
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පනත් කෙටුම්පත සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රක්ෂණ ක්ෂේත්රයේ අධ්‍යාපනය ප්‍රවර්ධනය සහ වැඩි දියුණු කිරීමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ක්‍රියා කිරීම සඳහා 1982 වර්ෂයේදී ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පිහිටුවා ඇති අතර, එය රක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් හා පුහුණු කිරීම් සහ වෘත්තිමය විභාග පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ එකම වෘත්තීය ආයතනය වේ. 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ බල පත්‍රලාභී රක්ෂණ නියෝජිතයකු වශයෙන් සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් පවත්වනු ලබන විභාග සමත් වීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයට සිය කාර්යයන් විධිමත් පරිදි සිදු කිරීම සඳහා අවශ්‍ය බලතල සලසා දීමට සහ මුල්‍යමය වශයෙන් තිරසර ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම සඳහා 2018 සහ 2019 වර්ෂ වලදී එවකට මුදල් විෂය භාර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම පිණිස මුලික පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. එම මූලික පනක් කෙටුම්පත සඳහා වර්තමාන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ එකඟතාව ලැබී ඇත. එකී මූලික කෙටුම්පත් මත පදනම්ව, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd