(විනීතා එම් ගමගේ)
නව අධිකරණ පිහිටුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන සහිතව නව අධිකරණ පිහිටුවීම සිදුකරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව මෙම අධිකරණ ක‍්‍රියාත්මක වන බවත් ඒවා පිහිටුවීම හැර වෙනත් කිසිදු කටයුත්තකට අධිකරණ අමාත්‍යංශ මැදිහත් නොවන බවත් අමාත්‍යවරිය කීවාය.
ක‍්‍රමවේදයන් තුනක් යටතේ මෙම අධිකරණ කි‍්‍රයාත්මක ආරම්භ වන බව පැවසූ අමාත්‍යවරිය අධිකරණ අමාත්‍යංශය විසින් අධිකරණ පිහිටුවා දුන් පසු පළමු නඩුව අසන දිනය තීරණය කිරීම හා නඩුකාරවරු පත්කිරීම අගවිනිසුරුවරයා සිදුකරනු ඇතැයි අතුකෝරල මහත්මිය ප‍්‍රකාශ කළාය.
එහි අසන පළමු නඩුව කුමක් ද යන්න තීරණය කරන්නේ නීතිපතිවරයා විසින් යැයි ද ඇය ප‍්‍රකාශ කළාය.
අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (8) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය පසුවී හරි කල හොද දෙයක්. ජයවේවා. හොරු අසුවෙවා.
නොකළයුතු පත්වීමක් ගැන මාධ්‍යවේදියෙක් එතුමියගෙන් ප්‍රශ්න කලාම එතුමිය අපහසුතාවයට පත් වූ හැටි අපි දැක්කා. ඇත්තෙන්ම පව්.
ඔය බයිලා ගැහුවට ඔය සංශෝධන විදේශයන් සකස් කරලා දීල තියෙන්නේ මේ රට විනාශය කර ගෙන යාම තමයි සිදුවන්නේ.