කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට කැඳැවූ හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් පොලිසිය පැය හයක් ඇගේ වත්කම් ගැන ප්‍රශ්න කළේය.
උදේ 9.30ට පමණ පොලිසිය ගිය ඇය මීට ටික වේලාවකට පෙර පිටව ගියාය.
කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට කැඳැවූ හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් පොලිසිය පැය හයක් ඇගේ වත්කම් ගැන ප්‍රශ්න කළේය.
උදේ 9.30ට පමණ පොලිසිය ගිය ඇය මීට ටික වේලාවකට පෙර පිටව ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දුක් විඳලා ඉගෙන ගෙන රැකියාවක් කරමින් බදු ගෙවනවා. (ර)
ඕකත් ඉතින් අහන්න ඕන ප්‍රශ්නයක්ද? (ර)
ඔය කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු තියනවා. ඇයි තෝරාගත් අයගේ කිල්ලෝට පමණක් බලන්නේ.? (ර)
මේවා සමාජයට හෙලිකල යුතුමයි. (ර)
රටේ රුපියල් කෝටි ප්‍රකෝටි වලින් මහජන මුදල් ගසා කාපු අයට කිසිම නීතියක් රීතියක් නැහැ. (ර)
මේ කියන විදියට ඉතින් රටේ ඉන්න හැම පුරවැසියෙකුටම ආදායමක් නැතුව ඉඩම් ගන්න පුළුවන් වෙන්න ඕනෑනේ? (නි)
රටේ ජාතික ධනය හොරකම් කළ අයට දෙවියන්ගෙන්වත් සමාවක් නැත. (නි)
කිසිම උගත්කමක්, පිළිගත් වෘත්තියක්, ආදායම් මාර්ගයක් පරම්පරාගත බුදලයක් නැතුව කොළඹ හතේ මැඩම්ලා වගේ ඉන්න කාන්තාවන් ගැන දන්නෝ දනිති. (නි)
විමල්ගේ මුහුණ ප්‍රීතියෙන් නැහැවිලා වගේ සිනාසෙනවා. ඉදිරියට තව හිනාවෙන්න දේවල් රාශියක් සිදුවේවි..." සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බැහැ මිනිසා....හිතේ ඇති දේ කවුද දන්නේ...." (නි)
දුල්මි,අපේ සමාජවාදී නායකයෙකුගේ බිරිඳක් හොඳින් කාලා බීලා ඉන්නවට ඔයාගේ තිබෙන ඊර්ෂ්‍යාව මොකක්ද? (නි)
කාන්තාවන් දුක් මහන්සිවෙලා ඉහළට ඉගෙනගෙන රැකියාවන් කරන්න මහන්සිවෙන්නේ අහවල් දේකටද දුල්මි? අට පාස් දේශපාලුවෙක් බැඳගත්තා නම් කවුරු කවුරුත් භාර්යාවන් වීම කෙසේ වෙතත් ආර්යාවන් තමයි. (නි)
දේශපාලක නෝනලා සහ නිළියන් වගේම ඉහළ පෙළ ව්‍යාපාරික කාන්තාවන් කියන්නේ පෙර පින් ඇති උදවියනේ සමන්ති. අපි ඒ අයගේ යසඉසුරු වලට ඊර්ෂ්‍යා කරන්න නරකයි. (නි)
ඉඳිනා ඉඳුම තිබෙනා ගෙවල් වලින් පෙනේ ...රඟනා රැඟුම බඳිනා කොණ්ඩයෙන් පෙනේ. ...(කොණ්ඩය බඳින ආකාරයෙන් බවලතුන් ගැන බොහොම දේවල් හිතාගන්න පුළුවන්) (නි)
අනේ අපේ මහත්තයා නම් ලොක්කෙක් නෙමෙයි. සමාජ සම්මතයේ හැටියට පොහොසතෙකුත් නෙමෙයි. හැබයි අපි බොහොම සතුටින් තියන හැටියට දෙන්නාගේ රැකියාවල් දෙකෙන් හරි හම්බකරගෙන දරුවොත් එක්ක ජීවත්වෙනවා. බවලතෙකුගේ සතුට රැඳිලා තියෙන්නේ සැමියාගේ සමාජ තත්වය හෝ යස ඉසුරු මත නෙමෙයි. මොනවා තිබුනත් මොකටද , ජීවත්වෙන්නේ රෑට සැනසීමෙන් නින්ද යන්නේ නැති ජන්ජාල ගොඩක නම්. (නි)
මේ දේවල් කරන්නේ මහ ජනතාවට පෙනෙන්න විතරද? කිසිම දෙයක් කෙරෙන බවක් නම් පෙනෙන්න නැහැ (නි)
නීතියක් කියල තිබෙන රටකනම් මේ වෙනකොට මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු අය ඉන්නේ "මහගෙදර" යකඩ කුරු ගණන් කර කරයි. (ම)
අපේ සමාජවාදී නායකයට සහ බිරිඳට මොනවත් කියන්න එපා.එයාලා හම්බ කලේ දුක් මහන්සියෙන් නේ නේද?(ම)
සරසිගේ කතාවට මට හිනා ගියා (නි)
අපී හොරකම් කරලා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යැව්වා නම් නැවත එළියට එන්න වෙයිද කියලත් විශ්වාස නැහැ (නි)
"මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාශය" කියදිත් දැන් නම් එපාවෙලයි තියෙන්නේ. (නි)
"මහජන මුදල් කොටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු අයට දඩුවම් දෙනකම් අපි බලන් ඉන්නවා.අද දඩුවම් දේවි,හෙට දඩුවම් දේවි කියල.......(ම)
පාන් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන්, හාල් ටිකෙන්, ගෑස් ,කිරිපිටි ටිකෙන්,.....ගෙවන කප්පම් වලට අමතරව, මම අවුරුද්දකට රුපියල් ලක්ෂයකට වඩා "බදු මුදල් වසයෙන් කප්පම්" ගෙවනවා.ලංකාවේ ජීවත්වෙන අනික් මිනිස්සුත් හිඟන්න්ගේ ඉඳලම බදු මුදල් වශයෙන් කප්පම් ගෙවනවා.අපිට අයිතියක් තිබෙනවා අපේ ඒ ගසාකන කප්පම් මුදල් වලට මොනවද කළේ කියලා දැනගන්න. (නි)
සමාජවාදියගේ ගෙදර බලු කුඩුවත් වායුසමීකරණය කරලා.අධි සුඛෝපබෝගී නිවාස දෙකේ මාසෙකට විදුලි බිල පමණක් රුපියල් ලක්ෂ 2.65.එ්ක ගෙවන්නෙත් අමාත්‍යංශයෙන් අපේ මහජන මුදලින් .ඒ වුනාට කතාව අපි හොරකම් කරලා වගෙයි. (බ)
කොහොම හරි පොටක් පාද ගන්න ඕනේ. (ර)