේදී රජයේ නිලධාරීන්ට බලපෑම් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ පුද්ගලික ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (15) නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොරලැස්ගමුවේ හැන්නදිගේ දයාපාල සැකකරු මෙසේ ඇප මත මුදා හල අතර සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය. සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කිරීමටද නියෝග කළේය.
2019 වසරේදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ව සහ රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටියදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම හා එම පුටු දකුණු පළාත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට බෙදා දෙමින් අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව අල්ලස් කොමිසම මගින් පැවරූ පැමිණිල්ලේ සිව්වැනි සැකකරු ලෙස දයාපාල නම්කර තිබිණ.
සැකකරු වෙනුවෙන් ජනාධීපති නීතිඥ අනුජ පේමරත්න මහතා කරුණු දක්වමින් මහ ඇමතිවරයා පුටුවේ සිටියදී පුද්ගලික ලේකම්වරයා රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම පිළිගත නොහැකි කාරණයක් බව පැවසිය.
කෙසේ වෙතත් 2019 සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් 73 හැවිරිදි තම සේවා දායකයාට මතකයක් නොමැති බවත්, විමර්ශනවලට ඕනෑම අවස්ථාවක සහාය දැක්වීමට කැමති සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අප ලබා නොදීමට තරම් කරුණක් ඉදිරිපත් නොවන හෙයින් සැකකරුට ඇප ලබා දෙන බව පැවසීය .
මේ අනුව රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනම් කරන බවට නියෝග කළ මෛත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ලබන 26 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාපාල කියන්නේ ෂාන්ගේ මස්සිනා. දැන් කිසිවක් මතක නැතිලු. මේ වගේ අපරාධකාර මස්සිනාලා දෙන්නෙක් දකුණු පළාතේ ඉපදිලා නැහැ.