IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නෑ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ගත් තීරණය අනුව පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබුණු නව උපදෙස් නොසළකා හරිමින් කටයුතු කරණ ලෙස ද අමාත්‍යවරයා පවසයි. ශිෂ්‍යත්වය පෙරපරිදි පැවැත්වීමට තීරණය කළේ දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා බවත් ඉදිරියේ දී ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්නා බවත් ඇමති කීවේය.



අදහස් (0)

ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නෑ

නිමල් Tuesday, 20 January 2015 06:19 AM

ඒ තීරණයට අපි කැමතියි (නි)

:       0       0

මාලති Tuesday, 20 January 2015 07:12 AM

චන්දිමා, ඔයාගේ පුතාට පෙර පිනක් තිබුනොත් පාසලක් ලැබේවි. මගේ පුතා යන්නෙත් ඔයා සඳහන් කළ පාසල් දෙකෙන් එකකට. එයාගේ පන්තියේ ඉන්නවා පැවතුන රජයේ දේශපාලන සම්බන්ධකම් තිබුන ටෙලි නිළියකගේ පුතෙක්. සැමියා ආදි ශිෂ්‍යයෙකුත් නෙමෙයි. ඉන්නෙත් පාසලේ සිට අවම බස් දෙකකින් යන දුර. නමුත් ළමයා මේ පාසලේ පළවෙනි ශ්‍රේණියටම ඇතුළත් වුණා. ඔන්න පසුගිය කාලයේ වුණ දේවල් (නි)

:       0       0

යොහාන්‍ Tuesday, 20 January 2015 12:23 AM

ළකුණු ක්‍රමයේත් වෙනසක් ඇතිකරන්න (නි)

:       0       0

උපුල් Tuesday, 20 January 2015 02:20 AM

පාසල් වලට ඇතුළත් කරගන්න ගණන පසුගිය රජය විසින් අඩුකරලා. සමහර පාසල් වලට ගන්නෙත් නැහැ. (නි)

:       0       0

උපුල් Tuesday, 20 January 2015 08:52 AM

පසු ගිය වසර 10ක් තුලදී එක එක වසර තුල ඇතුලත් කල සිසුන් ගණන සලකා බැලීමේදී මෙම ශිෂත්වය කප්පාදුවට ලක්වී ඇති බව පැහැදිලිය. කන්නන්ගර මැතිතුමා ඇති කල මෙය නැවත ඇති කර දෙන මෙන් අපි ගරු ජනාදිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. (නදී)

:       0       0

රුවනි Tuesday, 20 January 2015 02:58 AM

චන්දිමා , මෙතන තිබෙන ප්‍රශ්නය ජනප්‍රිය පාසල් වලට පසුගිය කාලයේ දේශපාලන ලැයිස්තු වලින් ළමයින්ව දමා පන්ති පිරිලා. දැන් කියනවා පිටින් ශිෂ්‍යත්වය සමත් ළමයින්ව ගන්න පන්තිවල ඉඩ තියෙන්නේ අච්චරයි මෙච්චරයි කියලා. (නි)

:       0       0

බණ්ඩා Monday, 19 January 2015 03:55 PM

හරියටම හරි. (ර)

:       0       0

උපුල් Tuesday, 20 January 2015 03:41 AM

සමහර ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කිරීම නවතා ඇත.(හේ)

:       0       0

ජනක Tuesday, 20 January 2015 03:44 AM

කාලෙකට වෙනස් කරනවලු, තව කාලෙකට වෙනස් කරන්නේ නෑලු. අනේ මන්ද?(හේ)

:       0       0

චන්දිමා Monday, 19 January 2015 05:30 PM

මගේ පුතා ලකුණු 179 යි. නමුත් පෙනෙන විදියට පාසලක් නැහැ. ආනන්ද රෝයල් සිසුන් ගණන මෛත්‍රී පාලනය තුල වැඩි වෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 19 January 2015 06:05 PM

නුසුදුස්සන් 'පොරවල්' විය, අපේ දරුවන් නොකවුට් විය (නි)

:       0       0

චාන්දනී Tuesday, 20 January 2015 05:41 AM

උපුල්, වෙලා තියෙන්නේ රජය ඇතුළත් කරගන්න ළමයින් අඩු කරලා නෙමෙයි. රුවනි කියන වැඩේ සිද්ධවෙලා. මට ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍යාවක් වෙලත් මගේ දුව මගේ පාසලේ පළවෙනි පන්තියට ඇතුළත් කරගන්න බැරි වුණෙත් ඔය දේශපාලක ලැයිස්තුව හින්දම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site