ගම්පහ යක්කල විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසකට අද පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිරීමට පෙර ගුරුවරු දෙදෙනෙකු විසින් සාකච්ඡා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු බවත්, ඒ ගැන විධමත් පරීක්ෂණයක් පවත්වන බවත්, එහි සත්‍ය අසත්‍ය තාවය කිව හැක්කේ පරීක්ෂණයෙන් පසුව බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එම් කේ එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහද්දිත් හරි පිලිකුලක් ඇතිවෙන්නේ (ස)
හැම විභාගයකම වගේ මේක වෙනවා (නි)
මගේ පුතාත් මේ පාර විභාගය ලිවුවා (නි)
දේවිකා, විකාර කතා කියවන්න එපා (නි)
මේවා අධ්‍යාපන අපරාධ (නි)
කොහොමද එහෙම උනේ
සැමදෙනාටම සාධාරණට ඉටුවිය යුතුයි...පව් අසරණ ළමයි...විභාග කොමසාරිස්තුමා සාධාරණ තීන්දුවක් ගත යුතුයි...(ස)
ලංකාවේ අධ්‍යාපනය දැන් ගතකරන්නේ අවසාන සමය.. දේශපාලන ඇගිලි ගැසීම් නිසා ආයේ කවදාවත් හරි මගට ගන්න බෑ..(ස)
අද කාලෙ ඔය සමහර වගකිවයුතු තනතුරු ඔහේ ගානක් නැතුව කරගෙන යනවා. මොන වැරැද්ද වුනත් ගානක් නෑ. ඕව මේ මීට ඉස්සරත් වෙලා තියෙනවා. ඕන්නං ලකුණක් දෙකක් එහා මෙහා වෙයි. ඕව ඔච්චර ගනන් ගන්න දේවල් නෙමෙයි. මේ මාධ්‍ය තමයී ඕව අවුස්සන්නෙ කියල කවුරු කවුරුත් ඇඟ බේරගෙන ලිස්සල යන්නැද්ද බලන්න.(ස)
පොඩි එවුන්ටත් උසාවියට යන්න වෙයිද දන්නෑ (ස)
මේ පුංචි ළමයි පව්.. මේකට මහන්සි වෙන හැටි දැක්කම....(නු)
ෂෝක් ෂෝක් ඔහොම යන. සාමාන්‍ය පෙළ ලියන අය ටික පාඩම් කරන්න හෙම ඕනෑ නැහැ. ඔයාලටත් ෂෝක් එකට පේපර් ටික හම්බවෙය. ඕක ඉතින් ලිව්වා කියලා ඇති වැඩකුත් දැන් නෑනේ. කරන්න ඉන්න විෂයන් ටිකට ප්‍රතිඵල එයිද කියලාත් ෂුවර් නෑන. සිංහල ලිවුවොත් සමහර විට අරාබි වලට ප්‍රතිඵල එන්න පුලුවන්.ඒක හින්දා දැන් ඉස්සරහට විභාග ලියන අයට දෙන්න තියෙන පණිවිඩය තමයි දන්න කියන කර්මාන්තයක් හොයාගන්න තියන එක.ලංකාවේ විභාග ලියනවා කියන්නේ බොරු කාලේ කා දැමීමක් විතරයි. (නි)
මේක ගම්පහ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. පොල්ගහවෙලටත් පේපර් එක ඇවිත් තිබුණා. එක් ශිෂ්‍යත්ව ගුරුවරයෙක් ඔහුගෙ පුද්ගලික පන්තියට සහභාගි වෙන තෝරාගත් ළමයින් කොටසකට රහසිගතව සෙනසුරාදා දිනයේ සැකසහිත ප‍්‍රශ්ණ පත‍්‍රයක් කරන බව දැනගත් පසු මා ඒ බව විභාග අක‍්‍රමිකතා දැණුම් දීමට මහජනයා වෙත ලබා දී තිබූ අංකයට සැණුම් දුන්නත් ඔවුන් කීවේ ඔවුන් ඒ ගැන සොයාබැලූ බවත්, එවැන්නක් සිසුවී නැති බවත්ය. එහෙත් එම පන්තිය පැය දෙකක කාලයක් පැවැත්වූ අතර, එම පන්තියට සහභාගීවූවන්ගේ මාර්ගයෙන් රාත‍්‍රී 10 පමණ වන විට සමහර ප‍්‍රශ්ණ බොහෝ දෙමව්පියන් වෙත ලැබී තිබුණු බව පසුදින දැනගන්නට ලැබුණා. තත්වය මෙසේ නමුත් විභාග දෙපාර්තමේන්තුව මේවා මගහරින බවනම් විශ්වාසයි. මේ අසරණ දරුවන්ට සිදුවන අසාධාරණයක්. (ස)
අධ්‍යාපනය පැත්ත ගැන නම් මුකුත් කියනවට වැඩිය නොකියාම ඉන්න එක හොදයි. (නි)
පොඩි දරුවො පව්.. විභාග කොමසාරිස්තුමනි සාධාරණය ඉටු කරන්න.. මේ නිලධාරීන්ට නිසි පරීක්ෂණයක් සිදුකරන්න.. නැවත විභාගය පවත්වනවානම් හොදයි..!(නු)
හැම තැනම ලොකු පටලැවිලි තියෙනව. බලධාරීන් කොලේ වහනවා මිසක් සුදුසු පිළියම් කරන්නේ නැහැ. හැමෝගෙම කිල්ලෝට වල හුණු ඇත. නේද? (නි)
පුද්ගලික පන්ති වල ගුරුවරුන්ට අවශ්‍ය වන්නේ කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීමටයි. (නි)
තරුණයන්ට හෙටක් සහ සුභ අනාගතයක්. (නි)
ශිෂ්‍යත්වයත් ඉවරයි
කොහොමද එහෙම උනේ
කොමසාරිස් තුමනි, කරුණාකර විභාගයනම් තහනම් කරන්න එපා..(ස)
ළමයිනේ දැන් මොකද කරන්නේ...(ස)
අනේ අපේ දුප්පත් දරුවන්ට ගිය කල? (නි)
අද උදෑසන 9.30. ඇරඹුන ශිෂ්‍යත්ව විභාගයට මාගේ දියනියද මාර/දික්වැල්ල විජිත මැදි මහ විදුහලින් පෙනී සිටියා.ඇය පලමු ප්‍රශ්ණ සඳහා පිලිතුරු සපයද්දී මට ලැබුන දුරකථන ඇමතුමකින් කියවුනේ රචනාව ලෙස ලැබෙනුයේ ජාතික කොඩියේ අභිමානය බවත් ළමයා ඒ සඳහා සකසන ලෙසත්ය.මා එය බැහැර කලද එම දුරකථන ඇමතුමම ලද අනෙකුත් දෙමාපියන් තම දුවා දරුවන් ඒ සඳහා යුහුසුලුව සකසන අයුරු මම සියැසින් දැක ගතිමි.දුරකථනකරු නිවැරදිය.පාලකයන් විසින් දුෂනය කොට මරා දමන ලද අධ්‍යපනය නම්වු යෞවනියගේ විභාග ක්‍රමවේදය නමති පතිවත පිලිබඳ තව දුරටත් විශ්වාස කල මම පරාජය වීමි අදදින මේ විදුබිමේදී විද්‍යමන කලේ ඒ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ මළගම බව මම සිතමි...!!(නු)
මේක නම් මාර වැඩේ නේ? (ත)
විෂය නිර්දේශය අනුව කතා කරන්න ඇති. (ත)
අනේ මේ කවුරුත් සෙල්ලම් කරන්නේ අධ්‍යාපනයත් එක්කනේ. රජකාලෙ දඩුවම් දෙන්න ඕන. (ත)
ආපහු විභාග අවුලක්. (ත)
මේවයෙන් අපට හැගෙන්නේ මේ අයට විභාගයක්වත් තියා ගන්න බෑ. (ත)
"මේකත් ජාතික වස්තු සොරාගත්තට වඩා ලොකු අපරාදයක්,ඇත්තනම් ගුරුවෘතියෙන් නෙරපිය යුතුයි..නැතිනම් තවත් දරුපිරිසකට වෙන අසාධාරනයක්. (අ)
ලංකාවේ අධ්‍යාපනය මොකාටද ගිහින්. (ත)
විභාග දෙපාර්තමේන්තුවට වැරදුනාම සුළු වැරදි.. ළමයින්ට සුළු වැරදීම ජීවිත කාලයට බලපානවා.. මේකද ලංකාව...?(නු)
පහේ ශිෂ්‍යත්වය වත් හරියට තියාගන්න බැහැනෙ ගැටලුවක් නැතිව..(නු)
ඡන්ද කොමසාරිස් නම් බැනුම් අහන්නේ නැතිව ගානට වැඩේ කරගෙන යනවා. ඒ උනාට මේ කොමසාරිස් බැනුම් අහලා ඉවරයක් නැහැ වගේයි..!! විභාගයක් තිබ්බොත් ඉවරයි..!!(නු)
ඔය කියන තරමටම මේවා ඇත්තද?(නු)
විභාග කොමසාරිස්තුමනි, ලංකාවේ සෑම සිසුවකුටම අසාධාරණයක් නොවෙන විදියට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න. වගකියයුතු සියලු දෙනාට දඩුවම් දෙන්න. (ත)
කාලයට ඔබින ගීතය තමයි, "මේ රටේ මිනිස්සු, තනිකර...." ගීතය. (නි)
අධ්‍යාපනයේ ඉතුරු ටිකත් කොහොම හරි කෑවහම හරි. අනේ සාධූ! (නි)
කවුද මේවට වග කියන්න ඕනෑ? රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන්ද? (නි)
ඕක මොකක්ද ? ඔයිට වඩා දේවලුත් වෙලා තියෙන්නේ..අනේ පව් ළමයි...(ස)
පහේ ශිෂ්‍යත්වය වත් හරියට තියාගන්න බැහැනෙ ගැටලුවක් නැතිව (ස)
හැම දරුවෙක්ම අපේ දරුවන් නේද, එහෙම කරන අය ගුරුවරුන් නොවේයි. (අ)
පසුගිය වසරෙත් මෙයම වුනා. මේ පාර ප්‍රතිඵල ඉක්මනට දුන්නත් හරියයි. පව් අහිංසක දරුවෝ (ස)
පසුගිය වසරෙත් මෙයම සිදුවුනා. ඉක්මනට ප්‍රතිඵල නිකුත් කරල ඇග බේරා ගත්තා (ස)
ටියුෂන් තමයි මේ සියල්ලටම මුල (නි)
අනේ මෙයාලා පහේ ශිෂ්‍යත්ව විභාගෙත් ෆේල් නේ (ස)