පානදුරේ පාසලක ශිෂ්‍යනායිකාවක එහි ශිෂ්‍යාවකට පහර දුන්නැයි පොලිසියට පැමිණි කර ඇත. පහර කෑ බව කියන දැරිය රෝහල් ගත කරනු ලැබිණි. ශිෂ්‍ය නායිකාව පාසලේ උඩමහලේ සිට එම සිසුවියට කඩල ඇට වලින් ගැසූ බවත් ඊට විරෝධය පළ කළ විට පහර දුන් බවත් ශිෂ්‍යාව පොලිසියට කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය නායිකාවට ටිකක් පිස්සු වගේ (නි)
දරුවන්ට තරහා යන්නේ රෑපවාහිනි ටෙලි නාට්‍ය නිසා.....(ස)
වහාම ශිෂ්‍ය නායකකමින් ඉවත් කළ යුතුයි. (නි)
ශිෂ්‍ය නායිකාවක් කියන්නෙ පිරිසක් මෙහෙයවන කෙනෙක්.එයා ඉන්න ඕන අනිත් අයට ආදර්ශයක් වෙන විදියට, පුංචි කාලෙ තනතුරක් ලැබුණම මෙහෙම නම්, ලොකු වෙලා තනතුරක් ලැබුණම කොහොම වෙයිද මේ දරුවො..... (ස)
අපි ඉස්කෝලේ යන කාලේ ඔලුත් පලාගෙන තියෙනවා. අපේ අම්මල තාත්තල පොලිසි ගියේ නෑ. අපට දඬුවම කලේ එයාලයි විදුහල්පති තුමයි විතරයි. ඒ කාලේ ඔලු පලාගත්ත කොල්ලෝ අද පන වගේ මිතුරෝ. දරුවෝ අතර විවාහ ඇතිවෙලා සමහරු නෑයොත් වෙලා. (ස)
ස්කෝලෙ යන කාලේ අපිට කොච්චර ගැහුවද? ඒත් අපි ඕව අම්මලට කිව්වෙ නෑ.ඒත් දැන්.......... (ස)
දැන් ලංකාවේ පොඩි එකාගේ පටන් මහඑකා දක්වා පොඩි දේකටත් පොලිසියට යන්න පුරුදුවෙලා. ඒක තමයි වැරැද්ද. (නි)
රටේ සමහර දේශපාලන නායකයින් හැසිරෙන ආකාරය ආදර්ශයට ගන්න ඇති (නි)
පොල්ලකින් ගහලාද තුවාල වෙන්න? දැන් ඉන්න කෙල්ලො හරි චන්ඩිණේ. (නි)
ගෝරියටමයි බර. ඒකට අම්මලා තාත්තලාත් උදවු වෙනවා. (නි)
අනේ මේ පාසලේදි රණ්ඩුවෙනව කියන්නේ ඔය තරම් ඒ තරම් දෙයක්ද? හෙට වෙද්දි යාළු වෙයි..! (නු)
ළමයි අතර වෙන රණ්ඩු ඒ වෙලාවට විතරයි (නි)
නායිකාව උල තියන්න ඕනෑ. (නි)
හෙට ප්‍රවෘත්තිය. "නැහැ මට එම ශිෂ්‍ය නායිකාව ගැහුවේ නැහැ. මමම ගහගත්තා. මම කඩල ඇටයක් එයාට දුන්නා, එයා ඒක කෑවා, කියලා ගුටිකාපු ළමයා කිව්වා. ශිෂ්‍ය නායිකාවත් කිව්වා නැහැ මම ගැහුවේ නැහැ. ඒ නංගී මට කඩල ඇටයක් දුන්නා මමත් ඒක කෑවා කියලා. මට එතනින් එහාට මුකුත් මතක නැහැ කියලා. පසුව පාසලේ ප්‍රින්සිපල්ට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න නියමිතය"... (නි)
අපි ඉස්සර පාසල් යන කාලේ අපිට සර්ලා මිස්ලා ගැහුවා. දැන් ළමයින්ගෙන් ගුටිකනවා (නි)
සමහර අහිංසක මහත්වරුන්ගේ සිත් රිදුන තරම.... උල තියන්නත් කතා කරලා. පවු. (නි)
ශිෂ්‍ය නායිකාවට ගැහැණු ළමයි පෙන්නන්න බැරුව ඇති (නි)
ශිෂ්‍ය නායකකම ඔලුවට ගහලා ,අනේ මෙහෙමත් මෝඩයෝ , ඇමති කමක් එහෙම දුන්නොත් මරයි (ස)
මෙයාව තියන්න වටින්නෙ නැහැනේ (නි)
ළමයින්ගෙන් කෙනෙක් උසස් කරලා තනතුරක් දෙන්නේ පහළ ඉන්න අයව තළා පෙළා හැසිරෙන්න නෙමෙයි (නි)
නායිකාව ගෑණු ළමයින්ට අකමැති ඇති. (නි)
මේවා ලොකු දෙයක් නෙමෙයි. මිට වැඩිය රටේ මොනතරම් දේවල් වෙනවාද?(නු)
දැන් ඉන්න කෙල්ලන්ට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
කෙලින්ම දාන්නකෝ පාසලේ නම (නි)
අපි පාසලේ ගුටිකාපු විදිය දාන්න මේ පත්තරේ ඉඩ මදි. (නි)
දූලා ටිකත් රෙකෝඩ් එකක් තිබ්බ පාටයි. (නි)
නියම නායිකාවක්. (නි)
කෙනෙකුට යම් තත්වයක් ලැබුණාම නිහතමානී විය යුතුයි.. අනික ගැහැණු ළමයි..!(නු)
පියා කඩල බිස්නස් වෙන් ඇති කරන්නේ......(නු)
කඩල ඇට වලින් ගැසීමේ අරමුණ තේරුම් අරගෙන නැහැ වගේ..!(නු)
අයියෝ මේ මොනවාද? ළමා ලෝකය මොන තරම් සුන්දරද? මේ දරුවා ඊළග දවසේ ආයෙමත් යාළු වෙයි..!(නු)
දැන් දැන් කෙල්ලොත් කොල්ලෝ වගේම චණ්ඩිකම් කරනවා. (නි)
දෙමව්පියො ළමා සුන්දර ලෝකය දෙදරවයිද? මේ දරුවො ඊළග දවසේ ආයෙමත් යාළු වෙයි (නු)
ළමයි උනාම මෙවැනි වැඩ කරනවා. නමූත් නායක පටිටමකූත් තියෙන විට ඔවැනි වැඩ කිරීම සූදූසූ මදි.... (නු)
පාසල් සිසුන්ටත් දැං හොස්ස ළගින් මැස්ස යන්න බැහැනෙ.. ගොරියටමයි බර..!(නු)
කඩල ඇට වලින් ගැහුවේ මොකෝ දන්නෙ නැහැ? (නි)
ගණන් ගන්න එපා
ලොකු වැඩක් කරලා
පාසල් පද්දතියත් ඉවරද
මේවත් දැන් වෙන්න පටන් අරන්ද අප්පා? (නි)
දැන් පොඩි පහරකෑමකටත් රෝහල් ගතවෙනවානේ (නි)