ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ගත් තීරණය අනුව පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබුණු නව උපදෙස් නොසළකා හරිමින් කටයුතු කරණ ලෙස ද අමාත්‍යවරයා පවසයි. ශිෂ්‍යත්වය පෙරපරිදි පැවැත්වීමට තීරණය කළේ දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා බවත් ඉදිරියේ දී ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්නා බවත් ඇමති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තීරණයට අපි කැමතියි (නි)
චන්දිමා, ඔයාගේ පුතාට පෙර පිනක් තිබුනොත් පාසලක් ලැබේවි. මගේ පුතා යන්නෙත් ඔයා සඳහන් කළ පාසල් දෙකෙන් එකකට. එයාගේ පන්තියේ ඉන්නවා පැවතුන රජයේ දේශපාලන සම්බන්ධකම් තිබුන ටෙලි නිළියකගේ පුතෙක්. සැමියා ආදි ශිෂ්‍යයෙකුත් නෙමෙයි. ඉන්නෙත් පාසලේ සිට අවම බස් දෙකකින් යන දුර. නමුත් ළමයා මේ පාසලේ පළවෙනි ශ්‍රේණියටම ඇතුළත් වුණා. ඔන්න පසුගිය කාලයේ වුණ දේවල් (නි)
ළකුණු ක්‍රමයේත් වෙනසක් ඇතිකරන්න (නි)
පාසල් වලට ඇතුළත් කරගන්න ගණන පසුගිය රජය විසින් අඩුකරලා. සමහර පාසල් වලට ගන්නෙත් නැහැ. (නි)
පසු ගිය වසර 10ක් තුලදී එක එක වසර තුල ඇතුලත් කල සිසුන් ගණන සලකා බැලීමේදී මෙම ශිෂත්වය කප්පාදුවට ලක්වී ඇති බව පැහැදිලිය. කන්නන්ගර මැතිතුමා ඇති කල මෙය නැවත ඇති කර දෙන මෙන් අපි ගරු ජනාදිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. (නදී)
චන්දිමා , මෙතන තිබෙන ප්‍රශ්නය ජනප්‍රිය පාසල් වලට පසුගිය කාලයේ දේශපාලන ලැයිස්තු වලින් ළමයින්ව දමා පන්ති පිරිලා. දැන් කියනවා පිටින් ශිෂ්‍යත්වය සමත් ළමයින්ව ගන්න පන්තිවල ඉඩ තියෙන්නේ අච්චරයි මෙච්චරයි කියලා. (නි)
හරියටම හරි. (ර)
සමහර ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කිරීම නවතා ඇත.(හේ)
කාලෙකට වෙනස් කරනවලු, තව කාලෙකට වෙනස් කරන්නේ නෑලු. අනේ මන්ද?(හේ)
මගේ පුතා ලකුණු 179 යි. නමුත් පෙනෙන විදියට පාසලක් නැහැ. ආනන්ද රෝයල් සිසුන් ගණන මෛත්‍රී පාලනය තුල වැඩි වෙන්නේ නැද්ද ? (නදී)
නුසුදුස්සන් 'පොරවල්' විය, අපේ දරුවන් නොකවුට් විය (නි)
උපුල්, වෙලා තියෙන්නේ රජය ඇතුළත් කරගන්න ළමයින් අඩු කරලා නෙමෙයි. රුවනි කියන වැඩේ සිද්ධවෙලා. මට ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍යාවක් වෙලත් මගේ දුව මගේ පාසලේ පළවෙනි පන්තියට ඇතුළත් කරගන්න බැරි වුණෙත් ඔය දේශපාලක ලැයිස්තුව හින්දම තමයි. (නි)